UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

විහාර මහා දේවිය හා කාවන්තිස්ස රජුගේ සරණ මංගල්‍යය පැවැති මඟුල් පෝරුවේ නටබුන් මඟුල් මහා විහාරයේ දී දැකිය හැකි ය. ගලින් කළ පෝරුවේ මැද ගිනි දැල්වීමට සකස් කරන ලද වලකි. මේ හින්දු සම්ප්‍රදායට අනුව සිදු කරන ලද චාරිත්‍ර සඳහා සකස් කරන ලද මඟුල් පෝරුවක් බවට මතයක් පවති යි


පැරැණි චෛත්‍යය

කාවන්තිස්ස රජුගේ සහ විහාර මහා දේවියගේ විවාහ මංගල්‍යය සිදුවූ ස්ථානය ලාහුගල මඟුල් මහා විහාරය ලෙස ජනප්‍රවාදයේ සඳහන් වේ.

පොතුවිල් නගරයේ සිට සියඹලාන්ඩුව මාර්ගයේ කිලෝමීටර් 10 ක් පමණ ලාහුගල දෙසට ගිය විට මෙම මඟුල් මහා විහාරය හමුවේ.


මංගල පෝරුව ඉදිකර ඇති ගොඩනැගිල්ල

එම මාළිගාව තිබූ ස්ථානයේ නටබුන් රැසක් දැකිය හැකි අතර එහි පසු කලෙක ඉදි වූ විහාරයක් ද වේ. රුහුණු මහා විහාරය ලෙසත්, මඟුල් මහා වෙහෙර ලෙසත් හඳුන්වන එම විහාරස්ථානයේ ඇති නටබුන් අතර කාවන්තිස්ස රජුගේ මාළිගාවේ නටබුන් සුවිශේෂ වේ.

විහාර මහා දේවිය හා කාවන්තිස්ස රජුගේ සරණ මංගල්‍යය පැවැති මඟුල් පෝරුවේ නටබුන් මඟුල් මහා විහාරයේ දී දැකිය හැකි ය. ගලින් කළ පෝරුවේ මැද ගිනි දැල්වීමට සකස් කරන ලද වලකි. මේ හින්දු සම්ප්‍රදායට අනුව සිදු කරන ලද චාරිත්‍ර සඳහා සකස් කරන ලද මඟුල් පෝරුවක් බවට මතයක් පවති යි.

අක්කර 200 ක භූමිභාගයක් මෙම විහාරය අයිතිව ඇති අතර අද එම කොටස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්‍ෂණය කරයි.


සඳකඩ පහන හා කොරවක් ගල්

කාවන්තිස්ස රජුගේ රජමාළිගාව බව පවසන ස්ථානයට පිවිසීම සඳහා දොරටු සතරක් වේ. ස්ථානය ආශි‍්‍රතව ලැබී ඇති සෙල් ලිපි සාධක අනුව පසුකාලීන රුහුණු රට පාලකයා වූ ධාතුසේන රජු විසින් කිස්තු වර්ෂ 316 – 526 කාල සීමාවේදී රුහුණු මහාවිහාරය ඉදි කර තිබේ.


විහාර මන්දිරය

මධ්‍යකාලීන සිංහල අක්‍ෂරවලින් ලියූ පුවරු ලිපි කිහිපයක් පුරාවිද්‍යා නටබුන් අතර තිබේ. එක් සෙල්ලිපියක් 14 වන සියවසේ ලියැවී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ගම්පොළ හතර වැනි බුවනෙකබාහු (ක්‍රි.ව. 1341 – 1351) හා දැදිගම පස්වැනි පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1344 – 1359) යන රජවරුන්ගේ බිසවු විහාර මහා දේවි නැමැති බිසවක් විසින් 14 වන සියවසේ ප්‍රතිසංස්කරණය කර ඇත. ප්‍රදේශය ආශි‍්‍රතව බෝධිඝරයක්, පිළිමගෙයක්, දාගැබක් හා උපෝසථාඝරයක නටබුන් මෙම ස්ථානයේ දක්නට ලැබේ.

මඟුල් මහා විහාරයේ නටබුන් අතර සුවිශේෂී අංගයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනට මතු කරගෙන ඇති සඳකඩ පහණ හැඳින්විය හැකි ය. අඩි 6 ක් ගැඹුරට වළලා ඇති මේ සඳකඩ පහණේ ඇතු පිටට නඟින ඇත් ගොව්වෙකුගේ රුවක් පෙන්වා තිබේ. මෙය ශ්‍රී ලංකාවේ වෙනත් සඳකඩ පහණක තිබිය නොහැකි ලක්‍ෂණයක් වන බවත් එම ස්ථානය සීමා මාලකයක් වශයෙන් තිබූ ස්ථානයක් වශයෙන් තොරතුරු සොයාගෙන ඇති බව විහාරාධිපති හුලන්නුගේ රතනසාර හිමියෝ පවසති.


ගල්පෝරුව

මෙම ස්ථානය රහතන් වහන්සේ වැඩසිටි ස්ථානයක් වශයෙන් ද ප්‍රසිද්ධියක් දරන බවත් ඒ සඳහා ඉදිකළ කුඩා කුටි 31 ක් පමණ දැනට සොයාගෙන ඇති බව විහාරාධිපති හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

මෙම විහාරය අසළ නව චෛත්‍යයක් මේ දිනවලදී ඉදිකරගෙන යයි. පසුගිය කාලවලදී නොයෙකුත් කරදර වලට මුහුණ දීමට සිදුවුවත් මෑතකදී සිට නැගෙනහිර ප්‍රදේශයේ පොතුවිල් ආරුගම්වේ මුහුදු තීරයට යන විදේශීය සංචාරකයන් වැඩිවශයෙන් පැමිණෙන නිසා නැවත වරක් මෙම ස්ථානය දියුණුවට පත්වෙන බව විහාරාධිපති හිමියෝ පවසති. නැගෙනහිර ප්‍රදේශය සංචාරය කරන අය නැරඹිය යුතු ස්ථානයක් ලෙස ලාහුගල මඟුල් මහා විහාරය සඳහන් කළ හැකි ය.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 07 වැනි දා බදාදා අපරභාග 05.49 ට ලබයි.
08 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 03.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වැනි දා බදාදා ය.

මී ළඟ පෝය
මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දාය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk