අධි පොහොය යනු කුමක් ද ?
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර
ධර්ම මහා සංඝ සභාවේ මහා නායක
බෙල්ලන
ඤාණවිමල මහ නා හිමි
සටහන - සීසර් සුදුසිංහ
සියලු දෙනා එක දිනක්
යම් කටයුත්තක් සඳහා විශේෂ දිනයක් ලෙස නම් කර පවත්වාගෙන යෑමෙන්
අධ්‍යාත්මික සංවර්ධනයක් සිදු වෙයි. එය රටක අර්ථ සංරක්ෂණයටද හේතු විය
හැකිය. පසළොස්වක
පෝ දාක වැනි ඓතිහාසික දිනයක රටේම ජනතාව
රාත්‍රී ආහාරය
ගැනීමෙන් වැළකී
සිටීමෙන් එය
ආර්ථික
සංරක්ෂණයට ද හේතු වෙයි.
බුද්ධ කාලයටත් පෙර සිට පොහොය දිනය භාවිතා කර තිබේ. ස්වාභාවික කාලය මැන
ගැනීමට භාවිතා කර ඇත්තේ පොහොයයි. සඳ ක්‍රම ක්‍රමයෙන් විශාල වී සම්පූර්ණ
වී ඊට පසුව නැවත ක්‍රම ක්‍රමයෙන් කුඩා වී අන්තිමට ම සඳ නොපෙනී යයි. ඒ
සඳ ගමන් කරන එක් රවුමකි. වටයකි. එවිට එම වටයේදී සඳ සම්පූර්ණයෙන් පෙනෙන
දිනය හඳුනා ගැනීමට සතුන්ටද හැකියාව ලැබේ. ඊළඟට අමාවක හෙවත් කළුවර දිනය
ද එසේ හඳුනා ගැනීමට පහසු ය. එවිට එම සඳ සම්පූර්ණයෙන් පෙනීම සහ සඳ
සම්පූර්ණයෙන් නොපෙනී යෑම කාලයේ කොටස් දෙකක් ලෙස ගණන් ගැනෙයි. එසේ කොටස්
දෙකක් එක්වූ විට එක් මාසයක් ලෙස ව්‍යවහාර කැරේ. ඒ කොටස් දෙකද නැවත අඩක්
සඳ විශාල වූ සහ සඳ අඩක් කුඩා වූ කාලය ලෙස හඳුනා ගැනේ. එසේ අඩක් සඳ
විශාල වීම පුර අටවක ලෙසද අඩක් සඳ කුඩා වීම අව අටවක ලෙස ද හඳුනා ගැනෙයි.
අමාවක හෙවත් මාසෙ පෝය කළුවරම දිනය යි. එදා සිට ක්‍රමක්‍රමයෙන් සඳ
වර්ධනය වී අඩක් විශාලවීමෙන් පුර අටවක ලෙසද එය සම්පූර්ණයෙන් විශාල වූ
විට පසළොස්වක යැයිද නැවත සඳ අඩුවීමට පටන්ගත්විට ඉන් අටවන දින අව අටවක
ලෙස ද හඳුනා ගැනෙයි.
මෙසේ එම චක්‍රය කාලය මැන ගැනීමට යොදා ගනිති. අනතුරුව තාරකා විද්‍යාවත්
ඡ්‍යොතිෂ ශාස්ත්‍රයත් වැඩි දියුණු වූ විට කාලය මැනීමේ අනෙකුත් තීරණ ගෙන
ඇත.
එකල විසූ මනුෂ්‍යයාට වසර සිය ගණනක් ගණන් කිරීමට අවශ්‍ය වූයේ හඳ පෙනෙන
වාර ගණන එකතු කිරීමෙනි. පුරසඳ ගණනින් මාස ගණන් ගැනිණි. පුර සඳ දොළහක්
ගත්විට වසරක් ලෙස ගණනය කැරේ.
සූර්ය මාස ගණන් කිරීම ඇරැඹීමෙන් පසුව මෙහිදී ඊට වඩා වැඩියමක් කිරීමට
සිදුවී ඇත. පුර සඳ දොළහක් ගත වූ විට දින 354 ක් හෝ දින 355 ක් ගත වී
ඇත. සූර්යා වටා පෘතුවිය ගමනයට දින 365 ක් සහ දින 1/4ක් වැය කැරේ.
චන්ද්‍රයා වටා සහ සූර්යයා වටා එසේ ගමන් කිරීම දෙආකාර වේ. මෙම ගමනා
ගමනයට සම්මත කාලය බෙදීමක් අවශ්‍ය හෙයින් ඉහත කී අයුරින් වැඩිවන දින
කිහිපය අධික මාසය යැයි නම් කර එක් වසරකදී අත් හැර දමනු ලැබේ.
