‘අසිරිමත් අටතුරාසියක්’
මංගල බුද්ධ පූජාව කළුබෝවිල දී
වර්තමානයේ ඇතැම්
බෞද්ධයෝ බුදුගුණ අමතක කර වෙනත් වන්දනා පසු පස යෑම සාමාන්‍ය දෙයක් බවට
පත්වී ඇත. මෙවැනි බුද්ධ පූජාවලින් බෞද්ධ ජනයා තුළ නව ආගමික ප්‍රබෝධයක්
ඇතිකර
විශේෂයෙන් ජනතාවට
ආශිර්වාදයක්, මානසික
සහනයක් හා සෞභාගයක්
උදාකරලීම පූජාවේ නිර්මාතෘ හිමියන්ගේ පරමාර්ථය වේ.
විහාරස්ථ දායක සභාව
තථාගත බුදුරජාණන් වහන්සේ උදෙසා පවත්වනු ලබන විශේෂ පූජාවකි. මෙය බුදු
සිරිපතුලේ පිහිටි අසිරිමත් මංගල ලකුණ එකසිය අටක් (108) ක් වන්දනා කිරීම
එම පූජාවේ විශේෂත්වයයි. ගෞතම බුදුපියාණන් වහන්සේ බෝධිසත්ව ජීවිතවලදී
පුරන ලද පාරමිතා වන්ගේ හා සත්තිස් බෝධි පාක්‍ෂික ධර්මයන්ගේ ආනිශංස
වශයෙන් බුදු සිරිපතුලේ එම සුසිරිමත් ලකුණු පිහිටීම ඉතා ආශ්චර්ය වේ.
එම පූජාවේ නම සිංහලට ගත්විට අටතුරාසියක් නම් එය තවදුරටත් සැලකූ විට අට
උතුරු සියයක් නම් වේ. එනම් එකසිය අටක් නම් මෙය ගුරුළුගෝමීන්ගේ
අමාවතුරේත්, මයුරපාද බුද්ධපුත්‍ර හිමියන්ගේ පූජාවලියේත් සඳහන්වේ.
දෙහිවල කළුබෝවිල හත්බෝධි රාජ මහා විහාරස්ථානයේ චෛත්‍යරාජයාණන් වහන්සේ
ඡායාරූපය- ජනක |
අපමණ බුදුගුණයන්ට මෙන්ම බුදු රජාණන්වහන්සේගේ ශ්‍රී ශරීරයට වන්දනා කිරීම
මහත් ආනිශංස ගෙන දෙන පින්කමකි.
නව අරහාදී බුදු ගුණයන් සිහිකිරීම මෙන්ම එකසිය අටක් වූ මංගල ලක්‍ෂණයන්
සිහිකිරීමද මහත්ඵල ගෙන දෙයි. පැරණි බෞද්ධයෝ නිතර සිහිකරන අනුස්සතී වල
පළමු වැන්න බුද්ධානුස්සතියයි. අපල උපද්‍රව වලින් වැළකීමට දුක් භය රෝග
වලින් මිදීමට බුද්ධානුස්සති භාවනාවේ මෙලොවදී ලැබෙන ආනිශංස වේ.
බුදුගුණ අචින්ත්‍ය බැවින්, බුදුරදුන් උදෙසා කරන වන්දනා පූජාවන්ගෙන් ද
ලැබෙන්නේ අචින්ත්‍ය වූ ආනිශංසයන්ය. අටතුරාසියක් පූජාව මගින්ද
බුදුරජාණන්වහන්සේ සිහිපත් කෙරේ.
බුදු සිරුර අසිරිමත්ය. එම අසිරිමත් ලක්‍ෂණ වෙනත් මිනිස් කයක නොපිහිටනු
ලැබේ. ශ්‍රද්ධාවන්ත බෞද්ධයන් විසින් එම අසිරිමත් ලක්‍ෂණ සිහිපත් කළ
යුතුයි. එකසිය අටක් මගුල් ලකුණු අතර ස්වස්තිකය සුදු මානෙල්, රතු
මානෙල්, සුදු නෙළුම්, රතු නෙළුම්, පූර්‍ණ ඝටය ප්‍රධාන වේ. පුන් කලස,
මගුල්කඩුව, හිමාල පර්වතය, කෛලාසකූඨ පර්වත දෙව්ලොව බ්‍රහ්ම ලෝක ද ඇත.
බුදුරජාණන්වහන්සේ ජීවමාන කාලයේ බෞද්ධ නොවූ බමුණෝද මෙම මගුල් ලකුණු දැක
පැහැදුනෝය. උක්කට්ඨා හා සේතව්‍යඝා යන නගර දෙක අතර බුදුරදුන් වඩින විට
ද්‍රෝණ නම් බමුණා මෙම සිරිපතුලේ මංගල ලකුණු දැක පුදුමයට පත්වී තමන්
වහන්සේ කවුදැයි යන සැකය විසඳා ගත් අයුරු අංගුත්තර නිකායේ දෝණාලෝක
සූත්‍රයේ සඳහන් වේ. තවද අස්සලා යන හා වස්සකාර යන බමුණු ආචාර්යවරුන්ද
මෙම මඟුල් ලකුණු දැක සසුනේ පැහැදුණහ.
