UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් පුර පසළොස්වක පොහෝදා 2012 මාර්තු 07 වනදා බදාදා

රටට එරෙහි බලවේග පැරැදවීමට එක්වෙමු

හෙළ බොදුනුවෝ බුදුපියාණන් වහන්සේ වදාළ දහම් මඟ අනුව යන ආදර්ශවත් පිරිසකි. බොදුනුවාට බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවනේ පිහිට, සරණ හැර අන් සරණක් නැත. අතිපූජනීය මහ සඟරුවන එදාමෙන් අදත්, මතුවටත් මෙරට වෙසෙසින්ම බොදුනුවාට අවවාද අනුශාසනා කරන මාර්ගෝපදේශකයන් වහන්සේලාය. උන්වහන්සේලාගේ අවවාද අනුශාසන මත පිහිටා ක්‍රියා කරන බොදුනුවා ආරක්‍ෂා කර ගැනීමටද නිරතුරුව ඇප කැප වී සිටිති. එය බොදු දනන්ගේ මහත් වාසනාවකි.

රට, දැය, සමයට බාහිර හෝ අභ්‍යන්තර කවර උවදුරක් පැමිණි විටද ඒ හැම විට මෙරට පූජනීය මහ සඟරුවන සිය යුතුකම මැනවින් ඉටු කරමින් ඒ උවදුරු දුරු කිරීමට මහත් වෙහෙසක් දරන බව බොදුනුවාට අමුතුවෙන් කිවයුතු නොවේ.

අපේ රටට වත්මනෙහි වුවද කවර හෝ අකටයුත්තක් සිදුවන්නේද? ඊට අපේ පරම පූජනීය මහ සඟරුවන උන්වහන්සේලාට හැකි උපරිම අයුරින් ඒවා සංසිඳීමට දරන උත්සාහය මෙරට බොදුනුවා කිසිවිටෙකත් අමතක නොකරනු ඇත.

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජනීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමි, මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාරපාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධ රක්‍ඛිත මහ නාහිමි, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක දවුල්දෙණ ඤාණිස්සර මහ නාහිමි, ශ්‍රී ලංකාරාමඤ්ඤ මහා නිකායේ මහා නායක වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමි යන තෛ‍්‍රනිකායික අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක් ඉකුත් 27 වැනි දා ‘දිනමිණ’ පුවත්පතෙහි පළ විය. එහි මෙසේද සටහන් විය.

ශ්‍රී ගෞතම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් අතිපූජනීය වූ ශ්‍රී ලංකාද්වීපය අතීතයේ පටන් එක්සත්ව, එක්සිත්ව, සමගි සම්පන්නව එක් සේසත්ව පැවැති රාජ්‍යයෙකි. භූමි ප්‍රමාණය කුඩා වුවද එය ශිෂ්ට සම්පන්න මානව ධර්මයන්ගෙන් මනාව පෝෂණය වූ ජනතාවගේ වාසභූමියකි. ඔවුහු වර්තමානයේ බටහිර ජාතීන් මානව අයිතිවාසිකම් හඳුනාගැනීමටත් පෙරාතුව සිට බුදුදහමේ ආභාෂය තුළින් අති උදාර වූ මානව ධර්මයන් මැනවින් ආරක්‍ෂා කොට ගෙන සමගියෙන් සමාදානයෙන් ආචාරශීලීව විනයගරුකව ජීවත් වූහ.

බටහිර ජාතීන්ගේ ආක්‍රමණික බලපෑම් එල්ලවීමත් සමග ඇතැම් ජාතීන් තුළ භේද භින්නතා වඩා වර්ධනය වීමෙන් වසර 30 කට අධික කාලයක් ලෝකයේ කිසිදු රටකට මුහුණදීමට සිදු නොවූ ආකාරයේ කුරිරු මිලේච්ඡ ත්‍රස්තවාදයකට අප රටට මුහුණදීමට සිදුවිය. මෙම අවාසනාවන්ත දරුණු ත්‍රස්තවාදයෙන් අප රට මුදා ගැනීමට හැකිවූයේ වර්තමාන රජයටයි. භෞමික අඛණ්ඩතාවය, සමගිය, සමාදානය හා රටේ සෞභාග්‍යය විනාශ කර දැමීමේ අරමුණින් ඇරැඹුණු සෑම ත්‍රස්තවාදී කැරළි මැඩ පැවැත්වීමෙහිලා අභීතව හා බුද්ධිමත්ව කටයුතු කළ රටේ සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙන් හා රණවිරුවන්ගෙන් ලැබුණු සහාය අපමණය. මෙම බැරෑරුම් අවස්ථාවේ දී රටේ පුරවැසියන්ගෙන් ලැබුණු සහය අපි යළි යළිත් කෘතවේදීත්වයෙන් සිහිපත් කරමු.

විදේශීය බලපෑම් මත අපේම රටේ උපන් කුරිරු ත්‍රස්තවාදීන් පිරිසක් විසින් උතුරු නැගෙනහිර පමණක් නොව සමස්ත මාතෘ භූමිය තුළම විනාශ කරනු ලැබූ ජාතික සම්පත් පමණක් නොව අනාථ කරනු ලැබූ දරු පවුල් ද යළි සුඛිත මුදිත කොට රට සර්වාකාරයෙන්ම සංවර්ධනය කරා යොමු කරවමින් යුද්ධයෙන් පෑරුණු සිත් සනසමින් සමගිය සමාදනය ඇතිකර ගනිමින් මානව ධර්ම හා අයිතිවාසිකම් මනාව සුරකිමින් රට ඉදිරියට ගෙන යාමේ මහත් වෑයමක යෙදේ.

එබැවින් මේ සතුරු බලවේග හමුවේ දී අප සම්බුදුරජාණන් විසින් සුදේශිත සප්ත අපරිහාණී ධර්ම සිහිපත්කොට ඒවා ජීවිතයට නඟා ගෙන රටේ සෑම සියලු ජනතාවම සමගි සම්පන්නව කරුණා, මෛත්‍රී පෙරදැරිව සියලු බලවේගයන්ට මුහුණදීමටත් මේ අවස්ථාවේ දී රජය හා එක්ව රටට එරෙහි සියලු බලවේගයන් පරාජය කිරීමටත් ත්‍රිවිධ රත්නයේ හා ශ්‍රී දළදා වහන්සේගේ ආශීර්වාදය නොමදව ලැබේවායි ප්‍රාර්ථනා කර සිටිම්හ යනුවෙන් සඳහන් වේ.

එබැවින් රටට හිතැති සියලු දෙනා රටට එරෙහි බලවේග පරාජය කිරීමට රජය ටසහාය දැක්වීම අපගේ පරම යුතුකම බව කාරුණිකව සිහිපත් කළ යුතු වේ.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 07 වැනි දා බදාදා අපරභාග 05.49 ට ලබයි.
08 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 03.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වැනි දා බදාදා ය.

මී ළඟ පෝය
මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දාය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]