විදේශීය ධර්ම ප්‍රචාරය
සහ
භික්‍ෂූන් වහන්සේ
වහුමුවේ විජයවංස නා හිමි
භික්‍ෂූන් වහන්සේ මහත්
කැපකිරීම් සිදු කරමින්
යුරෝපීය සුදු ජාතිකයන්ට බුද්ධ
දර්ශනය තුළින් අධ්‍යාත්මක සහනය
ලබාදීමට දරන උත්සාහය අගය කළ යුතු ය.
කාර්මීකරණය වූ ලෝකය තුළ
අසීමිත සම්පත් භුක්ති විඳින අතෘප්තිමත්
අධිසුඛෝපභෝගී ජීවිතවලට
අවතීර්ණය වී ඇති
යුරෝපීය ජාතිකයන්ගෙ
මානසිකත්වය අවබෝධ
කරගනිමින් භික්‍ෂූන් වහන්සේ
ධර්මය ප්‍රචාරය කරලීම සිදු කරයි.
උන්වහන්සේලා පොහොය දින සහ
සෙනසුරාදා, ඉරිදා, නිවාඩු දිනයන්හි
අවිවේකීව, බෝධි පූජා
පවත්වමින්, සෙත්, පිරිත්
සජ්ඣායනා කරමින්,
ආගමික සාකච්ඡා සිදු
කරමින් පසුවෙති.
“චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය. බහුජන සුඛාය. ලෝකානුකම්පාය අත්ථාය.
හිතාය, සුඛාය, දේවමනුස්සානං මා ඒකේන....”
යනුවෙන් ලොවුතුරා බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා හට බොහෝ දෙනාට හිත
පිණිස, සැප පිණිස, ලොව අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ට වැඩ පිණිස
චාරිකාවෙහි හැසිරෙන ලෙසද, දෙනමක් එක් මඟක නොයමින් මුල, මැද, අග යහපත්
වූ අර්ථ සහිත වූ ව්‍යංඤ්ජන සහිත වූ ධර්මය දේශනා කරන ලෙස වදාළහ.
ලෝක ශාසන ඉතිහාසයේ ප්‍රථම රහත් සැටනම ධර්ම ප්‍රචාරණ කාර්යයෙහි නිරත
කරවූයේ ලෝක සත්ත්වයා සුඛිත මුදිත කරලීමේ පරම පවිත්‍ර චේතනාව සම්මා
සම්බුදුරදුන් තුළ පැවැති හෙයිනි. මෙලෙස ඇරැඹි ධර්මදූත කර්තව්‍යය රට
රටවල ව්‍යාප්ත වීම සංවිධිත මට්ටමින් සිදු වූව ද යම් යම් වැරැදි
අර්ථකථනයන් නිසා ධර්ම ප්‍රචාරක වැඩසටහන් අඩපණ වී ඇති බවක් වර්තමානයේ
දක්නට ලැබේ.
වර්තමානයේ ලක්දිව ශාසනික ඉතිහාසය දෙස අවධානයෙන් බලන කල්හි ඒ ඒ යුගවල
ධර්ම ප්‍රචාරක ක්‍රමවේදයන් යම් යම් කාලීන වෙනස්කම් මධ්‍යයේ වූවද බොහෝ
දුරට සාර්ථකව සිදුවිය. වර්තමාන ධර්මය ප්‍රචාරය කරන වැඩසටහන් විධිමත්
පුහුණුවක් යටතේ සිදුනොවන බවක් පෙනීයාම කණගාටුවට කරුණකි. ධර්මය
පතුරුවාලීමේ ක්‍රමවේදයන් පිළිබඳ ආයතන, පිරිවෙන්, විශ්වවිද්‍යාල හෝ
වෙනත් ජනමාධ්‍ය හා සම්බන්ධ ආයතන සුළු වශයෙන් ක්‍රියාකාරී වූවද ක්‍රමවත්
බවකින් සංවිධානගත නොවීමේ ඵල විපාක දක්නට ලැබේ. බොහෝ විට වර්තමාන
සන්නිවේදන මාධ්‍යයන් ඔස්සේ ධර්ම දේශකයන් වහන්සේ විසින් පවත්වනු ලබන
ධර්මදේශනා සහ අනෙකුත් කටයුතු වලින් එය පැහැදිලි වේ.
