කැලණියේ දුරුතු පුණ්‍යෝත්සවයට
කැලණි රාජ මහා විහාරයේ දී දිනපතා දම් දෙසුම්
කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යානි රාජ මහා
විහාරයේ ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය නොවැම්බර් මස 21 දා ඇරැඹුණු අතර
2010 ජනවාරි 28 වන දා දක්වා එය පැවැත්වේ.
ඉතිරිය»
ජපානයේ බොදු පුබුදුව වඩන
අගොන්ශු වෙහෙර අසිරිය
ජපානය වර්තමාන ලෝකයේ තාක්ෂණය හා ආර්ථිකය අතින් අද්විතීය බලවත්
රාජ්‍යයකි. ෆුජියාමා වැනි කඳු පන්තීන්ගෙන් සමලංකෘත වූ සකුරා, මලින්
ගැවසී ගත් ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක් ලෙස ජපානය හඳුන්වා දිය හැකි
ය.ඓතිහාසික වාර්තාවලට අනුව පෙනෙන්නේ ක්‍රි.ව. සයවන සියවස මැද භාගය පමණ
වනවිට බුදු සමය නිල වශයෙන් ජපානයට පැමිණි බව යි. කොරියාවේ පයික්චේ රජ
විසින් ජපානයට බුදුසමය හඳුන්වා දෙන ලදී. එතෙක් ඉතා සංකීර්ණ බහුදේව
වාදයක් පදනම් කරගත් ආගමක් ජපානයේ පැවතිණි. එම ආගමේ පදනම වූයේ විශ්වය
පුරා පැතිර පවත්නා ස්වභාව ධර්මයේ විවිධාකාර බලවේගයි. එහෙත් මෙය භය,
සන්ත්‍රාසය ආදී චිත්තාවේගවලට පිළියමක් ලෙස ජපන් වැසියෝ භාවිතා නො කළ හ.
සෞන්දර්යාත්මක රසවින්දනයක නිරතවීමට ඔවුන්ට තිබූ අසීමිත ඇල්ම මෙම ඇදහීම්
තුළින් ප්‍රකට කෙරිණි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සෙත් සුව සලසන මෙත් සිත
මෙලොවදීත් මෛත්‍රී කිරීමෙන් සැප විඳීමට හැකි බව මේ දේශනා පාඨවලින් මනාව
පැහැදිලි වේ. ‘සුඛං සුපති’ බොහෝම හොඳට නින්ද යනවා. එසේම ‘සුඛං
පටිභුජඣති’ උදේට සැපසේ ඇහ ඇරෙනවා. ‘නපාපකං සුපිනං පස්සති’ නපුරු හීන
දැකීමෙන් බය වන්නේ නෑ. ‘මනුස්සානං පියො හෝති’ මිනිසුන්ට පි‍්‍රය මනාප
පුද්ගලයෙක් ලෙස කවුරුත්
ඇසුරට ගන්නවා. එසේම ‘අමනුස්සානං පියෝ හෝති’ අමනුස්සයින්ටත් පි‍්‍රය
මනාප ලෙස ලැදිකමක්
ඇතිවනවා. ‘දේවතාරක්ඛන්ති’ දෙවියෝ රකිනවා.
ඉතිරිය»
|