මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියෝ
අග්ගමහා පණ්ඩිත උපාධියෙන් සම්මාන ලබති
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ධර්ම ශාස්ත්‍රීය සේවයේ යෙදෙන
වියත් යතිවරයන් වහන්සේලා උදෙසා මියන්මාර් රාජ්‍යය පිරිනමන උසස්ම ගෞරව
සම්මානය වන අග්ගමහාපණ්ඩිත උපාධිය පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන්වාසී,
සාහිත්‍ය චක්‍රවර්ති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නා හිමියන් වෙත පිරිනමා
ඇත.
ඉතිරිය»
හිත මිතුරු ගුණ පිරුණු
දැහැමි සමාජය
සමාජ ප්‍රගතිය යනු ඔවුනොවුන් සතු යුතුකම් සහ වගකීම් මැනැවින් ඉටුකිරීම
බව පැහැදිලිය. යහපත් සමාජයක් උදෙසා දේශිත බුදුදහම නිරන්තරයෙන්ම අවධාරණය
කළේ පුද්ගලයාගේ ධාර්මික පැවැත්මයි. පුද්ගලයා යහපත් නම් නිතැතින්ම සමාජය
ද යහපත් වනු ඇත. බුදුන් වහන්සේ මුළුමහත් සමාජයම එක්වර හදන්නට උත්සාහ
කළේ නැත. පුද්ගලයා හැදුනහොත්
සමාජය ද හැදෙනබව උන්වහන්සේගේ පිළිගැනීම විය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
බුදුඋපත
පරම සැපයකි
නිවන්
මාර්ගය
ලොවට පෙන්වා දී අවිද්‍යා
අන්ධකාරයෙන් ලෝකයා මුදවා ගැනීම නිසා බුදුඋපත හැර අනෙකක් ලෝකයාගේ පරම
සැපත සඳහා හේතු නොවේ.
බුදුඋපත නිසාම සිදුවන සදහම්
දෙසීම ද ඒ අනුව පරම සැපතක්ම වේ.
බුදුන් වදාළ ධර්මය ලෝකයා වෙත ගෙන යන
භික්ෂූන් වහන්සේගේ සමඟි භාවයද,
එසේ සමඟිව සිදු කරන ප්‍රතිපත්ති පිරීම ද
ලෝකයාගේ මෙලොව, පරලොව
සැපත සඳහාම හේතු වේ.
ඉතිරිය»
දෙව් විමනක් වන්
දළදා මාලිගාව
බැඳි කෙම්බිම
බෙලිගල
දන්ත ධාතූන් වහන්සේ වඩා හිඳවාලූ පුද බිම් ලංකා බෞද්ධ ඉතිහාසයේ
සැලකෙන්නේ සුවිශේෂිත වූ පුණ්‍යභූමි ලෙස ය. එවන් එක් ස්ථානයකි බෙලිගල.
පොළොන්නරු රාජධානිය බිඳ වැටෙන්නේ කාලිංග මාඝගේ බලවත් ආක්‍රමණයන් නිසා
ය. ඒ නිසාම පොළොන්නරු රාජධානිය සංක්‍රමණය වන්නේ දඹදෙණියට ය. තුන්වන
විජයබාහු රජතුමා (ක්‍රි.ව. 1232 – 1236 ) මෙසේ පැමිණ ආරක්‍ෂාව සඳහා
දඹදෙණි රාජධානිය පිහිටුවා ගනී.
ඉතිරිය»
|