විශේෂයෙන් භික්‍ෂූන් වහන්සේලාගේ උච්චාරණ ඉන්ද්‍රිය, හැසිරවීම
අල්පප්‍රාණ – මහප්‍රාණ භාවිතය, අවස්ථානෝචිත බව සැලකීමේ දී ද, සමහර
පුද්ගල පිරිස් ධර්ම දේශනාවන් සඳහා ද කාලීන යන වචන ව්‍යවහාර කිරීමෙන් ද
පෙනී යන්නේ සනින්වේදන මාධ්‍යය පිළිබඳ සෑහීමකට පත්විය හැකි විධිමත් බවක්
ධර්මදේශකයන් වහන්සේ තුළ ගොඩනැඟී නොමැති බවයි. ඒ පිළිබඳව උන්වහන්සේලාට
චෝදනා කරනවාට වඩා ඒ පිළිබඳව යම් ආයතනයක් මඟින් නිසි අවබෝධයක් ලබා
දෙන්නේ නම් එය මහත් පිටිවහලකි. එය සාවද්‍ය අර්ථකථන පෙළ දහමට මිශ්‍රවීමේ
අවස්ථා ඇහිරීමක් වෙයි. නමුත් ධර්මය සුරක්‍ෂිත කරමින් පවත්වාගෙන යාමට
ශ්‍රාවක දේශක දෙපිරිස අතරින් මේ වනතෙක් ක්‍රමානුකූල වැඩපිළිවෙළක් දියත්
නොකිරීම බලවත් අඩු පාඩුවක්. යුරෝපීය රටක් වන එක්සත් රාජධානියේ ආරාම 20
ක පමණ භික්‍ෂූන් වහන්සේ විසින් විධිමත් ක්‍රමවේද යටතේ සිදු කරනු ලබන
ධර්ම ප්‍රචාරක මෙහෙවර අගය කරමින් ඒ පිළිබඳ ස්මරණයක් සිදු කිරීම
යුතුකමකි.
උන්වහන්සේලා විධිමත් ශ්‍රී ලාංකේය පුහුණුවක් තුළින් ඒ රටට වැඩම කර
නොමැත. ස්වයං හැකියාව මත විවිධ සම්පත්, උන්වහන්සේලා විසින්ම සපයා ගනු
ලැබීමෙන් ගොඩනැඟූ ආරාම දැකිය හැකි වෙයි. ආරාම ගොඩනැඟීමත් ස්වකීය
අධ්‍යාපන කටයුතුවල නිරතවීමත් යන දෙඅංශය ඔස්සේ දුෂ්කර මාවතක පියනඟන
භික්‍ෂූන් වහන්සේලාගේ කාර්යය ප්‍රශංසනීය වෙයි.
ලන්ඩන් නගරයට නුදුරින් පිහිටි ලෙච්වත් බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති
නාහල්ලේ රාහුල හාමුදුරුවන් ස්වකීය දෛනික දිනචර්යාවෙන් වැඩි කාලයක් පොදු
සමාජමය සේවය තුළ නිරත වනු දැකිය හැකි ය. ධර්ම ප්‍රචාරක කටයුතුවලදී
භික්‍ෂූන් වහන්සේතුළ උකටලී බවක් නොමැති බව පෙනේ.
ඉංගී‍්‍රසි මාධ්‍යය ඔස්සේ යුරෝපීය ජාතිකයන් අතර ධර්මය ප්‍රචාරය කරමින්
ද, ආයතනය ඉදිරියට පවත්වාගෙන යාමට උන්වහන්සේලා විසින් දරනු ලබන උත්සාහය
තුළින් ඉහත කරුණු සනාථ වනු ඇත. බෞද්ධ සම්ප්‍රදායේ පිරිත් සජ්ඣායනය
අලුත් ස්වරූපයකින් යුරෝපීය ජාතිකයන්ට හඳුන්වා දී ඇත. අධ්‍යාත්මික
වටිනාකම් හරවත්ව පැහැදිලි කරමින් ඔවුනට අවධාරණය කරලීමට උන්වහන්සේලා
ක්‍රියා කරයි. උදාහරණ වශයෙන් සතිපට්ඨාන භාවනාව හඳුන්වාදීම සඳහන් කළ
හැකි ය.
