UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ඒකීය උපසම්පදා විනය කර්මයේ සමාරම්භක මහෝත්සවය ජූනි 24 වන දා සවස 03.30 ට කඳාන වල්පොල විමලරත්නාරාම විද්‍යා නිවාස පිරිවෙනේ දී

බෝධිසත්ව ගුණෝපේත අඹගහපිටියේ ඤාණවිමලතිස්ස මහනාහිමියන් විසින් ක්‍රි.ව. 1803 දී පමණ ආරම්භ කරන ලද අමරපුර මහා නිකාය විවිධ හේතූන් පදනම් කොට පාර්ශ්ව ගණනාවකට බෙදී ගොස් අද වන විට 22 ක් දක්වා වර්ධනය වී තිබේ. එනමුදු වසර 60 කට සමීප කාලපරාසයක් තුළ එකී සියලු පාර්ශව එකමුතු වී ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය පිහිටුවා ගන්නා ලදුව ගුණ වෘද්ධ තපෝ වෘද්ධ මහා යතිවරයන්ගේ මඟපෙන්වීම නිසා උදාර සසුන් මෙහෙවරක් ඉටු කරන සඟ පිරිසක් බිහි වී සිටිනු දැක්ම සතුටට කරුණක්. මෙවර සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව අමරපුර නිකායික සියලු පාර්ශව ඒකරාශි වී ඒකීය උපසම්පදාවක් සිදු කිරීමට තීරණය කිරීම සසුනේ පැවැත්මට මහත් රුකුලක් වේ.

ඉතිරිය»

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ඉසුරු උදාන ළමා ගිණුමක්

අපේක්ෂා ශ්‍රී ලංකා සංවිධානය මහජන බැංකුව සමඟ මිහිමෙත් දරැවන් සොයයි

දෙදහස් හයසීය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව 2011 මැයි මස 17 වන වෙසක් පුන් පොහෝදා මෙලොව එළිය දුටු සියලුම බිලිඳු දරු දැරියන් උදෙසා රුපියල් 2000 බාල වයස් ඉසුරු උදාන ළමා ගිණුම ජනහද හඳුනන මහජන බැංකුව කේන්ද්‍රිය කැරගෙන අපේක්ෂා ශ්‍රී ලංකා සංවිධානය මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

මම මගෙන් නිදහස් ද ?

‘මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා පංච උපාදානස්ඛන්ධයේ හට ගැනීමත්, නැති වීමත්, ආස්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ ආකාරයෙන්ම අවබෝධ කරනවා නම්, පින්වත් මහණෙනි, එම ආර්ය ශ්‍රාවකයාට තමයි සෝවාන් කියලා කියන්නේ. සතර අපායේ නොවැටෙන ස්වරූපයෙන් යුතු කෙනා නියත වශයෙන්ම නිවන් අවබෝධය පිහිට කර ගෙන ඉන්න කෙනෙකු බවයි’ යනුවෙනි. මෙය තමා විසින්ම නුවණින් විමසා බැලිය යුත්තකි.

ඉතිරිය»

බලපිටිය ගණේගොඩැල්ල පුරාණ රජ මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ඡන්ද බල ප්‍රදේශයේ පිහිටි ගණේගොඩැල්ල පුරාණ රජ මහා විහාරය දඹදෙනි යුගයේ දෙවැනි මහා පරාක්‍රමබාහු රජතුමාගේ නියමයෙන් දේව පතිරාජ අමාත්‍යවරයා විසින් ඉදි කළ විහාරස්ථානයක් බව වංශ කතාවල සඳහන් වේ. මෙහි දැක්වෙන්නේ   එම විහාරස්ථානයේ නව බුදු මැදුරේ ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකිනි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජූනි 23 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.12 ට ලබයි. 24 වන දා සිකුරාදා පූර්ව භාග 06.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 23 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජූනි 30 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]