ලෝකවාසී බෞද්ධයාගේ පූජනීය උරුමය
බුද්ධගයාව
හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්යක්ෂ
සිරිසමන්
විජේතුංග
(පුරා විද්‍යාපති Msc)
වසර 2321 සිට සිංහල බෞද්ධ සංස්කෘතිය සමග අවියෝජනීය සබඳතාවයක් ඇති පුරාණ
දඹදිව (මෙකල ඉන්දියාවේ) බුද්ධගයාව සිංහල බෞද්ධ ජනතාවගේ පමණක් නොව සකල
ලෝකවාසී බෞද්ධ ජනතාවගේම පූජනියත්වයට පත්වූ පුදබිමකි. සිද්ධාර්ථ ගෞතම මහ
බෝසතාණන් වහන්සේ සියලු කෙලෙසුන් නසා සම්බුද්ධත්වයට පත්වූ පූජනීය
පින්බිම බුද්ධගයාව වන්නේය.මේ නිසාම මෙකල ඉන්දියාවේ ලෝක උරුමයන් ලෙසට
යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කරන ලද දාහරකට අධික සංඛ්‍යාවක්
අතර ප්‍රමුඛත්වයට පත් පුදබිමද මෙය වෙයි.
අප රටේ දේවානම්පියතිස්ස රාජ යුගයේ ලංකාවට වැඩම කළ මිහිඳු මහහරහතන්
වහන්සේ ධර්මදූත ගමනට මාස හතරකට පමණ පසුව බුද්ධගයාවේ වැඩ සිටි ජය ශ්‍රී
මහා බෝධින් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවන ලද්දේ සංඝමිත්තා
මෙහෙණිය ප්‍රමුඛ භික්‍ෂුණින් වහන්සේලා විසිනි.මහාවංසයේ සදහන් වන අන්දමට
එයින් මඳ කලකට පසු අසෝක රජතුමාගේ බිසවක වූ තිස්සාරක්ඛා විසින්
බුද්ධගයාවේ ජය ශ්‍රී මහාබෝධින් වහන්සේ මඩු කටු (විසකටු) ගසා මැරවූ බව
සඳහන් වේ. (මහා වංසයේ 20 වන පරිච්ඡේදය) අසෝක රජතුමා ඊට වසර හතරකට පසුව
අභාවප්‍රාප්ත වූයේ ය.මෙසේ විසකටු ගසා එම මුල්ම ජය ශ්‍රී මහා බෝධින්
වහන්සේ විනාශ කිරීමට හේතු වශයෙන් මහාවංසය සඳහන් කරන්නේ අසෝක රජතුමා
නිතරම ජය ශ්‍රී මහ බෝධින්වහන්සේට පුද පූජා පැවැත්වීම හා ඒ කෙරෙහි
පැවැති අචල ශ්‍රද්ධාව නිසා බව ය. අසෝක ශිලා ලේඛන වල ද මෙම ජය ශ්‍රී මහා
බෝධින් වහන්සේ වැඳ පුදා ගැනීමට අසෝක රජතුමා පැමිණි බව සඳහන් වේ.
මෙකල මෙන්ම පුරාණ සිංහල රජ කාලයේ ද බුද්ධගයාව සහ ලංකාව අතර ඉතා සමීප
සබඳතාවයක් ඇතිව තිබූ බව සඳහන් වේ. ලංකාවේ රජ කළ කීර්ති ශ්‍රී මේඝ වර්ණ
(කිත්සිරිමෙවන් රජතුමා (ක්‍රි.ව. 303 – 331 ) විසින් එකල භාරත දේශයේ රජ
වු (ගුප්ත අධිරාජ්‍යයේ ) සමුද්‍ර ගුප්ත රජු ගෙන් (ක්‍රි.ව. 352-379)
ඉල්ලා සිටියේ ලංකාවෙන් බුද්ධගයාවට වන්දනාවේ යන භික්‍ෂූන් වහන්සේලාට
නවාතැන් පහසුකම සඳහා සංඝාරාමයක් සාදා දෙන ලෙසය. ඒ වටා අඩි 30ය40
ප්‍රාකාරයක් ද සාදා තිබුණු බව ක්‍රිස්තු වර්ෂ හත් වන (7) සියවසේ දී එහි
සංචාරය කළ චීනජාතික භික්‍ෂූන් වහන්සේ නමක් වූ හියුංෂාං හිමියෝ සදහන්
කරති. ඒ අනුව බුද්ධගයාව සමග ඉතා සමීප සබඳතාවයක් රාජ්‍ය මට්ටමින්ද පැවති
බවට ඒ එක් නිදසුනක් පමණි.
