2600 සම්බුද්ධත්ව ජයන්ති සැමරුම් විශේෂ අවස්ථා
දෙදහස් හයසිය වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරා ලෝවැසි බෞද්ධ ජනතාව
විවිධ බෞද්ධ වැඩසටහන් සංවිධානය කර තිබිණි. දාන, ශීල, භාවනා ඇතුළු
වැඩසටහන් රැසක් ඒ අතර වෙයි. ශ්‍රී ලංකාවද මේ උතුම් අවස්ථාව සමරා විවිධ
වැඩසටහන් සංවිධානය කළ අවස්ථාවන්
කිහිපයකි මේ.
ඉතිරිය»
පිළිකා නිවාරණයට භාවනාව
පී.කස්සප හිමියෝ
මහනුවර, ජාත්‍යන්තර ආරණ්‍යක භාවනා මධ්‍යස්ථානයක් වූ “රොක්හිල්
හර්මිටේජ්” ආයතනයේ නිර්මාතෘවරයාණෝ ය. උන්වහන්සේ වසර 102 ක් ආයු වළඳා
1998 දී අපවත්වී වදාළ ශ්‍රී ලංකාවේ කීර්තිමත් භාවනා ගුරුවරයකු වන
බළන්ගොඩ ආනන්ද මෛත්රේරය හිමිපාණන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවරයාණ කෙනෙකි.
රොක්හිල් අසපුවෙහි භික්‍ෂූන්, භික්‍ෂුණීන් සහ ගිහියනටත් පහසුකම් ඇති
අතර එය සුවපහසු සහ සිසිල් ගුණයෙන් යුත් සුන්දර කඳු බෑවුමක අක්කර
පහළොවකට වැඩි වපසරියක පිහිටා ඇත. එහි ඇති තරම් ගල්ගුහා භාවනා කුටි සහ
විශාල භාවනා ශාලාවක් ද වෙයි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
නුවණින් දැකීම
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම
ත්‍රිලක්ෂණය අවබෝධකර නොගන්නා මිනිසාගේ සිත
ලස්සන ගසක එතුනු වැලක් බඳුය. ඒ වැල අතු පතර ගොස් මුලු ගසම වසාගෙන ගස
විනාශ කරයි. තණ්හාවට වහල්වූ මිනිසාට ජීවිතයේ අස්ථිර බව
නොවැටහේ. තෘෂ්ණාව නොහොත් ආශාව ජීවිතය නමැති මල් උයනේ සැගවී සිටින
සර්පයකු බදුය.
ඉතිරිය»
|