ගෝනසිහ පබ්බත ආරණ්‍යය
සටහන සහ ඡායාරූප
මාතලේ උදුලා ශි්රයානි ජයවීර
මාතලේ නගරයේ සිට ‘ගෝනසිහ පබ්බත’ ආරණ්‍යයට යෑමට මාර්ග දෙකක් තිබේ. එකක්
නම් ගලේවෙලට ගොස් කුරුණෑගලින් කලාවැව පාරට වැටී බුලනවැව හන්දිය පසුකර
විශාල ගල්වැඩපොළ අසලින් ඇතිපාරේ දකුණට හැරී කැලෑව තුළට කිලෝමීටර් 6 ක්
පමණ ගමන් කිරීමය.
විශාල ගලෙන් තැනූ මල් ආසනය සහිත ගරා වැටුණු චෛත්‍යය |
‘ගෝනසිහ පබ්බත’ හෙවත් ගොන්මොට්ටාව කන්ද ආරණ්‍යයට යා හැකි අනෙක් ක්‍රමය
වන්නේ දඹුල්ලට ගොස් කුරුණෑගල පාරේ තෙන්නකෝන් හන්දිය පසුකර කිලෝමීටර් 8
ක් පමණ වාහනයකින් ගමන්කර ගල්වැඩපොළ හමුවී වමට ඇති පාරේ කැලය තුළට
කිලෝමීටර් 3 ක් පමණ ගමන් කිරීමෙනි.
මෙම ආරණ්‍යයේ ඉතිහාසය ක්‍රි.ව. 2 වැනි ශත වර්ෂයට නෑකම් කියන බව
‘ඓතිහාසික මාතලේ’ කෘතියේ සෙල්ලිපි විස්තරයේ දැක්වේ. “බත බොදක කිතන
ලෙනේ” වශයෙන් එකල නම් කෙරුණ ‘ගොන්මොට්ටාව කන්ද ‘එසේ නම් කෙරුණේ ගොනකුගේ
මොල්ලිය මෙන් නොහොත් හිස මෙන් දිස්වීම හේතුවෙනි.
මෙම ගොන්මොට්ටාව කන්ද ආරණ්‍යයේ ඇති ලෙනක ‘පරුමක’ යන වචනය කොටා ඇත. එය
ප්‍රදේශ අධිපතියන්ගේ ලෙන් පූජාවක් බව කියැවෙන අයුරුය.
ලංකාවේ විශාල නා උයන් 7 ක් තිබූ බව පොතපතෙහි සඳහන්ය. විශාලම නා උයන රෝස
තිරුවානා කන්දේ ඇති නා උයනය. දෙවැනි නා උයන ඇත්තේ මෙම ගෝනසිහ පබ්බත
ආරණ්‍යය පිහිටි ප්‍රදේශයේය. අක්කර 35 ක් පුරා එය විසිරී පවතී. නා උයන
මැද පිහිටි ලෙන් රාශියක් දක්නට තිබේ. සමහරක් කාලයාගේ ඇවෑමෙන් පසින්
යටවී ඇත.
වෑගොඩපොළ කුසලඤාණ හිමියන් දැනට වසර 22 ට පමණ පෙර මෙම ස්ථානයට වැඩම කර
කැලෑව එළිපහෙළි කර ජරාවට පත්ව තිබූ ගරා වැටුණු චෛත්‍යයද එළිපෙහෙළි කර
වන්දනා කිරීමට සුදුසු පරිදි සකස් කර තිබේ.
භාවනා කුටියක් |
පසින් වැසී තිබූ ලෙන් කිහිපයක් මතුකර ගෙන ඇති අතර ඒවායෙහි භික්‍ෂූන්
වහන්සේට නේවාසිකව වැඩ සිටීමට කුටි ඉදිකර තිබේ.
දුටුගැමුණූ රජතුමා යුද්ධයට යද්දී නතරව විවේක ගැනීමට භාවිතකළ ගල් ඇඳන්
රාශියක්ද කන්ද මුදුනේ පිහිටා තිබේ. අලින් හා දිවියන් නිතර සැරිසරන
බැවින් ඒවා බැලීමට යෑම ප්‍රවේශමෙන් කළ යුතු කාර්යයකි.
දේවානම්පියතිස්ස රාජ සමයේ වැඩ විසූ රහතන් වහන්සේ මෙම කුටිවල විසූ බව
සිතිය හැකි සාක්ෂි කිහිපයක්ම වේ. එකල බෙහෙත් ඇඹරූ ගල්ද, වතුර භාජනවල
පියන්ද විශාල ගඩොල් රාශියක්ද හමුවී තිබේ.
අද දවසේ සැදැහැවත් ගම්වාසීන් හා ප්‍රභූවරුන්ගේද ආධාර ඇතිව විශාල දාන
ශාලාවක්ද ඉදිකරගෙන යනු ලබන අතර මෙම ආරණ්‍යයේ තිබූ ජල ප්‍රශ්නයද පින්වත්
මහතකුගේ ආධාරයෙන් විසඳා දී තිබේ. විශාල නාගස් මැදිවෙන්නට බිම පස් පුරවා
සකස් කර ඇති විවෘත ධර්ම දේශනා අංගණය ඉතා රමණීයයි.
පොහොය දිනවලදී ඉතා ක්‍රමානුකූලව දාන, ශීල, භාවනා වැඩසටහන් මෙහි
ක්‍රියාත්මකය. හිරුඑළිය බිමට පතිත නොවන ලෙස ඝනව වැඩණු නාගස් මැද්දේ
කන්ද මුදුනට වෙන්නට ඇති ‘ආකාස භාවනා කුටිය ‘ දැකීමට ඔබ එක්වරක් හෝ
ගෝනසිහ පබ්බතයේ පිහිටි ආරණ්‍යයට යා යුතුය. එසේ ගොස් නා උයනේ සැරිසරා මද
වේලාවක් ගල්ලෙනක් තුළට වී සිටි විට සිත, කය සැනසී තැන්පත් වන අයුරු
ඔබටම දැනෙනු ඇත. |