නවම් පුර පසළොස්වක 2011. 02.
17
සංවිධාන චර්යාව හැදෑරීම
නූතන කළමනාකරණ ක්‍ෂේත්‍රය යටතේ ඉගැන්වෙන ‘සංවිධාන චර්යාව’
නමැති විෂය පිළිබඳ ව සිංහලෙන් ලියැවී ඇති ප්‍රමාණය ඉතා අල්ප ය.
එ බැවින්, ආචාර්ය යූ.බී. රාමනායක, ආචාර්ය
පී.එම්.කේ.ඒ. චන්ද්‍රකුමාර, එම්.ඩී. පුෂ්පකුමාරි,
පී.ඩී.එච්.ඩී. ගුණතිලක, ජී.පී. කරුණානායක යන ලේඛකයන් ගේ සාමූහික
ප්‍රයත්නයක් වන ‘සංවිධාන චර්යාව’ කෘතිය සිංහල පාඨයන්ට අතිශයින්
වැදගත් වී තිබේ. අද දින කතා කිරීමට අප තෝරා ගත් මාතෘකාව වෙත
ළගාවීම සඳහා එම කෘතිය උපුටා දැක්වීමට කැමැත්තෙමු.
“මිනිසා ගේ චර්යාවට සිත හෙවත් විඥානය ප්‍රධාන වන බව ඉතිහාසයේ
දීර්ඝ කාලයක් තිස්සේ විඥාන වාදීහු මෙන් ම සාමාන්‍ය ජනයා ද
විශ්වාස කළ හ. එහෙත් අයිවන් පැව්ලොව්. ඊ.එල්. කෝන්ඩයින්,
ජෝන්.බී. වොට්සන්, බී.එෆ්. ස්කිනර් වැනි ප්‍රමුඛතම චර්යාවාදී
මනෝවිද්‍යාඥයෝ මනස, සත්‍ය හා නිවැරැදි ලෙස ගවේෂණය කිරීමට නො
හැකි දෙයක් ලෙස සලකා මනසේ ප්‍රධානත්වය ප්‍රතික්‍ෂ්ප කළ හ. ඒ
වෙනුවට ඔවුන් අවධාරණය කළේ බාහිර වශයෙන් නිරීක්‍ෂණය කොට හැදෑරිය
හැකි, තේරුම් ගත හැකි බාහිර චර්යාව ගවේෂණය කළ යුතු බව යි.”
“අයිවන් පැව්ලොව් තම සම්භාව්‍ය ආරෝපණ න්‍යාය මගින් හෙළි කළ
ආකාරයට සත්ත්වයෙක් (මිනිසා) යම් ක්‍රියාවක් හෝ චර්යාවක් සිදු
කරනුයේ ඔහුට බාහිරින් ලැබෙන රූප, ශබ්ද ආදී උත්තේජක නිසා ය. ඒ
උත්තේජකයකට ඔහු ප්‍රතිචාර දක්වයි. මෙ සේ උත්තේජකවලට ප්‍රතිචාර
දැක්වීම සරලතම චර්යාවයි. එහෙත් ස්වාභාවික ව පවතින උත්තේජකවලට
ආරෝපිත උතේතේජක ගැළපීම තුළින් අවශ්‍ය චර්යාවන් සකස් කරගත හැකි
ය.”
“සංවිධාන චර්යාවට අදාළ වන්නා වූ හා සංවිධානවල අභියෝග හා අවස්ථා
වශයෙන් ද සැලකිය හැකි එවැනි වැදගත් නිපුණතා (සාමාර්ථ්‍යතා)
හතක් හෙල්රිජල්, ස්ලොකම් හා වුඩ්මන් පෙන්වා දෙති.
1. තමා ව කළමනාකරණය කිරීම
2. සන්නිවේදනය කළමනාකරණය
3. විවිධත්වය කළමනාකරණය
4. සදාචාර කළමනාකරණය
5. අන්තර් සංස්කෘතික කළමනාකරණය
6. වැඩ කණ්ඩායම් කළමනාකරණය
7. විපර්ය කළමනාකරණය
මෙහි අංක 3 යටතේ සඳහන් විවිධත්ව කළමනාකරණය කිරීම යන කරුණ මෙ සේ
විග්‍රහ කැර තිබේ.
