|
|
තල්ගහගොඩ රජ මහා
විහාරයේ විහාර මන්දිරය- තල්ගහගොඩ රජ මහා
විහාරය දෙවන පෑතිස් රාජ්‍ය සමයේ සිට පැවැත එන
බවට ලේඛනගත සාක්‍ෂි තිබේ. මෙහි ලෙන් දහ අටක්
පමණ තිබෙන අතර, ඉන් කීපයක ඉපැරැණි ලෙන් ලිපි
සටහන්ව ඇත. මාතලේ අලුවිහාරයේ දී ත්‍රිපිටකය
ග්‍රන්ථාරූඩ කිරීමේදී එයට අවශ්‍ය තල්කොල සපයන
ලද්දේ මෙම ඓතිහාසික තල්ගහගොඩ රජ මහා විහාරය
ආශ්‍රයෙන් බව ද කියැවේ.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ |
|
|
මින්නේරිය මහසෙන් රජ මහා විහාරය
මහසෙන් රජතුමා මින්නේරිය වැව ඉදිකර ඇත්තේ ක්‍රි.ව. 274 - 301 රජතුමාගේ
අනුරාධපුර රාජ්‍ය පාලන කාලයේදියි. ඒ මීට වර්ෂ 1700 කට පමණ ඉහතදී. වැව
කරවූ රජතුමා වැවට හතර දිසාවේ මෙවැනි චෛත්‍ය 4 ක් සාදවා ඇතැයි කියති.
එයින් දැන් ඉතිරි වී ඇත්තේ මින්නේරිය මහසෙන් රජමහා චෛත්‍යය හෙවත්
මිනිහිරි සෑය පමණි. එය ඉපැරණි ලෙසට තවමත් දැක ගත හැකිය. මෙහි මහා රහතන්
වහන්සේලාද වැඩම කර ඇතැයි ජනවහර කියයි.
ඉතිරිය»
|
|
වෙසක් අමාවක පෝය
මැයි මස 23 වනදා සෙනසුරාදා අපර භාග 8.40 ට ලබයි. 24 වන ඉරිදා
අපරභාග 5.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 24 වන දා
ඉරිදාය.
මී ළඟ පෝය මැයි 31 වනදා ඉරිදාය |
|
|
|
|
|
|