|
පහන් සිතක ආලෝකය දඹදෙණිය දළදා මන්දිරය
දඹදෙණි යුගයත් (ව්‍ය. වර්ෂ 1236 –
1283) එයට සමගාමීව දඹදෙණි රාජධානියත් ගොඩනැඟී එහි ප්‍රථම
රජතුමා වශයෙන් අභිෂේක ලබන්නේ තුන්වන විජයබාහු (ක්‍රි.ව.
1232 – 1236 ) රජතුමා ය. මෙතුමාට දන්ත ධාතූන් වහන්සේගේ
පූර්ණ ආරක්‍ෂාව පිළිබඳ සැක පහළ විය.ඒ නිසා කොත්මලේ සිට
ගෙන්වා ගත් දන්ත ධාතූන් වහන්සේ හා පාත්‍රධාතූන් වහන්සේ
දඹදෙනි රජමැදුර සමීපයේ තබා නොගෙන කෑගල්ලේ බෙලිගල නම් වූ
ඉතා දුෂ්කර කඳු මුදුනක දළදා මාලිගයක් සාදවා වඩාත්
සුරක්‍ෂිත ආකාරයට එහි තැන්පත් කර තබන්නට පෙළඹුණේ ය. එසේම
දඹදෙණිය ඓතිහාසික ශ්‍රී විජයසුන්දරාරාම රජ මහා විහාරය
සාදවා එහි මුල්ම දළදා මන්දිරය ඉදිකරවනු ලබන්නේ තුන්වැනි
විජයබාහු රජතුමා විසින් බව කියැවෙයි. තවත් තැනක කියැවෙන්නේ
එය දෙවන පරාක්‍රමබාහු (ව්‍යව. 1236 – 1270) රජතුමා කරවූ
බවයි.
ඉතිරිය»
|
|
බක් මස පුර පසළොස්වක පෝය
අප්‍රේල් මස 25 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග
04.04ට ලබයි.
26 වැනිදා සිකුරාදා පූර්වභාග 01.26 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් මස 25 වැනි දා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය
මැයි 02 වැනි දා බ්‍රහස්පතින්දා ය. |
|
|
|
|
|
|