”පුද්ගල විශේෂතා හා කණ්ඩායම් විශේෂතා තේරුම් ගැනීම හා ඇගැයීම,
සංවිධානයේ ශක්තිමත් භාවයට හේතුවන එ වැනි කරුණු හඳුනා ගැනීම,
පුද්ගලයන් ගේ පසුබිම් විවිධ වුව ද ඔවුන්ට ම විශේෂ වූ ලක්‍ෂණ
හඳුනා ගෙන සපලදායි පුද්ගලයන් බවට පත්වීමට ඔවුන්ට උදවු දීම,
නායකත්වය දීම, සියලු දෙනා ගේ ජයග්‍රහණය සිදු වන ආකාරයට සංවිධාන
බලය හැසිරවීම.”
පෞරුෂත්වය පිළිබඳ පරිච්ඡේදයේ දී ආත්ම සම්මානය යටතේ මෙ සේ සඳහන්
ය.
”පුද්ගලයකු විසින් තමන් පිළිබඳ කරනු ලබන ඇගයීම මත ආත්ම සම්මානය
ඇති වේ. පුද්ගලයන් තමන් ගේ දක්‍ෂතා හා හැකියාවන් මෙන් ම බාහිර
පෙනුම, වටිනාකම ආදිය මත තම චර්යාව පිළිබඳ තමන්ට ආවේණික වූ
නිගමනයන්ට එළඹෙයි.
නූතන කළමනාකරණ ක්‍ෂේත්‍රයෙහි සිදු වී ඇති දියුණුව මේ දීර්ඝ
පැහැදිලි කිරීම මඟින් අප පාඨකයන්ට අවබෝධ වන බවට කිසිදු සැකයක්
නොමැත. එහෙත් මේ අති නවීන සොයා ගැනීම් අතීතයේ පැවැති ඒවා ය.
බොහෝ දෙනා ඒ බව නො දනිති. පුද්ගල විශේෂතා ඇගැයීම, නායකත්වය
දීම, සියලු දෙනා ගේ ජයග්‍රහණය සිදුවන ආකාරයට සංවිධාන බලය
හැසිරවීම, ආත්ම සම්මානය ආදී නූතන සංකල්ප අතීතයේ දී ක්‍රියාත්මක
වූ ආකාරය නවම් පුර පසළොස්වක පොහොය සිදුවීම් මඟින් අවබෝධ කැර
ගැනීමට පුළුවන.
බුද්ධ ශාසනයේ පළමු තනතුරු ප්‍රදානය වූ සැරියුත් මුගලන් මහ
රහතන් වහන්සේ ලා හට අගසවු තනතුරු පිරිනැමීම නවම් පොහොය දිනක දී
සිදුවිය. පංචවර්ගික භික්ෂූහු, යස භික්ෂුව, භද්‍රවර්ගික
භික්ෂූහු, තුන් බෑ ජටිල භික්ෂූහු යන ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේ
සිටිය දී පසු ව සසුනට ඇතුළත් වූ සැරියුත්, මුගලන් හිමිවරුන්
අගසවු තනතුරුවලට පත් කිරීම සුවිශේෂී සිද්ධියකි. ඊට එරෙහි ව
ඇතැම් භික්‍ෂූන් විසින් දොස් නඟන ලදැයි පැවැසේ. එ සේ වුව ද
පුද්ගල විශේෂතා ඇගැයීම පිණිස බුදුරජාණන්වහන්සේ ගත් නිවැරැදි
තීරණය උන්වහන්සේ එ සේ ම ක්‍රියාත්මක කළ හ. ඒ ආත්ම සම්මානයෙහි
ඇති වැදගත්කම බුදුසසුනේ පසුකාලීන සිදුවීම් විමසා බලන විට
පැහැදිලි වන කරුණකි.
එ පමණක් ද නො ව අගසවු තනතුරු ප්‍රදානය සඳහා තෝරා ගන්නා ලද්දේ
එක්දහස් දෙසිය පනහක් රහතන් වහන්සේලා රජගහ නුවර වේළුවනාරාමයට
රැස් කළ ප්‍රථම මහා සංඝ සන්නිපාත අවස්ථාව ය. පුද්ගල විශේෂතා
ඇගැයීමට එ බඳු අවස්ථාවක් යොදා ගැනීම කෙ තරම් වැදගත්දැයි
අමුතුවෙන් කිව යුතු නො වේ.
බුදුසසුනේ මේ දියුණු කළමනාකරණ ලක්‍ෂණ නො සලකා හැර ඇති අප සමාජය
ඒවා සොයා බටහිර රටවලට වන්දනාවේ යෑම විහිළුවක් නො වේ ද? |