දකුණු ලක එකලු තළ ජාතික වෙසක් උත්සවය
2553 වන සම්බුද්ධ ජයන්තිය
නිමිත්තෙන් මාතර වෙහෙරහේන රාජමහා විහාරය කේන්ද්‍රකොට 2009 රාජ්‍ය වෙසක්
උත්සවය පැවැත්විණි. ආගමික කටයුතු හා සදාචාරවර්ධන අමාත්‍යාංශය සහ බෞද්ධ
කටයුතු දෙපාර්තමේන්තුව මීට අනුග්‍රහය දැක්වීය. මැයි මස 5 වනදා සිට 11
වනදා දක්වා වෙසක් කලාපයක් නම්කර මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩල
17 තුළ වෙසක් උත්සව මාලාවක් පැවැත්විණි.
ඉතිරිය»
වදනින් කිව නොහැකි මහ සත් ගුණ මහිම
බුදුන් වහන්සේට තරම් ලෝකාවබෝධයක් හෝ අත්දැකීම් වෙනත් කිසිවකුටත් නැත.
උට්ඨාන වීර්යයෙන් හා ඉවසීමෙන් බුදුන් වහන්සේ අගතැන් පත්වූහ. බුදුන්
වහන්සේ කාන්තාවන්, මවුවරුන්, ළමයින් පමණක් නොව සතුන් සහ පරිසරයට ද ගරු
කළහ. අන් සැම දෙනම මෙන් තමන්ද ව්‍යාධියට ජරාවට
පත්වන බව බුදුන් වහන්සේ වදාළහ.
උන්වහන්සේ
දුප්පතාගේ
පැල්පතටත් රජ සිටු මාළිගාවලටත් වැඩම කොට සෑම දෙනා
පිළිගැන් වූ දන් එකම රුචියකින් වැළඳූහ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සැපත කුමක්ද?
උපත ස්වභාවය කොට ඇති අප ඉපදුණ දේවල්වල
ස්වභාව නොදන්නව වගේ උපත ස්වභාවයකොට ගත් දේවල් වලින්ම යි සැප ලබන්න
බලාපොරොත්තු වෙන්නෙ. මොහොතක් පාසා පරණ වෙන අප, පරණ වෙන දේවල් හෝ
අයගෙන්මයි සැප හොයන්නෙ. ලෙඩවෙන අප, සැප සොයා
යන්නෙත් ලෙඩවෙන අය
ළඟටමයි. බලන්න පෘථග්ජන
ජීවිතය එකම විහිළුවක්
නොවෙයි ද කියල?
ඉතිරිය»
|