UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

රාජ්‍ය වෙසක් උත්සවය මෙවර මහනුවර දී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 6 වැනි දින මහනුවර දී පැවැත්වීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ තීරණය ගත් බව අගමැති දි.මු ජයරත්න මහතා පැවසීය.

අගමැති කාර්යාලයේ දී (29) පැවති රාජ්‍ය වෙසක් උත්සව සංවිධාන කමිටු සාකච්ඡාවේ දී අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ය.

මැයි මස 6 වැනි ඉරු දින සවස 3 ට රාජ්‍ය වෙසක් උත්සවය ආරම්භ වන බවත්, එදින උදෑසන සිට මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඇතුළු පූජා භූමි ප්‍රදේශයේ ආගමික වතාවත් රැසක් පැවැත්වෙන බවත් හෙතෙම කීවේ ය. එදින ආගමික වතාවත් සඳහා සහභාගිවීමට පැමිණෙන සැදැහැවතුන් සුදුවතින් සැරසී පැමිණෙන ලෙසත් සැදැහවතුන්ට අවශ්‍ය දානමය කටයුතු රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කරන බවත් ඒ මහතා සඳහන් කළේ ය.

ගම්පොල සිට මහ පෙරහරින් සංඝරත්නය පේරාදෙණියට වැඩම වන බව පැවසූ අගමැතිවරයා ඊට සමගාමීව රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් නව මුද්දරයක් නිකුත් කරන බව පැවසීය. සැදැහැවතුන් සිල් පවාරණය කිරීමෙන් අනතුරුව පාසල්, විවෘත සහ කාර්යාල මට්ටමෙන් පහන් කූඩු තරග පැවැත්වෙන බවත්, දහම් පාසල් මට්ටමින් බැති ගී නිපුණතා තරග පවත්වා රාජ්‍ය මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශනය කිරීමට ද රජය සැළසුම් සකස්කර ඇති බවත් ජයරත්න මහතා ප්‍රකාශ කළේ ය.

රාජ්‍ය වෙසක් උත්සවයේ දී ජාත්‍යන්තරයට ශක්තිමත් පණිවුඩයක් ලබාදිය යුතු බව පවසන ඒ මහතා බුදුදහමෙන් ඉගැන්වෙන මානව හිමිකම් ආරක්‍ෂා කිරීම, සමානාත්මතාව ලොවට පෙන්වා දියයුතු බව සඳහන් කළේ ය.

ලෝකයේ බොහෝ රටවල් මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට උපදෙස් දීමට උත්සාහ ගත්තත් බුදු දහම නිසා වසර දහස් ගණනක් තිස්සේ සිට අප රටේ මානව හිමිකම් ආරක්‍ෂා වූ ආකාරය ඔවුන්ට පෙන්වාදිය යුතු බවත් අගමැති දි.මූ. ජයරත්න මහතා පැවසීය.

2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති කාලපරිච්ඡේදයේ පවත්වන රාජ්‍ය වෙසක් උත්සවය මෙය වන බවත්, එය බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින සෙංකඩගල පුරවරයේ දී පැවැත්වීමට රජය තීරණය කළ බව ද හෙතෙම කීවේ ය.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 07 වැනි දා බදාදා අපරභාග 05.49 ට ලබයි.
08 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 03.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වැනි දා බදාදා ය.

මී ළඟ පෝය
මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දාය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]