සීනිගම පින්කම් මාලාවක්
සුනාමියෙන් මිය ගිය සීනිගම හා අවට ගම් වාසීන්ගේ සියලු ඥාති හිතවතුන්
සැමරීමට දෙසැම්බර් මස 26 දින සිට 2009 ජනවාරි මස 1 වැනි දින දක්වා
සතියක බෝධිපූජා පින්කම් මාලාවක් හා ධර්ම දේශනයක් පැවැත්වීමට සීනිගම
කුසුමාරාම පුරාණ මහා විහාරය හා ශ්‍රී දෙවොල් දේවාලය සංවිධාන කොට ඇත.
අකුරළ මංජුල තිස්ස හිමියන් ගේ දම් දෙසුමක් 26 වැනි දින උදේ 9 ට
පැවැත්වෙන අතර බෝධි පූජාව සවස 5.30 කුසුමාරාම විහාරයේදී පැවැත්වේ.
දෙසැම්බර් මස 27 සිට 2009 ජනවාරි මස 1 වැනි දින දක්වා සවස 5.30 සීනිගම
සණස සමිතිය, සීනිගම බටහිර සමෘද්ධි සංවර්ධන සමිතිය , ඩී.එච්. සම්පත්
විරාජ් , සීනිගම කිමිදුම් පාසලේ කාර්ය මණ්ඩලය හා සිසුන්ද සීනිගම
ඩී.අරුණ ක්‍රිෂාන්ත අභයරත්න යන සංවිධාන හා මහත්වරු විසින් සීනිගම ශ්‍රී
දෙවොල් දේවාලයේ බෝධි රාජයාණන් වහන්සේ ඉදිරිපිට මෙම බෝධි පූජාව සිදු
කිරීමට කටයුතු යොදා ඇති බව සීනිගම මහානාම මංගලසිරි මහතා කියයි. රටට
දැයට සමයට හා මිය ගිය රණවිරුවන්ට හා ත්‍රිවිධ හමුදාව හා පොලීසියට
සෙත්පතා මෙම බෝධි පුජාව පවත්වනු ලැබේ. |