|
|
ඉන්දියාවේ මහා බෝධි
සමාගමේ ලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත
නාහිමියන් භාරත දේශයේ ප්‍රධාන සංඝනායක
පදවිය සමඟ “බුද්ධ ශාසන කීර්ති ශ්‍රී “
සම්මානයෙන් පුදනු ලැබූ අතර ඒ පිළිබඳව
උන්වහන්සේ පිළිගැනීමේ උත්සවයක් මහා
සංඝරත්නයේ සහභාගිත්වයෙන් ජනාධිපති මහින්ද
රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ
මන්දිරයේදී පැවැත්විණි. එහිදී
ජනාධිපතිතුමා උන්වහන්සේට චෛත්‍යයක
ආකෘතියක් පූජා කළ අයුරු මෙහි දැක්වේ. එම
අවස්ථාවට ඇමැති එස්.බී. දිසානායක, ඇමැති
ටී.බී. ඒකනායක, භූතානයේ සංස්කෘතික ඇමැති
ලෙම්පො මින්ජෝර් මහත්වරු ඇතුළු පිරිසක්
සහභාගි වූහ.
ඡායාරූපය - සුදත් සිල්වා |
|
|
භික්ෂූන් වහන්සේ සහ දසසිල් මාතාවන් සඳහා
ඉංග්‍රීසි පාඨමාලාවක් - නොමිලයේ
කැලණිය අංක :- 110 චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථාන පාලක
සභාවේ මූළිකත්වයෙන් හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, මහජන
සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය, මර්වින් සිල්වා මැතිතුමාගේ
මෙහෙයවීමෙන් මහින්ද චින්තන සංකල්පය යටතේ භික්ෂූන් වහන්සේලා සහ දසසිල්
මාතාවන් සඳහා ඉංග්‍රීසි ලිවීම කියවීම හා විදේශ ධර්මදූත සේවාව සඳහා
ඉංග්‍රීසි පාඨමාලාවක් සැම ඉරිදා දිනක ම පස්වරු 2.00 සිට 5.00 දක්වා
ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කරගෙන යනු ලැබේ.
ඉතිරිය»
|
|
නවම්පුර පසළොස්වක පෝය
නවම්පුර පසළොස්වක පෝය පෙබරවාරි 17 වනදා
බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
18 වන දා සිකුරාදා අපරභාග 02.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 17 වන දා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය. |
|
|
|
|
|
|