අපේ සිංහල සාහිත්‍යයේ උත්තරීතර ග්‍රන්ථයන් හා ගුරුළුගෝමින්ගේ අමාවතුර
පුරිසදම්ම සාරථි නම් බුදුගුණය වැණීමට ලියන ලදී. එහි අසුරදමන පරිච්ඡේදයේ
සඳහන් වනුයේ, උස සිරුරක් ඇති රාහු අසුරයා තමාගේ ප්‍රමාණය ඉක්මවූ උස
නිසා මානයට පත්ව බුදුරදුන් දැකීමට පැමිණ නැත. එහෙත් වෙනත් අසුරයන්
බුදුගුණ පැවසූ නිසා රාහු අසුරයාටද බුදුන් දැකීමට සිදු විය. එවිට
උන්වහන්සේ යහනයක සිංහස්‍යොයාවෙන් සැතපුණි. පාමත්තේ පා තබා ගත්තේය. එවිට
අසුරයා දුටුවේ අළුත උපන් බිලිඳෙකුගේ පා වැනි පද්මරාග මැණික් මෙන් ආලෝක
විහිදුවන බුදු සිරිපතුලය.
එබී බැලූවිට එහි විශේෂිතවූ මඟුල් ලකුණු දැක මවිතයට පත්විය. තමාට ඒවා
නොපිහිටි බැවින් මානය නැති කරගත්තේය. බුදුහිමියනි !ඔබ වහන්සේ “අහසේ
බබලන සඳේ වැඩ සිටිනා කෙනෙකු” බවයි.
මෙලොව ඔබට සමාන ශාරීරික ලකුණු ඇති සමාන කෙනෙක් නැතැයි’ පැවසීය. බෞද්ධ
සාහිත්‍යයේ මෙන් සූත්‍ර දේශනාවලත් මෙම මඟුල් ලකුණු විස්තර කෙරේ.
ශ්‍රද්ධාකාමී බෞද්ධ ජනයාගේ ශ්‍රද්ධාව බුද්ධාලම්භන ප්‍රීතිය වැඩිකර
ගැනීමට මෙම සුවිශේෂි වූ අටතුරාසියක් මංගල පූජාව උපකාරී වේ. යමෙක් පරලොව
ජීවිතයේදී සැප ලැබීමට, අපායෙන් මිදීමට බුදුරදුන් සරණ යා යුතුයි.
බුදුගුණ සිහිපත් කළ යුතුයි. අනන්ත දේව සමූහයා විසින්ද මගුල් ලකුණු වලට
වන්දනා කළ බව පූජාවලියේ අද්භූත පූජා නම් පරිච්ඡේදයේ සඳහන් වේ. පැරණි
රජවරු මෙම මගුල් ලකුණු සහිත ඵලක ගලින් නෙලා පුද පූජා පැවැත්වූහ. අප
ශ්‍රී පාද වන්දනාවෙන්ද සිදුකරනුයේ එකසිය අටක්වූ මගුල් ලකුණු සහිත
සිරිපතුලට වන්දනා කිරීමය.
වැල්ලවත්තේ වේළුවනාරාමවාසී හක්මන නන්දාලෝක හිමිපාණෝ බෞද්ධ ජනතාව වෙත
මෙම අටතුරාසියක් මංගල පූජාව හදුන්වා දුන්නේ කලකට පෙරය.
මෙය විචිත්‍ර වූ බුද්ධ පූජාවකි. වර්තමානයේ ඇතැම් බෞද්ධයෝ බුදුගුණ අමතක
කර වෙනත් වන්දනා පසු පස යෑම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. මෙවැනි බුද්ධ
පූජාවලින් බෞද්ධ ජනයා තුළ නව ආගමික ප්‍රබෝධයක් ඇතිකර විශේෂයෙන් ජනතාවට
ආශිර්වාදයක්, මානසික සහනයක් හා සෞභාගයක් උදාකරලීම පූජාවේ නිර්මාතෘ
හිමියන්ගේ පරමාර්ථය වේ. ජනතාව තුළ මිත්‍යා අදුරු දුරු කොට සම්මා
දෘෂ්ටියේ ප්‍රදීපය දැල්වීමට හේතු වනවා ඇත.
විහාරස්ථ දායක සභාව චෛත්‍ය පූජාව සහ අටතුරාසියක් මංගල පූජාව දෙහිවල
කළුබෝවිල හත්බෝධි රාජ මහා විහාරස්ථානයේ චෛත්‍යරාජයාණන් වහන්සේ තනවා 25
වසරක් පිරීම නිමිත්තෙන් චෛත්‍ය පූජාව සහ අසිරිමත් අටතුරාසියක් මංගල
පූජාව මෙම 29 වනදා හක්මන නන්දාලෝක ස්වාමීන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන්
සවස 6.30 සිදු කැරේ.සුදුවතින් සැරසී එම පින්කමට සහභාගි වන ලෙසද
ඉල්ලීමක් කැරේ. |