ධම්මපද සැහැල්ල - 31 කොටස
බණ්ඩාර මඩුගල්ලේ
135 යථා දණ්ඩේන ගොපාලො - ගාවො පචෙති ගොචරං
එවං ජරාව මච්චු ච – ආයුං පාචෙන්ති පාණිනං
ගොපල්ලා කෙවිටකින්, ගොනුන් මෙහෙයන පරිදි, ජරාවෙන් මරණයෙන්, ආයුෂය මෙහෙය
වේ. හිතවතුනි, ජරාවෙන්, මරණයෙන් නිමාවන, ජීවිතය සඵල සේ හසුරුවා ගත යුතු
ය...
136 අථ පාපානි කම්මානි – කරං බාලෝ නබුජ්ඣති.
සේහි කම්මේහි දුම්මේධො - අග්ගිදඩ්ඪෝ ච තප්පති.
මෝඩයෝ පාපයේ, තරම දන්නේ නැතිව, මහා පව් කර ගනිති. පසුව මහ දුක් විඳිති.
හිතවතුනි, කරන දේ, සිහි ඇතිව කළ යුතුය, එසේ නැතහොත් පසුව විපත් සිදු
වන්නේ...ය...
137 යො දණ්ඩේන අදණ්ඩේසු - අප්පදුට්ඨෙසු දුස්සති.
දසන්නමඤ්ඤතරං ඨානං ඛිප්පමෙව නිගච්ඡති.
රහත් කෙනෙකුට යමකු, වැරැද්දක් කළොතින්, නිසැක ලෙස ඔහු මහා දුකට පත්
වන්නේ ය... (මෙය ඉදිරි ගාථා කීපයක් හා සම්බන්ධව පවතී)
138 වෙදනා ඵරුසං ජානිං - සරීරස්ස ච භේදනං
ගරුකං වාපි ආබාධං - චිත්තක්ඛේපං ච පාපුනෙ
සිරුර, අත, පය දරුණු - ලෙස කැඩී බිඳී යයි. එසේ නැතහොත් ඔහුගෙ සිහි
විකල් වන්නේ...ය... (මෙයද ඉදිරි ගාථාව හා සම්බන්ධයි)
139 රාජතො වා උපස්සග්ගං - අබ්භක්ඛානං ව දාරුණං
පරික්ඛයං ච ඤාතීනං - භෝගානං ච පභංගුරං
රාජ දඬුවම් ලබයි. විපතකට ගොදුරු වෙයි. නෑසියන් අහිමි වෙයි. භවභෝග සිඳී
යයි. (මෙයද ඉදිරි ගාථාව හා සම්බන්ධයි)
140 අථවාස්ස අගාරානි – අග්ගී ඩහති පාවකො
කායස්ස භෙදා දුප්පඤ්ඤෝ - නිරයං සොපපජ්ජති
කොතැන සිටියත් සිටින, නිවස ගින්නෙන් දැවේ. මරණයෙන් පසු නිසැක ලෙස
දුගතියට යැවේ. හිතවතුනි, සිල්වතුන් පුදා ගරු කළ යුතු ය. ඉන් ඔබේ සසර
මඟ, සැප සම්පතින් පිරේ.
මතු සම්බන්ධයි
|