බෞද්ධ කොඩිය නිර්මාණය වී අදට වසර 125 ක් සපිරෙයි.
අද වසර 2010 අප්‍රේල් මස 28 වැනිදා අධි වෙසක් පුන් පෝ දාය. බෞද්ධ කොඩිය
නිර්මාණය වී අදට වසර 125 ක් සපිරෙයි. වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක්
ලෙස ප්‍රකාශයට පත්වීමත්, එහි මහා ඵලයක් ලෙස බෞද්ධ කොඩිය නිර්මාණය
වීමේත් මූල බීජය වැපිරෙන්නට ‘කොටහේනේ කැරැල්ල’ පාදක වේ.
ඉතිරිය»
ලෝක විනාශය සිදු වේ ද?
මිනිස් සිත්වල අධික ලෝභකම නිසා වස්තු තණ්හාවෙන් කාම තණ්හාවෙන් පීඩිත
වෙලා අධර්ම වාදීව,
අසීලා චාරව, කරුණා
මුදිතාදී ගුණ ධර්ම
අල්ප මාත්‍රයක් වත් නැතිව යනව. මේ කාලයේ වසංගත රෝග සෑදී ලක්ෂ ගණන්
මිනිසුන් මැරෙනව. මෙය රෝගාන්ත කල්පය යි. ඉතිරි අය ගුණ ධර්ම දියුණු කර
ගෙන ආයුෂ දියුණු කර ගෙන අධික සුව පහසුව නිසා ජරා
මරණ ගණන් නොගෙන ද්වේශයෙන් මත්ව විනාශ වනවා.
ඉතිරිය»
ධර්ම දේශනාව:
දැමුණු සිත
ගෙනෙන සෙත
සිත දමනය කර ගැනීම හොඳයි. එසේ දමනය කර ගත් සිත සැප ගෙනදේ.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තරම් මේ සිත ගැන අනුශාසනා කළ මහෝත්තමයෙක්
මේ තුන් ලෝ තලයේ තවත් නෑ. අපේ ගත ජීවත් කරවන්නේ කුසට ලැබෙන ආහාරවලින්.
ගතට දැනෙන ගින්දරට අප කියන්නේ කුස ගින්න කියලයි. කුසට අවශ්‍ය ආහාර සොයා
ගැනීම හරිම ලෙහෙසියි. නමුත් කුස ගිනියි, බඩගිනියි කියල කුසට විස ආහාර
ගත්තොත් එහි වේදනාව විදින්නෙත් අපමයි. පින්වතුනි, ඒ නිසා අප නිතර කුසට
පෝෂ්‍යදායී ආහාර ලබා ගන්නව.
ඉතිරිය»
|