කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා
අධ්‍යයන අංශයේ, මහාචාර්ය
ඒ.ඒ.ඩී. අමරසේකර ශ්‍රී ලාංකික බුද්ධ ශාසන ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වූ
පානදුරාවාදය නිසා ප්‍රකට වූ ප්‍රදේශයයි පාණදුරය. ඊට අමතරව කොස්මාමා
නමින් ප්‍රකට ආතර් වී දියෙස් ශ්‍රීමතාණන්ගේ නම නිසාද පාණදුරයට ලැබුණේ
මහත් වූ ආලෝකයකි. දිවයිනේ විවිධ හේතූන් නිසා ඒ ඒ ප්‍රදේශයන් ප්‍රකට වූ
අතර පානදුරය ප්‍රකට වූයේ ඉහත කී කාරණා සහ තවත් කාරණාවකිනි. ඒ රත්තරනින්
කොතක් පිහිටියේ යැයි ඇඟැවෙන රන්කොත් විහාරය පානදුරේ පිහිටි නිසාවෙනි.
ලංකාවේ බස්නාහිර, වයඹ, උතුර, නැඟෙනහිර, මධ්‍යම, උතුරු මැද ආදී ඉහළ
කොටසට වඩා පහළ දකුණු කොටසේ උපරිමයෙන් සිංහලකමත් බෞද්ධකමත් ස්ථාවරව
පවතින බව සිතන පිරිසක්ද සටිති.
නිර්භීත හා ජාතිමාමක සිංහලයන්ගෙන් සැදුම්ලත් සමස්ත දකුණු දිශාව සතු ඉහත
කී දේශමාමක ජාතිවාත්සල්‍ය පූර්ණ ජන කණ්ඩායමේ විසිරීයෑම ඇරඹෙන්නේ
පානදුරේ සිට යැයි ගැනීම නිවැරදිය. දේශවාත්ශෛල්‍ය දැල් වූ ජාතිමාමකයෝ
රැසක් පානදුරේ හෝ තදාශි‍්‍රත ප්‍රදේශවල එවකට වාස ගත්හ. මේ ඓතිහාසිකභාවය
දැනුදු ප්‍රෞඪ ලෙස විරාජමානව ප්‍රදේශය පුරාම පවතින බව විමසිල්ලෙන්
බලන්නෙකුට පැහැදිලිව පෙනෙන්නේ ය.
සිංහල භික්‍ෂූ වංශයෙහි පරම්පරා විකාශය අධ්‍යයනය කරන්නෙකුට පානදුර සහ
එතැන් සිට වන දක්‍ෂිණ ලංකාව පුරා සමස්තයක් ලෙස පැතිරපවත්නා භික්‍ෂු
වංශයෙහි විශේෂයක් දැකිය හැකි වේ. ඒ ශ්‍රී ලංකා අමරපුර නිකායට අයත්
භික්‍ෂු පාර්ශවයන් වේ. මේ ප්‍රදේශය පුරා පැතිරී වැඩ සිටීම ය.
අමරපුර නිකායට අයත් භික්‍ෂූන්වහන්සේලා පානදුරයෙන් ඇරඹෙන දකුණු සිරිලකට
කළ මෙහෙවර වෙනම සාකච්ඡා කළ යුතු තරමේ විශාල මාතෘකාවකි. ක්‍රි.ව. 1800
දී පමණ ඇති වූ සමාජ සංස්කෘතික විපර්යාසයන් හේතුපාදක කර ගනිමින් මෙම
ස්ථානයෙහි විහාරස්ථානයක් කරවන්නට එවකට විසූ සැදැහැත්තෝ උත්සාහ ගත්හ.
ආරම්භයේ දී ගල්කන්දේ විහාරය යනුවෙන් ද ගල්වලේ පන්සල යනුවෙන් ද ප්‍රකට
වූ මේ පුණ්‍යභූමියෙහි සුපිහිටි චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොතෙහි
ක්‍රි.ව. 1890 දී පමණ රත්රන් ආලේප කිරීම නිසා මේ විහාරය රන්කොත් විහාරය
බවට පත්විය.
