උක්ඕවිට දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම 19 දා
			
			 
			ගාල්ල, උඩුගම, උක්ඕවිට ආලෝක මහා විහාරස්ථානයේ අභිනව දෙමහල් දහම් පාසල් 
			ගොඩනැගිල්ල නොවැම්බර් මස 19 දින පස්වරු 2.30 ට විවෘත කෙරේ. 
			මේ දෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ලට ගෙවදීම වෙනුවෙන් 19 දින පස්වරු 2.30 
			ට විශේෂ උත්සව සභාවක් පැවැත්වෙන අතර රාත්‍රී සර්වරාත්‍රික පරිත්‍රාණ 
			ධර්ම දේශනාවකි. නොවැම්බර් 20 දින උදය හා දවල් මහා සංඝගත දක්ෂිණාවක්ද 
			පැවැත්වේ. මීට සමගාමීව විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජාව හා අපවත් 
			වී වදාළ දොරප් ශ්‍රී කොණ්ඩඤ්ඤ මහා ස්වාමීන් වහන්සේගේ ගුණානුස්මරණ 
			පින්කමද, මියගිය සතර පේරුවේ දායක කාරකාදින්ට පින් පැමිණ වීමද සිදුකෙරේ. 
			විහාරස්ථ දායක සභාව, කුලඟණ සමිතිය, දහම් පාසල හා දහම් පාසල් සංවර්ධන 
			සමිතිය ඒකාබද්ධව මෙම මහා පින්කම් මාලාව සංවිධානය කොට ඇත.  |