මින්නේරිය මහසෙන් රජ මහා විහාරය
ගුණසිංහ සරත් කුමාර
හිඟුරක්ගොඩ විශේෂ
මිනිහිරි සෑය |
ඉපැරැණි සිද්ධස්ථාන වැද පුදා ගැනීමටත් දැක බලා ගැනීමටත් අපේ බෞද්ධ
ජනතාව දැඩි කැමැත්තක් දක්වති. වර්ෂයකට වරක් හෝ අනුරාධපුරයට හා
පොළොන්නරුවට සැදැහැති ජනතාව වන්දනාමාන සඳහා පැමිණෙන්නේ ඒ කැමැත්ත
නිසාය.
මින්නේරියේ මහසෙන් රජමහා විහාරය එලෙස වැදුම් පිදුම් ලබන්ට දැක බලා ගන්ට
සුදුසු ඉපැරණි සිද්ධස්ථානයකි.
මින්නේරිය පොළොන්නරුව මහා මාර්ගයේ මින්නේරියේ සිට කි.මී. 1 1/2 ක් පමණ
පොළොන්නරුව දෙසට වන්නට ඇති රජ ඇල මංසන්ධියෙන් හැරී ගුරුපාර දිගේ කි.මී.
1 ක් පමණ දුර ගෙවා ගිය පසු මෙම සිද්ධස්ථාන භූමියට පිවිසිය හැකියි.
මෙම විහාරස්ථානය පිහිටි ගමේ නම අතීතයේදී බත්දුන් පත්තුවයි අද බත්ගම්
පත්තුවයි.
මහසෙන් රජතුමා මින්නේරිය වැව ඉදිකරවද්දී රජතුමාටත් රාජ සේවකයින්ටත්
කම්කරු ජනතාවටත් බත් දී ඇත්තේ මේ බත් දුන් පත්තුවේ වැසියන් විසිනැයි
ජනවහර කියයි.
මහසෙන් රජතුමා මින්නේරිය වැව ඉදිකර ඇත්තේ ක්‍රි.ව. 274 - 301 රජතුමාගේ
අනුරාධපුර රාජ්‍ය පාලන කාලයේදියි. ඒ මීට වර්ෂ 1700 කට පමණ ඉහතදී. වැව
කරවූ රජතුමා වැවට හතර දිසාවේ මෙවැනි චෛත්‍ය 4 ක් සාදවා ඇතැයි කියති.
එයින් දැන් ඉතිරි වී ඇත්තේ මින්නේරිය මහසෙන් රජමහා චෛත්‍යය හෙවත්
මිනිහිරි සෑය පමණි. එය ඉපැරණි ලෙසට තවමත් දැක ගත හැකිය. මෙහි මහා රහතන්
වහන්සේලාද වැඩම කර ඇතැයි ජනවහර කියයි.
ධර්ම ශාලාව |
කෙසේ වෙතත් මෙම ස්ථානයේ පසෙක ස්ථාපනය කර තිබෙන ටැම් ලිපිය කියවූ හිටපු
පුරාවිද්‍යා කොමසාරිස් සද්ධාමංගල කරුණාරත්න මහතා පවසා ඇත්තේ සිරිසඟබෝ
රජතුමා විසින් මෙම විහාර භූමියට හැටපස් අමුනක් වෙන්කර ඒවා සියලු රජ්‍ය
බදුවලින් නිදහස් කර ඇති බවයි.
අද ඒ ඉඩම් ගොවි ජනතාව අස්වද්දා ගෙන ජීවත් වෙති.
විහාරාධිපති
උඩුගම සද්ධානන්ද හිමි |
මෙහි විහාරාධිපති හිමියෝ උඩුගම සද්ධානන්ද හිමියෝයි. තවත් ශිෂ්‍ය
හිමිනමක් එහි ගිරිතලේ සිරිසුමන නමින් වැඩ වෙසෙයි. මෙම විහාරස්ථානයේ
විහාරාධිපතින් වහන්සේලා දාහත් නමක් වැඩ වාසය කර ඇත. වර්තමානයේ වැඩ වාසය
කරන්නේ 18 වැනි විහාරාධිපති හිමියෝයි. අතීතයේ ගොෂානන්ද නම් හිමිනමක්
මෙහි විහාරාධිපති තනතුර දරමින් විහාරගෙයක් හා ධර්ම ශාලාවක් ඉදිකරවා
ඇතත් අද ඒවා වෙනුවට පැරණි ආරම විහාර ගෙයක්, ධර්ම ශාලාවක් ඉදිකර නවීකරණය
කර තිබේ.
වර්තමාන ධර්ම ශාලාව අංග සම්පූර්ණ ය. අද එහි ශ්‍රී ආනන්ද දහම් පාසල
නමින් දහම් පාසලක්ද පවත්වාගෙන යයි.
විහාර මන්දිරය |
|