සාමාන්‍ය වශයෙන් වසරකට පසළොස්වක පොහොය දොළහකි. එම පොහොය දොළහට නම්
දොළහකි. වෙසක්, පොසොන්, ඇසළ, නිකිණි, බිනර, වප්, ඉල්, උඳුවප්, දුරුතු,
නවම්, මැදින්, බක් එම පොහොය දොළහ හැඳින්වෙන මාස වේ. අධි පසළොස්වක යනු,
ඊට අමතරව ඇතැම් වර්ෂවලදී යෙදෙන පොහොය යි. ඓතිහාසික ශාසනික කිසි
සිදුවීමකට එම අධි පසළොස්වක පොහොය සම්බන්ධ නොවේ.
බුදු සිරිත ප්‍රධාන ඓතිහාසික ශාසනික ආගමික සිදුවීම් මුල්කරගෙන පොහොය
දොළහ හැඳින්වේ. එහෙත් අධි පසළොස්වක පොහොය එබඳු ඓතිහාසික සිදුවීමකට
සම්බන්ධ නොවේ.
සූර්යයා වටා රාශි වළල්ලක් ඇත. එම රාශි වළල්ලටත් ඈතින් නැකැත් වළල්ලක්
ඇත. එහෙත් එය මෙතෙක් නූතන විද්‍යාවටත් එය සොයාගත නොහැකි වී තිබේ. පූර්ණ
චන්ද්‍රයාට සෘජුව යම් නක්‍ෂත්‍රයක් ඉලක්ක වූ විට එම නක්ෂත්‍රයේ නම එම
මාසයට යොදා ගනු ලැබේ. උදාහරණ ලෙස වෙසක් පුර පසළොස්වක පොහොය දිනට විසා
නැකත ඉලක්ක වන දිනය යි. එදින වෙසක් පසළොස්වක ලෙස හැඳින්වෙයි. දෙපැත්තේ
ඇති කාලය එකතු කරගෙන වෙසක් මාසය ලෙස නම් කැරෙයි.
ඕනෑම ආගමක එම ආගමට විශේෂිත සිද්ධි සිදු වූ විශේෂ දින ඇත. බෞද්ධයා,
බෝසත් උපතේ සිට මහබිනික්මන, බුද්ධත්වය, පරිනිර්වාණය ආදී බුද්ධ චරිතයට
අදාළ ඓතිහාසික සිදුවීම්ද මහින්දාගමනය, සංඝමිත්තා ගමනය ආදී ඓතිහාසික
සිදුවීම් ද අනුස්මරණය කරයි.
යම් දෙයක් පිළිබඳ හිතේ විශ්වාසය පවතී නම් ඒ විශ්වාසයන් සමග යම්කිසි
මානසික බලයක් දියුණු වෙයි. ඒ නිසා පින්කමක් කිරීමේදී එය ඉතා වැදගත්
වෙයි. අශෝක රජතුමාගේ ශිලා ලිපිවල සතුන් නොමැරිය යුතු මාස, දින සඳහන් කර
එය රාජ නීතියෙන් ම තහනම් කර තිබේ. එනිසා ආගමික කටයුතු සඳහා ජනතා සිත
යොමු කිරීම ද වැඩි වෙයි.
එමෙන්ම සියලු දෙනා එක දිනක් යම් කටයුත්තක් සඳහා විශේෂ දිනයක් ලෙස නම්
කර පවත්වාගෙන යෑමෙන් අධ්‍යාත්මික සංවර්ධනයක් සිදු වෙයි. එය රටක අර්ථ
සංරක්ෂණයටද හේතු විය හැකිය. පසළොස්වක පෝ දාක වැනි ඓතිහාසික දිනයක රටේම
ජනතාව රාත්‍රී ආහාරය ගැනීමෙන් වැළකී සිටීමෙන් එය ආර්ථික සංරක්ෂණයටද
හේතු වෙයි. ඉන්දියාවේ වැන්දඹු කාන්තාවක් නම් සෑම මසකම 11 වනදා දවල්
නිරාහාරව සිටිය යුතුයි. පවුලේ ආදායම උපදවන ලද තැනැත්තා මියගොස් ඇති
හෙයින් ජීවත්වන්නියගේ ආර්ථික සංරක්ෂණය එයින් අපේක්ෂිතයි.
මහජනයාට සැනසිල්ලක් උපකාරයක් වන අයුරින් පිනක් ලෙස හෝ යම් දිනයක් වෙන්
කරගෙන යහපත් චේතනාවක් මුල්කර ගනිමින් සිදු කැරෙන කටයුතුවලදී තමන්ටත්
රටටත් එයින් යහපතක් සිදු වෙයි. පොහොය දිනයක ඇති වැදගත්කම ද එය වෙයි. |