50 වන කොටස
ක්‍රෝධ වග්ගය
221. කෝධං ජහෙ විප්පජහෙය්‍ය මානං
සංඤෙඤාජනං සබ්බ මතික්කමෙය්‍ය
තංනාම රූපස්මිං අසජ්ජමානං
අකිඤ්චනං නානුපතන්ති දුක්ඛා
ක්‍රෝධ මානය ඉක්ම - සසර බැමි ඉක්මවන- නාම රූ ඉක්මවන තැනැත්තා නිකෙලෙස්
ය.
හිතවතුනි, සසර බැමි- හැඳින ගෙන හැසිරෙන්න- එවිට මේ ජීවිතය පිදිය යුතු
වන්නේ ය.
222. යො වෙ උප්පතිතං කොධාං- රථං භන්තංච ධාරයෙ තම්හං සාරථිං බ්‍රෑමි
රස්මිග්ගාහො ඉතරො ජනො
ක්‍රෝධ සිත හසුරුවන- තැනැත්තා රියදුරෙකි. එසේ නැති කිසිවෙකුත්
රියැදුරෙකු නොවේම ය.
හිතවතුනි, ක්‍රෝධයෙන් - යහපතක් සිදු නොවේ- ඒ නිසා විනාශය ඔබට ළං වන්නේ
ය.
223. අක්කෝධෙන ජිනෙ කොධං අසාධුං සාධුනාජිනෙ ජිනෙ කදිරියං දානෙන සච්චේන
අලික වාදිනං
මෛත්‍රියෙන් ක්‍රෝධයද - යහපතින් අයහපත ද - දිනාගත හැකි බවත්- හොඳින්
වටහා ගන්න දානයෙන් ලෝභය ද - බොරු වචන ඇත්තේ ද දිනාගත හැක්කේ ය. අත්හදා
බලනු මැන..
හිතවතුනි, නරක දේ - හොඳින් ජය ගත හැකි ය- එවිට මේ ජීවිතය- සරු කෙතක්
වන්නේ ය.
මතු සම්බන්ධයි
බණ්ඩාර මඩුගල්ලේ |