1890 වන විට බුද්ධගයා විහාරය හා ඒ අවට පුදබිම හින්දු ආගමට අයත්
“මහන්නා” නම් වූ තැනැත්තාට අයත්ව තිබුණි. නැවතත් බුද්ධගයාව බෞද්ධ
ජනතාවට වැඳ පුද ගැනීමට අයිතිය ලබා ගැනීමේ අවස්ථාව සැළසුනේ අප රටේ උපන්
වීරෝදාර වීරවරයෙකු නිසා ය.එතුමා නම් අනගාරික ධර්මපාල තුමා ය.
“සිංහලයිනි එක්වව් බුද්ධගයාව බේරාගනිව්”යන හඬ ලොව පුරා හඬ ගා කියා පෑ
අනගාරික ධර්මපාලතුමා ලංකාවෙන් භික්‍ෂූන් වහන්සේලා ගෙන්වා ගෙන එහි වැඩ
වාසය කිරීමට සැලැස්වුයේ ද බුද්ධගයාවේ එවක අයිතිය දැරූ මහන්තාගෙන් පමණක්
නොව එකල ඉන්දියාව පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතික පාලකයින්ගේ ද විවිධ බාධක
මධ්‍යයෙහි ය. එවක බුද්ධගයාව අයිති කර ගෙන සිට මහන්තාට විරුද්ධව නඩුමගට
බැස නැවත බුද්ධගයාව බෞද්ධයන්ට ලබා ගැනීම සඳහා එතුමා කටයුතු කළේය.අප
විසින් එතුමා කළ උදාර සේවාව මේ අවස්ථාවේදි සිහිපත් කළ යුතුව ඇත.
මහා බෝධි සමාගම නමින් සංවිධානයක් අති කර ඉන්දියාවේ ඇති බෞද්ධ පුදබිම්
රාශියක්ම සංරක්‍ෂණය කිරීමේ කටයුතු සිදු කළේ එතුමා විසිනි. ලංකාවෙන්
දඹදිව වන්දනාවේ යන සැදැහැවතුන්ට නවාතැන් ගැනීම සඳහා ස්ථාන සෑදුවේ
ය.මූලගන්ධකුටි විහාරයෙහි නව විහාරයක් ද සෑදෙව්වේ ය.
අනගාරික ධර්මපාලතුමා සිරි දේවමිත්ත ධර්මපාල නමින් ශ්‍රමණ භූමියට පැමිණ
අවසාන කාලයේ භාරත දේශයේම වාසය කළහ. උන්වහන්සේ අපවත් වූයේ මීට වසර 80 කට
ඉහත එනම් 1933 අපේ‍්‍රල් මස 29 වැනිදා ය. උන්වහන්සේ අපවත්වීමෙන් පසුව,
ආදාහනය කළ භෂ්මාව ශේෂ තැන්පත් කර ස්මාරකයක් ද ඒ අසළ පිහිටුවා තිබූ
අන්දම අපි දිටුවෙමු. අනගාරික ධර්මපාලතුමා නොවන්නට මෙකල ඉන්දියාවේ
බුද්ධගයාව ඇතුළු පුදබිම් බෞද්ධ ජනතාවට අහිමිවීමට ඉඩ තිබුණි.
අනගාරික ධර්මපාල තුමා විසික් ලංකාවේ බෞද්ධ ප්‍රබෝධය සඳහා සතිපතා පළ කරන
ලද ‘සිංහල බෞද්ධයා’ පත්‍රයට ළමයින් වෙනුවෙන් වරක් මෙසේ (1923 මාර්තු 03
වැනිදා) ලියා ඇත.
“බෞද්ධයින්ට අයිති දඹදිව බෝමැඩ බරණැස ඉසිපතනාරාමය, රජගහනුවර, ගිජ්ජකූට
පර්වතය, ලුම්බිනි උයන, කුසිනාරා සල් උයන, සැවැත් නුවර, ජේතවනාරාමය යන
උතුම් දර්ශනීය පූජනීය පුදබිම්වල කටයුතු බලා වැඩිවයසට පැමිණුනාම මේ
ස්ථාන දර්ශනයට යා යුතුයි. “
1933 පමණ වනවිටත් බුද්ධගයාව මහන්තා නම් හින්දු භක්තිකයා යටතේ පැවති
බවත් එම පුදබිමේ ගරුත්වය කෙලෙසමින් පැවති බවත් අනගාරික ධර්මපාලතුමාගේම
ලිපියක මෙසේ සඳහන් වෙයි.
‘තථාගත බුදුරජාණන් වහන්සේ සියලු කෙලසුන් නසා පස්මරුන් පරදවා බුද්ධත්වයට
පත් ස්ථානය ආපසු ලබා ගැනීමට කාලය පැමිණ ඇතිබව සැලකිය යුතුය. බුදු සමය
අදහන්නන්ගේ පූජනීය පුදබිමක් වන මෙහි මලක් පහනක් පුදන්නට බෞද්ධයෙක් නැත.
