කැලණියේ දුරුතු උළෙලට
දිනපතා
දහම් දෙසුම්
කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජ මහා
විහාරයේදී 2008 ජනවාරි 14 වනදා දක්වා දිනපතා රාත්‍රී 7 - 8 දක්වා ධර්ම
දේශනා මාලාවක් ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ
මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පිරිදි පැවැත්වේ.
ඉතිරිය»
දහමේ ආභාෂයෙන් පොහොසත් වූ
හෙළ සිරිත්-විරිත්
සමාජයේ සංස්කෘතික වශයෙන් සුවිශාල පරිවර්තනයක් සිදු වූයේ සම්බුදු දහම
ලැබීමෙන් පසුවය. ජන හදවත් තුළ සාමය, සහජීවනය, ආගන්තුක සත්කාර වැනි උසස්
සාරධර්ම වැඩි දියුණු කර ගැනීමට හැකි වූයේ ද සම්බුදු දහම තුළිනි.
පුද්ගලයා හා සමාජය අතර ගොඩ නැඟුන සබඳතාවය කාරුණිකත්වය හා සුහදත්වය මත
වඩා වර්ධනය විය. අපේ රටේ ජන සමාජයට බුදු දහම කේන්ද්‍ර කරගෙන යහපත්
සිරිත් විරිත් බද්ධ වී ඇති ආකාරය මෙරට ජන ජීවිතයේ සමාජ චර්යාවෙන්
මැනවින් පිළිබිඹු වේ.
ඉතිරිය» ධර්ම දේශනාව:
දුලබ කරුණු හතරක්
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස.
කිච්ඡෝ මනුස්ස පටිලාභෝ
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධංම්ම සවණං
කිච්ඡෝ බුද්ධානං උප්පාදො
පින්වත්නී,
මෙම ගාථා ධර්මය ධම්ම පදයේ බුද්ධ වග්ගයට අයත් වූවකි. මෙම ගාථා ධර්මය
දේශනා කිරීමට හේතු වූ කරුණ මෙසේය. පෙර කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ
ශාසනයෙහි විසි දහසක් අවුරුදු මහණ දම් පිරූ සිල්වත් භික්‍ෂූන් වහන්සේ
නමක් විය. උන්වහන්සේ එක්තරා දිනක දිගු ගමනක් යන අතරතුර ගංඟාවක් දැක
එයින් එතෙර වීම පිණිස එක්තරා එරු අත්තක් දැක එය අල්වා ගෙන ඔරුවට නැඟීය.
එවිගසම එරු අත්ත කැඩී අතට ආවේ ය. මෙය සුළු ඇවතක් යැයි සිතා ගණනකට නොගෙන
ඇවත් නොදෙසාම මහණ දම් පිරූහ. මෙසේ කල් ගතවිය. මෙම භික්‍ෂූන් වහන්සේගේ
මරණය වන වෙලාවෙහි මෙම කරුණ සිහිපත් වී මෙම එරු ඇත්ත කැඩීමෙන් වූ ඇවත
නිසා මගේ ශීලය අපිරිසුදු වී යයි විමතියක් ඇති විය. එකෙනෙහිම කළුරිය කොට
ඒරපත්ත නම් නාගරාජව උපන, එක් දිනක මෙම නා රජ බරණැස් නුවර මහරි රුක මුල
වැඩහුන් බුදුරජාණන් වහන්සේ වෙත එළඹ වැඳගෙන අඩන්න පටන් ගත්තේ ය. හඬන
කරුණක් බුදුන් විචාල කල්හි සිදු වූ සියලු සිද්ධිය කියා ‘ස්වාමීනී, මම
බුද්ධාන්තරයක් මුළුල්ලෙහි මිනිසත් බවක් නොලද්දෙමි. බුදු කෙනකු
නුදුටුයෙමි. බණ ඇසීමකුත් නොලැබුයෙමි ය’ කීහ. බුදුරජාණන් වහන්සේ ඒ අසා
ඉහත සඳහන් ගාථා ධර්මය දේශනා කළ සේක.
ඉතිරිය»
ගිහියා අවබෝධ කර ගත යුතු පැවිදිකමේ වටිනාකම
ජම්බුඛාදක සංයුක්තයෙහි අකීකරු සූත්‍රාගත ධර්ම පාඨයකින් ධර්ම කරුණු ගෙන
මෙම ලිපිය ඉදිරිපත් කරමි. සම්බුදු සසුනහි අති දුෂ්කර කාර්ය හතරක් ගැන
එහි සඳහන් වෙයි. අන්න ඒ දුෂ්කර කාර්ය හතර පිළිබඳ සැරියුත් මහ රහතන්
වහන්සේ එදා කරන ලද සාකච්ඡාවකුයි මෙහි දී විස්තර කිරීමට බලාපොරොත්තු
වන්නේ.
ඉතිරිය»
|