ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ඒකීය උපසම්පදා විනය
කර්මයේ සමාරම්භක
මහෝත්සවය ජූනි 24 වන දා සවස 03.30 ට කඳාන වල්පොල විමලරත්නාරාම විද්‍යා
නිවාස පිරිවෙනේ දී
බෝධිසත්ව ගුණෝපේත අඹගහපිටියේ ඤාණවිමලතිස්ස මහනාහිමියන් විසින්
ක්‍රි.ව. 1803 දී පමණ ආරම්භ කරන ලද අමරපුර මහා නිකාය විවිධ හේතූන්
පදනම් කොට පාර්ශ්ව ගණනාවකට බෙදී ගොස් අද වන විට 22 ක් දක්වා වර්ධනය වී
තිබේ. එනමුදු වසර 60 කට සමීප කාලපරාසයක් තුළ එකී සියලු පාර්ශව එකමුතු
වී ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය පිහිටුවා ගන්නා ලදුව ගුණ වෘද්ධ තපෝ
වෘද්ධ මහා යතිවරයන්ගේ මඟපෙන්වීම නිසා උදාර සසුන් මෙහෙවරක් ඉටු කරන සඟ
පිරිසක් බිහි වී සිටිනු දැක්ම සතුටට කරුණක්.
මෙවර සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව අමරපුර නිකායික සියලු පාර්ශව ඒකරාශි
වී ඒකීය උපසම්පදාවක් සිදු කිරීමට තීරණය කිරීම සසුනේ පැවැත්මට මහත්
රුකුලක් වේ.
ඉතිරිය»
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ඉසුරු උදාන ළමා ගිණුමක්
අපේක්ෂා ශ්‍රී ලංකා සංවිධානය මහජන බැංකුව සමඟ මිහිමෙත් දරැවන් සොයයි
දෙදහස් හයසීය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව 2011 මැයි මස 17 වන
වෙසක් පුන් පොහෝදා මෙලොව එළිය දුටු සියලුම බිලිඳු දරු දැරියන් උදෙසා
රුපියල් 2000 බාල වයස් ඉසුරු උදාන ළමා ගිණුම ජනහද හඳුනන මහජන බැංකුව
කේන්ද්‍රිය කැරගෙන අපේක්ෂා ශ්‍රී ලංකා සංවිධානය මෙහෙයවීමෙන්
ක්‍රියාත්මක කෙරේ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
මම මගෙන් නිදහස් ද ?
‘මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා පංච උපාදානස්ඛන්ධයේ හට ගැනීමත්,
නැති වීමත්, ආස්වාදයත්, ආදීනවයත්,
නිස්සරණයත් ඒ ආකාරයෙන්ම අවබෝධ කරනවා නම්, පින්වත් මහණෙනි,
එම ආර්ය ශ්‍රාවකයාට තමයි සෝවාන් කියලා කියන්නේ.
සතර අපායේ නොවැටෙන
ස්වරූපයෙන් යුතු කෙනා නියත වශයෙන්ම නිවන් අවබෝධය පිහිට කර ගෙන ඉන්න
කෙනෙකු බවයි’ යනුවෙනි.
මෙය තමා විසින්ම නුවණින් විමසා බැලිය යුත්තකි.
ඉතිරිය»
|