|
ඇසළ පුර පසළොස්වක
පොහොය දිනය
අද ඇසළ පුනු පොහෝ දිනයයි. බුද්ධ, ධම්ම සහ සංඝ යන රත්නත්‍රය ලොව පහළ වූ
දිනය අදයි. ඇසළ පුර පොහෝ දිනය ලෝකයේ සම්‍යක් දර්ශනය පහළ වූ දිනය වනවා
මතු නොව මධ්‍යම ප්‍රතිපදාව නම් වූ උතුම් ජීවන මාර්ගය ලොවට දේශනා කළ
දිනය ද වන්නේය. ඒමතු ද නොව දුකත්, දුකට හේතුවත්, නිර්වාණයත්, එය
ලබාගන්නා පිළිවෙතත් ලොවට දේශනා කළ දිනය ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයයි.
ලෝකයාත් සත්වයාත් හේතු ප්‍රත්‍යයන්ගෙන්ම හට ගන්නා බව ප්‍රකාශිත හේතු-
ඵල වාදය නම් වූ උතුම් ඉගැන්වීම ලොව පහළ වූ දිනය මේ
දිනයයි. එපමණක් නොව ලෝකයේ ඤාණය පහළ වූ දිනය වශයෙන් ද ප්‍රඥාව පහළ වූ
දිනය වශයෙන් ද විද්‍යාව උපන් දිනය වශයෙන් ද ආලෝකය පහළ වූ දිනය වශයෙන් ද
සකල බෞද්ධ ලෝකයාටම අද දිනය ඉතා වැදගත් වනු ඇත.
ඉතිරිය»
|
|
ඇසළ පුර පසළොස්වක පෝය
ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 22 වැනි දා
සඳුදා පූර්වභාග 03.33 ට ලබයි.
22 වැනිදා සඳුදා අපරභාග 11.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි 22 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
ජූලි 29 වැනි දා
සඳුදා ය. |
|
|
|
|
|
|