ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඇසළ අමාවක පෝ දා 2026 අගෝස්තු 12 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
දානය යනු පරිත්‍යාගයකි. පරිත්‍යාග කුසල කර්මයකි. දන් දෙන හැම දෙනාට ම සසර සුඛ සේ ම ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ලබා දෙන උතුම් නිවන් සුවය ලබා ගැනීමට උපකාර වන ඉතා වටිනා පුණ්‍ය කර්මයකි. දානය දීමට පෙරත්, දන් දෙන අවස්ථාවේදීත්, දානය පූජා කිරීමෙන් පසුවත් තමාගේ තුන් සිත පහදාගෙන දානය මහත්ඵල මහානිශංස කර ගැනීම ශ්‍රාවකයාට හැකියාව ඇත. දානය පාරමිතාවක් ලෙස දියුණු කර ගත යුත්තේ කෙසේද? පූජනීය නාඋයනේ අරියධම්ම මාහිමියන් විසින් රචිත මහත්ඵල ලැබීමට නම් මෙසේ දන් පින්කම් කළ යුතු ය, යන ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ පළ වේ. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්ධං සූපසන්න චිත්තෝ අභිසද්ධහං කම්ම ඵලං උළාරං තං වේදානං විපුල ඵලංති භ්‍රෑමිති තුන්ලෝකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අර්හත් වූ, සම්‍යක් සම්බුද්ධ, සර්වඥ රාජෝත්තමයන් වහන්සේ මහා කරුණාවෙන් ලෝ වැසි ජනතාවගේ සුවසෙත උදෙසා වදාළ දක්ඛිණ විභංග සූත්‍රයේ අවසාන ගාථාවයි ධර්ම දේශනාව සඳහා ඉදිරිපත් කරන්නට යෙදුණේ. යෝ සීලවා - යම් කෙනෙක් සීලවන්ත ව, සීලවන්තේසු දදාතිදා නං - සීලවන්තයන් හට දානයක් දෙනවා නම් ධම්මේන ලද්ධං - දැහැමින් ලද දානයක් දෙනවා නම් සුපසන්න චිත්තෝ - අතිශයින් ම ප්‍රසන්න සිතින් යුතු ව දානය දෙනවා නම් තං වේ දානං විපුල ඵලන්ථි භ්‍රෑමි - එම දානය මහත් ඵල, මහත් අනුසස් ගෙන දෙන දානයක් ය. කියන එකයි ගාථාවේ කෙටි තේරුම. මහා බෝසතුන් වහන්සේ බුද්ධත්වයට පත් වී අවුරුද්දක් ගිය තැන විසි දහසක් මහ රහතන් වහන්සේ සමඟ කපිලවස්තු නුවරට වැඩම කොට වදාළේ පිය මහ රජතුමාට ධර්ම අනුග්‍රහ කරනු පිණිසයි. හරියට වෙසක් පෝය දා උදා වුණා. තථාගතයන් වහන්සේ තම ඥාතීන්ට බුදුමහිම දක්වනු පිණිස අහසට පැන නැඟී රුවන් සක්මනක් මවා නිර්මිත බුදු රුවක් ද මවා, ඉරියව් මාරු කරමින්, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා කරමින්, යමාමහ පෙළහර පාමින් එම අවස්ථාවේ දී යමා මහ ප්‍රාතිහාර්ය පා වදාළා.
අගෝස්තු 12 බදාදා පූ.භා. 01.56න් අමාවක ලබා එදින අ.භා. 11.10න් ගෙවේ. 06 බදාද සිල්
අමාවක
අගෝස්තු 12
පුර අටවක
අගෝස්තු 20
පසළොස්වක
අගෝස්තු 27
අව අටවක
සැප්තැම්බර් 04
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]