UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රාජ්‍ය වෙසක් උත්සවය මෙවර යුදගනාව රජමහා විහාරයේ දී

රාජ්‍ය වෙසක් උත්සවය මෙවර මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට පැවැත්වීමට තීරණය කෙරේ. ඒ අනුව, පනස් හත්වන (57) රාජ්‍ය වෙසක් උත්සවය, මැයි මස 25 වැනි දින මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල යුදගනාව රජමහා විහාරස්ථ පරිශ්‍රයේ දී සිදු කෙරේ. ජනාධිපති, මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමැති ආචාර්ය දි.මු. ජයරත්න මහතාගේ මෙහෙයවීමෙන් මෙම රාජ්‍ය උත්සවය සිදු කිරීමට නියමිතය.

ඉතිරිය»

බුදු හිමියන් දෙවැනිවර ලක්දිව වැඩි බක් පොහොය

රණ ගී හඬින් මුළු සටන් භූමියම ගිඟුම් දෙමින් පැවැති උද්වේගකර මොහොතෙහි සේනාවන් මධ්‍යයට අප තථාගත මහා කාරුණිකයාණන් වහන්සේ වැඩම කළ සේක. උන්වහන්සේ අහසෙහි වැඩ සිට මහා ඝන අඳුරක් මවා ලූ සේක. නාගයන් ඉන් බියපත්ව අවි බිම දමා සිටි කල්හි ආලෝකයක් මවා තමන් වහන්සේ ඔවුනට දකින්නට සැලැස් වූහ. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන්, අසූවක් අනුබ්‍යඤ්ජන ලක්‍ෂණයෙන් සමන්විත අසිරිමත් බුදුසිරුරත්, උන්වහන්සේගේ අපරිමිත කරුණාබර දෙනෙතත්, මෙත් මුදිතා ගුණ සපිරි මුව කමලත් දුටු ඔවුහු මහත් පැහැදීමට පත් වූහ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ඇලීම අත්හැර සැනසීම ලබන්න

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායේ සඳහන් ඉතා වැදගත් ගාථාවක් පළමුව දැක්වෙනවා. මේ ගාථාව දේශනා කිරීමට හේතු වූයේ දෙවියකු විසින් දක්වන ලද අදහසක් නිමිතිකොට ගෙනයි. බුදුරදුන් ජේතවනාරාමයේ වැඩ සිටිය දී ‘නන්ද’ නමින් හැඳින් වූ දෙවියකු එක්තරා දිනක මධ්‍යම රාත්‍රියේ දී පැමිණ ගාථාවකින් කදිම අදහසක් ප්‍රකාශ කළා. එයින් පැවසෙන්නේ කාලය අනුක්‍රමයෙන් ගෙවෙමින් ගමන් කොට රෑ දවල් ඉක්ම යන බවත්, ඒ අනුව සියලු සත්ත්වයන් ජීවත් විය යුතු කාලයද අනුක්‍රමයෙන් අවසන් වෙමින් මරණයට පත්වීමේ බියත් ඇති කරන බවයි. මෙසේ මරණයට මුහුණ පෑමට පෙර සෑම දෙනාම සැප ලබා ගැනීමට කැමැති නම් නොපමාව පින් කරන්න ඕන යන අදහස ‘නන්ද’ නම් දෙවියා බුදුරදුන් හමුවේ ප්‍රකාශ කළා.

ඉතිරිය»

පහන් සිතක ආලෝකය දඹදෙණිය දළදා මන්දිරය

දඹදෙණි යුගයත් (ව්‍ය. වර්ෂ 1236 – 1283) එයට සමගාමීව දඹදෙණි රාජධානියත් ගොඩනැඟී එහි ප්‍රථම රජතුමා වශයෙන් අභිෂේක ලබන්නේ තුන්වන විජයබාහු (ක්‍රි.ව. 1232 – 1236 ) රජතුමා ය. මෙතුමාට දන්ත ධාතූන් වහන්සේගේ පූර්ණ ආරක්‍ෂාව පිළිබඳ සැක පහළ විය.ඒ නිසා කොත්මලේ සිට ගෙන්වා ගත් දන්ත ධාතූන් වහන්සේ හා පාත්‍රධාතූන් වහන්සේ දඹදෙනි රජමැදුර සමීපයේ තබා නොගෙන කෑගල්ලේ බෙලිගල නම් වූ ඉතා දුෂ්කර කඳු මුදුනක දළදා මාලිගයක් සාදවා වඩාත් සුරක්‍ෂිත ආකාරයට එහි තැන්පත් කර තබන්නට පෙළඹුණේ ය. එසේම දඹදෙණිය ඓතිහාසික ශ්‍රී විජයසුන්දරාරාම රජ මහා විහාරය සාදවා එහි මුල්ම දළදා මන්දිරය ඉදිකරවනු ලබන්නේ තුන්වැනි විජයබාහු රජතුමා විසින් බව කියැවෙයි. තවත් තැනක කියැවෙන්නේ එය දෙවන පරාක්‍රමබාහු (ව්‍යව. 1236 – 1270) රජතුමා කරවූ බවයි.

ඉතිරිය»

සිතුවම - සරත් නන්ද කුමාර

 

බක් මස පුර පසළොස්වක පෝය

 අප්‍රේල් මස 25 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.04ට ලබයි.
26 වැනිදා සිකුරාදා පූර්වභාග 01.26 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් මස 25 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මැයි 02 වැනි දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]