බේරුවල මංහන්දිය 
			ශ්‍රී සම්බෝධාරාම මහා විහාරය
			
			ඡායාරූප හා සටහන 
			කපිල කුලසිංහ 
			කටුකුරුන්ද සමූහ 
			 
				
					| 
					 
					  
			පැරැණි බුදු මැදුර  | 
				 
			 
			
			බේරුවල මංහන්දිය ශ්‍රී සම්බෝධාරාම මහා විහාරය ඉපැරණි ගල් කැටයමින් පිරි 
			සුවිශේෂි විහාරස්ථානයකි. බේරුවල ප්‍රධාන නගරයේ සිට කිලෝමීටර පහක් පමණ 
			කීරන්තිඩිය පාරේ ගමන් කළ විට හමුවන මෙම විහාරස්ථානය ලාංකික බොදු 
			ජනතාවගේ ගෞරවාදරයට පත් ව ඇති ස්ථානයකි. 
				
					
						| 
						 
						  
			ශෛලමය පියගැට පෙළ  | 
					 
				 
			 
			
			මහා වනාන්තරයක සිරි ගෙන තිබූ මංහන්දිය ප්‍රදේශයට මාර්ග සකසා සුන්දර කඳු 
			ගැටයක් මත මෙම විහාරය කරවූයේ මාලේවන පඤ්ඤානන්ද හාමුදුරුවන් වහන්සේ 
			විසිනි. විහාරස්ථානයේ බොහෝ ස්ථාන කළු ගලින් නිමවා විහාරයට දැකුම්කළු 
			බවක් එක් කරලීමට උන් වහන්සේ කටයුතු යෙදීය. ඒ අනුව විහාරස්ථානය ඉදි 
			කිරීම සඳහා වන සියලු ගල්, ගල්පල කන්දේ සිට අලි කරත්ත යොදා ගනිමින් 
			විහාර භූමියට රැගෙන ගොස් ඇත. අනතුරුව ඉන්දියානු ගල් කැටයම් ශිල්පීන් 
			ගෙන්වා ගෙන ලාංකික ශිල්පීන්ගේ හා ගම්වැසියන්ගේද සහය ඇතිව විහාරස්ථානය 
			ගොඩ නගා ඇත. 
			මෙම විහාරස්ථානයේ විහාර ගෘහය, පියගැටපෙළ අගනා ගල් කැටයම් වලින් 
			නිර්මිතය. සඳකඩපහණ, මුරගල් , ගල් කණු, ගල් උළුවහු, හා විහාරස්ථානය හා 
			සම්බන්ධ බොහෝ නිර්මාණ දැකුම්කළු ලෙසට තනි කළු ගලින් නිමවා ඇත. ඒවා 
			වෙනත් නිර්මාණ වලින් වෙනස් වන්නේ මෙහි ඇති මනරම් අවසන් නිමාව හේතුවෙනි. 
			ක්‍රි.ව. 1917 දී ඉදි කරන ලද ගල් පොකුණ හා ළිඳ වර්තමානයේ ද ජලය ලබා 
			ගැනීමට යොදා ගනී. 
			මෙම විහාරස්ථානයේ විහාර ගෘහය ද වෙනත් විහාරයන්ට වඩා වෙනස් බවක් දක්වයි. 
			දාගැබ සහිත විහාර ගෘහයේ 18 රියන් හිටි පිළිමය දුටුවන් සිත් ඇදගන්නා 
			සුළුය. 
			මාලේවන ඥාණිස්සර, මාලේවන සෝභිත හා කළුපහණ කොණ්ඩඤ්ඤ යන නායක ස්වාමින් 
			වහන්සේලාගේ නායකත්වයෙන් පසුකාලීනව සංවර්ධනය වුනු මෙම විහාරස්ථානයේ 
			වත්මන් විහාරාධිපති හල්තොට පාලිත හිමිය. උන් වහන්සේ ගේ ඇප කැපවීම මත 
			මෙම විහාරය ප්‍රදේශයේ ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්ව තිබේ. වැදුම් 
			පිදුම් කිරීම සදහා අවශ්‍ය වන සියලු අංගයන්ගෙන් සපිරි මෙම විහාරය බොදු 
			ජනතාවගේ දෑස් යොමුවිය යුතු ස්ථානයකි. 
			  
			  
				
					
						
						  
			විහාර මන්දිරයේ සිතුවමක් | 
						
						  
			බෝධීන් වහන්සේ | 
						
						  
			ධර්ම ශාලා ගොඩනැගිල්ල | 
					 
				 
			 
			
			 
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			   |