ස්කොට්ලන්ත ප්‍රදේශයේ දී කඹුරාවල රේවත හිමියන් විසින් විශ්වවිද්‍යාල වල
යෝගී පාඨමාලා ක්‍රම සතිපට්ඨාන ක්‍රමයට වෙනස් කරමින් ඒ ඔස්සේ වක්‍ර
මාර්ගයෙන් එරටේ වැසියන් ධර්මයට පුරුදු පුහුණු කරනු ලබයි. ඔවුන් සඳහා
බෝධිපූජා විධීන් ද විවිධ අවස්ථාවල සිදු කරයි. භික්‍ෂූන් වහන්සේ මහත්
කැපකිරීම් සිදු කරමින් යුරෝපීය සුදු ජාතිකයන්ට බුද්ධ දර්ශනය තුළින්
අධ්‍යාත්මක සහනය ලබාදීමට දරන උත්සාහය අගය කළ යුතු ය. කාර්මීකරණය වූ
ලෝකය තුළ අසීමිත සම්පත් භුක්ති විඳින අතෘප්තිමත් අධිසුඛෝපභෝගී ජීවිතවලට
අවතීර්ණය වී ඇති යුරෝපීය ජාතිකයන්ගේ මානසිකත්වය අවබෝධ කරගනිමින්
භික්‍ෂූන් වහන්සේ ධර්මය ප්‍රචාරය කරලීම සිදු කරයි. උන්වහන්සේලා පොහොය
දින සහ සෙනසුරාදා, ඉරිදා, නිවාඩු දිනයන්හි අවිවේකීව, බෝධි පූජා
පවත්වමින්, සෙත්, පිරිත් සජ්ඣායනා කරමින්, ආගමික සාකච්ඡා සිදු කරමින්
පසුවෙති.
වර්තමාන භික්‍ෂු පරපුරේ අඩුපාඩු දුර්වලකම් දුටුවිට ඊට දොස් පැවරීම සිදු
නොකොට උන්වහන්සේලා ශක්තිමත් කිරීමට කළ හැකි ආධාර, උපකාර යම්
ක්‍රියාකාරී සංවිධානයක් විසින් සිදු කළ යුතුව ඇත. ධර්ම ප්‍රචාරක කටයුතු
ක්‍රමවත්ව, නිවැරැදිව පැවැත්වීමට තරුණ භික්‍ෂූන් වහන්සේලාට යම් ආයතනයක්
මඟින් නිරවුල් නිවැරැදි යොමු කිරීමක් සිදු කරන්නේ නම් එය යහපත් ය. සඟ
පරපුර රැක ගැනීම සඳහා අර්ථවත් දහම් දැනුමක් ලබා දීමට මේවන තෙක්
සංවිධානාත්මක ආයතනයක් බිහිනොවීම බලවත් අඩුපාඩුවකි.
ශ්‍රී ලංකාව තුළ ධර්ම ප්‍රචාර කටයුතු බහුලව සිදු වූවද නිවැරැදි
භාවිතයක් විධිමත් බවක් නොමැතිවීම නිසා එකී කාර්යය දුර්වල වීඇති
තත්ත්වයක් දැකිය හැකි ය. එහෙත් පුළුල් පරාසයක් පැවතිය ද සීමිත වශයෙන්
ධර්මය ව්‍යාප්ත වී පවතින එක්සත් රාජධානිය වැනි යුරෝපීය රටවල ධර්ම
ප්‍රචාරක කටයුතු සතුටුදායකය. ක්‍රමවත් සංවිධාන යටතේ භික්‍ෂු අධ්‍යාපනය
තවදුරටත් ක්‍රියාකාරී වන්නේ නම් තරුණ භික්‍ෂූන් වහන්සේලාට දිරිගැන්වීම්
සිදුකිරීමෙන් ලොව පුරා සම්බුදු දහම බැබළවිය හැකි ය.
සාකච්ඡා කළේ
එස්.ඩී.රසිකා පි‍්‍රයදර්ශනී
|