UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඔබ පතන්නේ සුවය නම් මනස සුවපත්ව තබාගන්න

නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස කාරුණික පින්වත්ති

ඔබ අහල තිබෙනව ‘මනසා චේ පසන්නේන භාසතිවා කරෝතිවා - තතෝනං සුඛමන්වේතී’ කියලා. පිරිසුදු සිතින් යමක් කියනවද යමක් කරනවද ඔහු පසුපස සැපය ගමන් කරනව කියන එකයි මේකෙ තේරුම. මේ බුද්ධ වචනයෙන් ඔබට දෙන දහම් පණිවිඩය ඉතා වැදගත්. මේ ගැන ඔබට බොහොම අත්දැකීම් ඇති.

ඔබ අද උදෑසන අවදි වූ වෙලාවෙ ඔබේ සිත ප්‍රසන්නව තිබුණා නම් අද දවසම ඔබට ජයග්‍රාහී දිනයක්. සතුට සැනසුම පිරුණු දිනයක්. ඔබ සතුව මේ වෙලාවෙ තිබෙන්නෙ පිරිසුදු සිතිවිලිද බලන්න. එහෙමනං ඔබ දැන් ගමනක් යන්නෙ සතුටු සිතින්. ඔබ මේ වෙලාවෙ ලියන අකුරු හැඩ වැඩයි.

කතා කරන වචනය මෛත්‍රීයෙන් කරුණාවෙන් පිරිලා. රැකියාව කරන්නේ් හරිම සතුටින්. වටා පිටාවෙ හැමෝම ඔබ ඇසුරට පි‍්‍රය යි.

එවන් පිරිසුදු සිතිවිල්ලකි. මෛත්‍රීය. මොකද්ද මෛත්‍රීය කියන්නේ? අවංක හිතවත්කම, තමන් වගේම අනෙක් අයත් සුවපත්ව සිටිනු දැකීමේ කැමැත්ත. සුවපත් කිරීමට උපකාර කිරීම. ඔබේ නිවස ගැන සිතන්න. බිරියක් හැටියට සැමියගෙත්, සැමිය හැටියට බිරියගෙත්, මවුපියන් දරුවන්ගෙත්, දරුවන් මවුපියන්ගෙත් සුවපත්වීම ගැන නිතර මෙනෙහි කරන්න. ඒ සුවය ගැන නිතර කතා බහ කරන්න. අන් අය සුවපත් කිරීමට සැපවත් කිරීමට කටයුතු කරන්න. ඒ විදිහට කළාම ඒ ගෙදර ඒ ආයතනය, ඒ රට මොන තරම් සහනශීලීද? මොනතරම් සුවදායීද? සාමය, සමගිය, සංහිඳියාව ඇති වෙනව නේද?

එක් එක් අයගේ පුංචි පුංචි අඩුපාඩු වලට ඔබ තරහවුණු වාර අප්‍රමාණයි. ඒ වෙලාවෙ ඔබේ තොල් සඟළා ඔබේ පපුව වේගයෙන් ගැහැණු හැටි සිතා බලන්න. කුමක්ද ඊට හේතුව තරහව ඇති වුණාම පින්වත්නි, සිරුරේ ලේ කළු පාට වෙනව. ලේ කළුපාට වුණාම සිරුරේ තිබෙන සෛල අඩපණ වෙනව කිව යුතු නොකිව යුතු දේ කළ යුතු නොකළ යුතු දේ වැටහෙන්නෙ නැහැනේ. තමන්ගෙ යටපත් වෙලා තිබුණු මෝඩකම් මතු වෙනව. නරක නපුරු කැත වචනවලින් බැණ වදිනව. අතට අසුවන දෙයින් පහර දෙනව. පැරැණි කියමනක් තියෙනව පින්වතුනි, මෝඩයෙක් මෝඩකමක් කළාම තරහ වෙන්නෙ පල්මෝඩයෙක් කියල. තරහව කියන්නෙ ගින්නක්. තරහව ඉක්මනින්ම ඉවත් කර නොගත්තොත් එයින් මුළු ජීවිතය ගිනිගෙන දැවෙනව. තරහව අඳුරක්. මෛත්‍රීය ආලෝකයක්. මෛත්‍රීය ශක්තියක්. මෛත්‍රීය ආශිර්වාදයක්. මෛත්‍රී සිතින් පොත බලන්න. එය හොඳින් මතක හිටිනව. මෛත්‍රී සිතින් ගමනක් යන්න. ගමනින් යහපත් ප්‍රතිඵල ලැබෙනව. මෛත්‍රී සිතින් කෑම ගන්න. එයින් සුවය ලැබෙනව. මෛත්‍රී සිතින් කෙනකු සුවපත් වේවා, යහපතක්ම වේවා කියා සිතන්න. ඔහු සුවපත් වෙනව. මෛත්‍රී සිතින් නින්දට යන්න. සුව නින්දක් ලැබේවි. ඔබේ සතුරා ඔබ ඉදිරියේ සිටින අයුරු සිතා මෛත්‍රී කරන්න. දිනෙන් දින ඔහු මිතුරු වේවි.

පළමුව ඔබේ සිත සුවපත් කර ගන්න. එවිට ඔබේ ගතද කතා බහ ද කටයුතු ද සුවපත්වේවි. එවිට ඔබට අන් අය ද සුවපත් කළ හැකි යි. උදෑසනත්, රාත්‍රියත් හැම මොහොතේම ඔබගේ සිත මෛත්‍රී සහගත කර ගන්න. එය ඔබ යහපත් පුරවැසියකු කරනු ඇත. ඔබ ගැබිණි මවක්නම් ඔබත් ඔබේ කුසහොත් දරුවාත් තෙරුවන් සරණින් සුවපත් වේවායි නිතර සිතන්න.

ඔබට යහපත් දරුවකු සුවපත්වූ දරුවකු එවිට බිහිකළ හැකි ය. මෛත්‍රීය එතරම්ම ප්‍රබල ය. නිතර වැඩූ මෙත් සිත සිරි සැප දෙනු ඇත. ඔබ සැවොම සුවපත් වෙත්වා! සැමට සම්මා සම්බුදු සරණයි.

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 26 වනදා සිකුරාදා අපරභාග 3.13ට ලබයි. 27 වනදා සෙනසුරාදා
අප රභාග 5.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
දෙසැම්බර් 26 වනදා
සිකුරාදා ය.

මීළඟ පෝය
ජනවාරි 4 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

Second Quarterඅව අටවක

ජනවරි 18

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]