රත්මලාන බෝධිරුක්‍ඛාරාමයේ
ගුණ සමරුව හා කඨින පින්කම
රත්මලාන බෝධිරුක්‍ඛාරාමයේ විහාරාධිපතිව වැඩ සිටි අපවත් වී වදාළ අමරපුර
සිරි සද්ධර්ම යුක්තික මාතර නිකායේ මහානායක ධුරන්දරව වැඩ විසූ වැලිකඩ
සිරි ඤාණිස්සර මහ නාහිමියන්ගේ 36 වන ගුණ සමරුව සහ වාර්ෂික කඨින පින්කම
නිමිත්තෙන් දම් දෙසුම් මාලාවක් අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර
නිකායේ අනුනායක කළුතර ඤාණාවාස අනුනාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු
කැරේ.
ඉතිරිය»
පානදුරා වාදයට පසුබිම් වු රන්කොත් විහාරය
ශ්‍රී ලාංකික බුද්ධ ශාසන ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වූ
පානදුරාවාදය නිසා ප්‍රකට වූ ප්‍රදේශයයි පාණදුරය. ඊට අමතරව කොස්මාමා
නමින් ප්‍රකට ආතර් වී දියෙස් ශ්‍රීමතාණන්ගේ නම නිසාද පාණදුරයට ලැබුණේ
මහත් වූ ආලෝකයකි. දිවයිනේ විවිධ හේතූන් නිසා ඒ ඒ ප්‍රදේශයන් ප්‍රකට වූ
අතර පානදුරය ප්‍රකට වූයේ ඉහත කී කාරණා සහ තවත් කාරණාවකිනි. ඒ රත්තරනින්
කොතක් පිහිටියේ යැයි ඇඟැවෙන රන්කොත් විහාරය පානදුරේ පිහිටි නිසාවෙනි.
ලංකාවේ බස්නාහිර, වයඹ, උතුර, නැඟෙනහිර, මධ්‍යම, උතුරු මැද ආදී ඉහළ
කොටසට වඩා පහළ දකුණු කොටසේ උපරිමයෙන් සිංහලකමත් බෞද්ධකමත් ස්ථාවරව
පවතින බව සිතන පිරිසක්ද සටිති.
ඉතිරිය»
ධර්ම දේශනාව:
අනතුර හදුනා ගනිමු
රජගහනුවර ‘මහධන’ නමින් පොහොසත් වෙළෙන්දෙක් වාසය කළා. මොහු සතුව විශාල
ධනයක් තිබූ නිසයි ඒ නම යෙදුනේ. මේ වෙළෙන්දා ගැල් (කරත්ත) පන්සියයක
නොයෙක් වටිනා බඩු පුරවා ගෙන රටින් රට නගරයෙන් නගරයට යමින් වෙළඳාම්
කරනවා. සියලුම භාණ්ඩ අලෙවි කරගෙනයි මොහු ගමට ආපසු යන්නේ. සමහරවිට මේ
සඳහා මාස ගණන් ගත වෙනවා. ඔය අතරවාරයේ දී බුදුහාමුදුරුවෝ ද වරින්වර
හමුවෙනවා. බණ අසන්නත් යනවා. දන්පැන් පූජා කිරීමත් සිදුවෙනවා. ඒනිසාම මේ
වෙළෙන්දා බුදුහාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයේ කුළුපග දායකයෙක් බවටද
පත්වුණා.
ඉතිරිය»
|