ලංකාවේ අමරපුර නිකාය පිහිටුවා වදාළ භදන්ත ශ්‍රී කතලුවේ ගුණරතන මහානායක
ස්වාමීන්වහන්සේගේ ශාසනික මෙහෙවර විප්ලවීය හා තීරණාත්මක වූවක් විය.
උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යවරයාණන් වහන්සේ වූ බටපොල ශ්‍රී කල්‍යණතිස්ස
නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ රන්කොත් විහාරයෙහි ආරම්භකයාණන් වහන්සේ
ය.
කහපොළ සුගතරතන නා හිමි |
ඒ 1810 දී පමණ ය. ගල්කන්දේ විහාරය ;හවත් ගල්වලේ පන්සල යැයි හැඳින් වූ
මේ පහසුකම් අඩු ස්ථානයේ වලවල් අසල කුඩා කුටියක වැඩ සිටි මේ යතිවරයාණන්
වහන්සේ රන්කොත් විහාර ඉතිහාසයේ හමුවන ආදිකර්තෘන් වහන්සේ ය. පසු කලක
එනම් 1832 සිට 1841 දක්වා ලංකාවේ අමරපුර නිකායේ මහානායක ධුරය උසුලන
ලද්දේ ද උන්වහන්සේ විසිනි.
රන්කොත් විහාරය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ අනිකුත් බොහෝ විහාරස්ථාන
මෙන් සාමාන්‍ය ජනතාව විසින් නිර්මාණය කරන ලද විහාරස්ථානයක් නොවේ.
පානදුර වාසී ප්‍රභූ පැලැන්තියක් විසින් සාමාන්‍ය ජනතාවගේද උපකාර සහිතව
නිමවන ලද ස්ථානයකි. අදට ද එහි ගොඩනැඟිලිවල ඇති අභිමානවත් බව හා
නිර්මාණයෙහි උත්තුංගභාවය තැවරී ඇත්ත යථෝක්ත ප්‍රභූ සම්බන්ධය නිසාවෙන්
විය යුතු ය. ආරම්භක ගොඩනැඟිලි හැම එකක්ම පාහේ සුඛෝපභෝගී සරල සුමට බව
වෙනුවට වැඩවසම් රදල බව ඇඟවෙන පරිදි නිර්මාණය කිරීම විශේෂයකි. 18 වන
සියවසේ පානදුරේ මෙන්ම ශ්‍රී ලංකාවේ බොහෝ පළාත් ක්‍රමිකව වෙනස් වෙමින්
පැවතිනි. කෘෂි කාර්මික ජීවන රටාව ක්‍රමයෙන් වෙනස් වෙමින් කාර්මික කරණයද
රාජ්‍ය සේවය ද ජීවනෝපාය කරගත් පිරිසක් මෙවක බිහිවෙමින් පැවතිනි.
මේ අතරම රජයේ ඉහළ පෙළේ පාසල්වලින් උගත් ඉංගී‍්‍රසිය භාවිතයෙහි බුහුටි
වූ රාජ්‍ය සේවකයෝ බිහිවූහ. ටයිකෝට් පැළඳි ඔවුන්ගෙන් ඇතැමෙක් ඉතා හොඳ
බෞද්ධයෝ ද වූහ. ඉංගි‍්‍රසිය දැනගත්ත ද එංගලන්තයට සේවය කළ ද ඇතැම්විට
ක්‍රිස්තියානි අධ්‍යාපනය ලැබූවද ජාතිමාමකභාවයට හෝ දේශහිතෛශීභාවයට
කැළලක් කර නොගැනීමට ඔවුහු ශක්තිසම්පන්න වූහ.
