කුල දරුවන් සියයක් පැවිදි කිරීමක්
කටාන මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ මෙහෙයවීමෙන් එළඹෙන වෙසක්
පසළොස්වක පොහොය නිමිත්තෙන් කුල දරුවන් සිය දෙනෙකු සසුන් ගත කිරීමට
කටයුතු යොදා ඇත.
වයස 12 – 20 ත් අතර සසුන් ගත වීමට කැමැති කුල දරුවන්ගේ මව්පිය හා
භාරකරුවන්ගෙන් වගකීමක් සහිතව බාර දෙන ලෙසත් එසේ පැවිදි කරනු ලබන සාමණේර
හිමිවරුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වගකීමකින් ඉටු කරගෙන යාමට ද කටයුතු
යොදන බව කටාන මීගමුව ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ගෞරව
ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංශ හිමියෝ පවසති. පැවිදීමට කැමැති දරුවන්
හඳහන් කොපියක් ද සහිතව කටාන ප්‍රාදේශීය ශාසනාරක්ෂක ලේඛකාධිකාරී හිමි
අභිනවාරාමය රද්දොළුව සීදුව යන ලිපිනයට මාර්තු 15 වන දාට පෙර යොමු කළ
යුතු බවද කියයි. |