එබැවින් එය රාත්‍රි‍්‍රකාලයේ ඝනාන්ධකාරයෙහි නිමග්න වී පවතී. “ආසියාවේ
බෞද්ධයිනි නිදිගැට හැරපියා නැගටිව්! නැගිට යුෂ්මතුන්ගේ පූජනීය පුදබිම
මහන්තාගේ වැඩකරුවන්ට කිළිට කරන්ට ඉඩ නොතබා බලා ගනිව්!” (සිංහල බෞද්ධයා
පත්‍රය 1933 මාර්තු මස 4 ධර්මපාල ලිපි ආචාර්ය ඩබ්ලිව්. පී..ආනන්ද
ගුරුගේ)
අනගාරික ධර්මපාල තුමා බුද්ධගයාව බේරා ගැනීම සදහා බුද්ධගයාවට පැමිණියේ
පළමුවෙන් 1891 වර්ෂයේදීය. ඒ පිළිබඳ විස්තර මෙසේ සඳහන් වේ.
“මහාබෝධි සමාගම 1891 දී පිහිටුවීමෙන් පසුව එහි මුලික අපේක්‍ෂා දෙකක්
විය. එකක් නම් බෞද්ධ භික්‍ෂූන්වහන්සේලා ගෙන් යුක්ත මණ්ඩලයක් බුද්ධගයාවේ
පිහිටුවීමට සහ බෞද්ධ සාහිත්‍යය පිළිබඳව ඉංගී‍්‍රසි සහ ඉන්දියානු
භාෂාවලින් ප්‍රකාශ පළ කිරීමය.
අනගාරික ධර්මපාලතුමා විසින් බුද්ධගයාව බේරා ගැනීම සඳහා එම පුදබිමට
පැමිණ කරන ලද අධිෂ්ඨානය එලෙසම ඉටුවිය.එය සිදු කළේ බුද්ධගයාවේ බෝධි
මණ්ඩපයට පැමිණීමෙන් පසුවය.
“1891 ජනාවරි මස 22 දසා බෝමැඩ අපගේ පැමිණීම විය.එදින ජය ශ්‍රී මහා
බෝධින් වහන්සේ වැඳ පුදා ගෙන වජ්‍රාසනයට මාගේ දනට හිස නැමූ කළ අපමණ
පී‍්‍රතියක් පැමිණ උතුම් චිත්ත ප්‍රසාදයක් මට ඇතිවිය. 1891 ජනවාරි 22
දා සිට දෙසැටසක් එහි යැවීමි. 1891 ජනවාරි මස 22 පටන් මේ දක්වා (1923) ම
(බුද්ධගයාව) බෝමැඩ බෞද්ධයන්ට ලබාදීමට මවිසින් උත්සාහ කළ නමුත් සඵලනොවීම
දුකට කාරණයකි.”
(ධර්මපාල ලිපි ආචාර්ය අනන්ද ගුරුගේ)
ඒ කෙසේ වුවද අනගාරික ධර්මපාලතුමා විසින් බුද්ධගයාව බේරා ගැනීමේ සටන
දිගටම කරගෙන ගියේය. අනගාරික ධර්මපාලතුමා පිළිබඳව මෙන්ම එතුමාගේ
ශිලාලේඛන සංග්‍රහයක් සකස් කළ ආචාර්ය ආනන්ද ගුරුගේ මහතා අනගාරික ධර්මපාල
තුමා විසින් බුද්ධගයාව ඇතුªළු පුදබිම් බෞද්ධ ජනතාවට ලබාදීමේ මහඟු ජාතික
සේවාව ගැන මෙසේ සඳහන් කරයි.
“අනගාරික ධර්මපාලතුමාගේ අද්විතීය වික්‍රමය වනාහි බුද්ධගයාව බෞද්ධයන්ට
ආපසු ලබා ගැනීම සඳහා ගත් ප්‍රයත්නයයි. “බුද්ධගයාව බේරා ගනිව්” යන
පාඨයෙන් එකල සකල ලෝකවාසි බෞද්ධයන්ගේ සිත් මෙම ප්‍රයත්නය කෙරෙහි යොමු
කෙරිණි. මහා බෝධි සමාගම පිහිටුවන ලද්දේ මේ කාර්යය ඉටු කර ගැනීම පිණිස
ය. ධර්මාශෝක කාලයේ සිටම ලංකාව ඉන්දියාවට ණය ගැතිව සිටියේ බුදුසමය හා
බෞද්ධ සංස්කෘතිය මෙහි තිබුණු නිසා ය. අනගාරික ධර්මපාලතුමා ගේ මේ
අප්‍රතිහත ධෛර්ය නිසා ඒ ණය ගෙවා ගැනීමට සිංහල බෞද්ධයින්ට ඉඩ ලැබුණි.
(ධර්මපාල ලිපි ආචාර්ය අනන්ද ගුරුගේ) |