Print this Article


කුංඩගල මලියදේව සේනාසනයේ පින්කම්

කුංඩගල මලියදේව සේනාසනයේ පින්කම්

කුරුණෑගල හිරිපිටියේ තෙළඹියාවේ කුංඩගල මලියදේව අරහත්ත රජමහා විහාර සේනාසනයේ ගල්පර්වතය මත ඓතිහාසික දාගැබ් වහන්සේ ඉදිරිපිට ඉදිකරන ලද පළමු වන රහතන් වහන්සේලා 61 නමක ප්‍රතිමා වහන්සේලාට නෙත් තැබීමේ මහා මංගල උත්සවය හා නිරාවරණය කිරීම සහ මාර්තු 31 වෙනි දින පෙරවරුවේ කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ඉඟුරු වත්තේ පියනන්දාභිධාන ශ්‍රී ලංකා ශ්වේජින් මහා නිකායේ මහා නා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් හා මහා සංඝරත්නය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන් පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු ගිහි පැවිදි සැමගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ. 30 දින රාත්‍රී සම්බුද්ධ පූජාව හා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය 31 උදේ 09.01 ට නේත්‍ර නිරාවරණය, දවල් 61 නමකට අධික මහා සංඝරත්නයට දානමය පින්කමක් පැවැත්වේ.