රන්කොත් විහාරය එබඳු දේශමාමක උගත් බෞද්ධයන් පිරිසකගේ නිර්මාණයකි. වර්ස
හැන්නැදිගේ ප්‍රන්සිස්කු සොවිසා බටබැඳිරාළ මහත්මයා, පොන්නහැන්නැදිගේ
ලවරෙන්ති දියෙස් ගුරුන්නාන්සේ මහත්මා, පොන්නහැන්නැදිගේ මෝසෙස් දියෙස්
මහත්මයා, මහ වඩුගේ බස්තියන් ප්‍රේරා රේන්ද මහත්මා, තෙල්ගේ ජොරෝනිස්
පීරිස් රේන්ද මහත්මයා යන ප්‍රභූවරු ප්‍රදේශවාසීන්ගේ ආධාර ද සහිතව මේ
මනරම් සිද්ධස්ථානය නිර්මාණය කළහ.
පළමු කොටම විහාරගෙය කරවූ ඔවුහු එහි දොළොස් රියන් බුද්ධ ප්‍රතිමාවක්
නිමවූහ. 1821 ජූනි මස 27 දින සංඝවාසය තැනවීම සඳහා මූලික රැස්වීමක්
පැවත් වූ බව වාර්තා වෙයි. චෛත්‍යරාජයාණන් වහන්සේ නිර්මාණය කරවීම අතිශය
ආශ්වාදනීය පුවතකි.
ප්‍රදේශවාසීන්ගේ ශ්‍රද්ධාසම්පන්න හා ධෛර්යය සඳහා රන්කොත් වෙහෙර
චෛත්‍යරාජයාණන් වහන්සේ මනා නිදසුනකි. විශාල කළුගලක් මත අඩි 30 ක් උසට
බැමි බැඳ ඒ මැද වැලි පුරවා චෛත්‍ය මළුව සැකසීමට මහත් වෙහෙසක් දැරීමට
සිදුවන්නට ඇත. සෑමළුවත් බෝමළුවත් පුරවන්ට වැලි ගෙනාවේ පානදුරේ වෙරලෙනි.
පේලි ගැසුණු දහසක් දෙනා අතින් අත මේ වැලි රන්කොත් වෙහෙරේ බෝමළුවටත් ගෙන
ආවේ සාධු නද ;පරදැරිවය. 1863 දී මෙසේ ගොඩනැඟුණු චෛත්‍යරාජයාණන්
වහන්සේගේ ධාතු නිධානෝත්සවය පවත්වන ලද්දේ 1865 දී ය.
විහාර මන්දිරයද නිර්මාණය වූයේ මීට දශක 2කට පමණ පසුවය. ජෙරමියස් දියස්
මැතිතුමන්ගේ සුවිසල් ධන පරිත්‍යාගයෙන් හා ප්‍රධානත්වයෙන් බොහෝ දෙනාගේ
සහාය ඇතිව කරවන ලද විහාර මන්දිරය විවෘත කරන ලද්දේ 1894 දී ය. ජෙරමියස්
දියස් මැතිනිය විසින් පරිත්‍යාග කරන ලද ඉඩමෙහි ධර්ම ශාලාව ගොඩනඟනු
ලැබිණි. ඒ 1903 දී ය. ඒ විහාර මන්දිරය නිමවා වසර 36 කට පසුවය.
පී.සී.එච්.දියස් මැතිතුමා හා ජොහානස් අන්තෝනි රුද්‍රිගෝ යන ප්‍රභූන්ගේ
මූලිකත්වයෙන් ධර්මශාලාව ගොඩනංවා ඇත. ශ්‍රී පාද මන්දිරය සහ පැරණි ජල
රඳවනය සඳහා මුල්වී ඇත්තේ වෝල්ටර් සල්ගාදු, ඩික් ඩයස්, රොබර්ට් ඩයස්,
එඩ්මන් සොයිසා, චාර්ලිදියෙස්, හසු ගුණවර්ධන, තියඩෝර් ගුණවර්ධන,
රෙජිනෝල්ඩ් ගුණවර්ධන යන මහත්වරු ය.
