කෝට්ටේ රජ මහා විහාරයේ දළදා පෙරහර
කෝට්ටේ රජමහා විහාරය ඵෙතිහාසික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන්ද
වැදගත්වේ. එමෙන්ම ඉතා ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන විහාරස්ථානයකි.
මෙම විහාරයේ ඉතිහාසය සය වන පැරකුම් රජ සමය දක්වා විහිදී පවතී. කෝට්ටේ
රජමහා විහාරයේ තෙමහල් ප්‍රාසාදයක දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර තිබූ
බව සැලළිහිනි සංදේශය තුලින් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ සඳහන් කර ඇත.
ඉතිරිය»
බුදු දහම - එහි පරිණාමය, ව්‍යාප්තිය සහ වර්තමානය
බුදු දහම ලෝකයේ ප්‍රධාන ආගම් අතරින් එකකි. එයට පදනම දමන ලද්දේ
ක්‍රි.පූ. 560 - 480 අතර සමයේ උතුරු ඉන්දියාවේ විසූ සිද්ධාර්ථ ගෞතම
හෙවත් බුදුන් වහන්සේ විසිනි. උන්වහන්සේගේ කාලවකවානුව වූයේ, ගංගානදී
නිම්නයට ආර්ය ශිෂ්ඨාචාරයේ වැඩිදුර ඉදිරියට ඒම මඟින් සනිටුහන් කරන ලද
සමාජ හා ආගමික පෙරළියක් ඇති වූ සමය යි. මේ පෙරළියට, වෙළඳාම හා නගරයන්ගේ
සංවර්ධනය, පැරණි ගෝත්‍රික සමාජය බිඳ වැටීම සහ යුගයේ අභියෝගයට ප්‍රතිචාර
වශයෙන් නව ආගමික ව්‍යාපාරයන්ගේ පුළුල් පරාසයක් ජනිතවීම ද ඇතුළත් වෙයි.
මේ ව්‍යාපාර පැනනැඟුනේ හින්දු දහමේ බ්‍රාහ්මණික සම්ප්‍රදායෙන් වන නමුත්
එයට එරෙහි ප්‍රතික්‍රියාවක් ද වූයේ ය. මෙමඟින් බිහි වූ අලුත් නිකාය
දහම් අතරින් බුදුදහම අත්‍යන්තයෙන් සාර්ථක වූ ද, අවසානයේ ඉන්දියාව හා
ආසියාවේ වැඩි කොටසක් පුරා පතල වූ ද දහම විය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
තරහ දුරු කරන
චින්තන පිළිවෙත
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ
විසින් භික්ෂූන් වහන්සේලාට වදාළ පටිඝය දුරුකර ගන්නා ආකාරය පිළිබඳව
සඳහන් වන ඉතා වටිනා දේශනාවක් පැහැදිලි කිරීමටයි සූදානම් වන්නේ.
ඉතිරිය»
|