ප්‍රජාපතී ගෝතමී උපාසිකා සමිතිය නව බෝධි ප්‍රාකාරය හා ඇත්පවුර නිමවා
ඇත්තේ 1981 වසරේදී ය. ශ්‍රී සාසනරතන අනුනාහිමි අනුස්මරණ ජාත්‍යන්තර
පුස්තකාල මන්දිරය 1987 පෙබරවාරි මස 12 වන දින නිර්මාණය කර ඇත.
පානදුරේ රන්කොත් විහාරයෙහි වැදගත්කම සටහන් වන තවත් විශේෂ කාරණා
කිහිපයකි. 1873 අගෝස්තු මස 26 සහ 28 යන දින දෙකෙහි පැවැති සුප්‍රසිද්ධ
පානදුරා මහා වාදය පැවති ජෙරමියෙස් දියෙස් මැතිඳුන්ට අයත්ව තිබූ
දොඹගහවත්ත ඉඩම පිහිටියේ රන්කොත් විහාරය අසලය.
එවකට රන්කොත් විහාරාධිපතිව වැඩ විසූ ගුණරතන තිස්ස මහානායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ දේශ දේශනාත්ර සුපතල මහා වාදයෙහි කර්තෘවරයණෝ
වූහ.
පානදුරා වාදය පිළිබඳ ටයිම්ස් පත්‍රයේ ද පළවූ අතර ඒ පිළිබඳ ග්‍රන්ථයක්
ජේ.එම්.ඩී බලස් විසින් පළ කරනු ලැබිනි. ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යයනයෙහි
හා පුනරුදයෙහි කැපී පෙනෙන වෙනසක් කළ ඕල්කට්තුමා ශ්‍රී ලංකාවට පැමිණීම ද
මේ අනුව පානදුරේ රන්කොත් විහාරය හා බැඳී පවතී.
ආසියාවේ ආලෝකය නම් ශ්‍රේෂ්ඨ බුද්ධ චරිත කාව්‍යයෙහි කර්තෘවර ශ්‍රීමත්
එඩ්වින් අර්නෝල්ඩ්තුමා ද පානදුරේ රන්කොත් විහාරයට පැමිණ ඇත. ඒ 1886 දී
ය. රන්කොත් විහාරයෙන් බිහි වූ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා
වියත්හු ඇතුළු දේශයේත් දේශාන්තරයෙහිත් ප්‍රකටවූ ශ්‍රේෂ්ඨයෝ බොහෝ ය.
රන්කොත් විහාරයෙන් බිහිවූ මහාචාර්ය මොරටුවේ සාසනරතන නායක
මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ මහායාන ධර්මය පිළිබඳ ග්‍රන්ථ රැසක් රචනා
කළාවූද අග්‍රගණ්‍ය මහා පඬිවරයෙකි.
කිතුනු ආක්‍රමණයට සෘජුව මුහුණ දුන් බෞද්ධ සිද්ධස්ථානයක් වූවද මේ ආයතනය
නිමවූවෝ ඉංගී‍්‍රසි බසෙහි හසල දැනුමක් තිබූ බ්‍රිතාන්‍ය පාලනයෙහි
වැදගත් තනතුරු දැරූ ප්‍රභූවරුන්ය. එහෙයින්ම ගොඩනැඟිලිවල හා ඇවතුම්
පැවතුම් ෂෂයෙහි වෙනත් බෞද්ධ සිද්ධස්ථානයකට වඩා විශේෂතා කිහිපයක්
හඳුනාගත හැකි ය. යාඥා ගෘහයක ආකෘතියට දිග බංකු තබා ඇති ධර්මශාලාව එක්
නිදසුනකි. එබඳු අසුන් අරා හිඳ බුදුබණ ශ්‍රවණය කරන ධර්මශාලා
සාමාන්‍යයෙන් ලංකාවේ නැත. |