ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඇසළ අමාවක පෝ දා 2026 අගෝස්තු 12 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
දඹදිව රජගහ නුවර පාලනය කළා එක් මගධ රජ කෙනෙක්. මේ රාජ්‍යයේ තිබුණා විශාල වනාන්තරයක්. එහි ජීවත් වුණා මුව රංචුවක්. රංචුවේ නායක මුවාටත්, නායක මුව බිසවටත් දාව අපගේ මහ බෝසතාණන් වහන්සේ එක් ආත්මයක මුවෙක් වෙලා උපත ලැබුවා. ඔහුට හිටියා මුව සහෝදරියක්. කලක් යන කොට මුව ධේනු සහෝදරියට මුව පැටියෙක් උපන්නා. ටිකෙන් ටික ලොකු වුණා. යමක් කමක් තේරුම් ගන්න පුළුවන් වයසටත් ආවා. මේ කාලයේ දී සහෝදරිය හිතනවා ‘මගේ මල්ලිට හොඳට පුළුවන් මෘග මායම්. මගේ දරුවටත් ටිකක් උගන්වන්න කියන්න ඕනෑ. නැති නම් දුකක්, කරදරයක් ආපු වෙලාවට නිකරුණේ මැරෙන්න තමයි වෙන්නේ හිතලා ‘මල්ලියේ මගේ දරුවටත් මෘග මායම් කියල දෙන්න බැරිද? කියලා දවසක් ඇහුවා. කොහොමටත් ලේ ඥාතීත්වයක් තියෙන සහෝදර සහෝදරියන් අතරේ උදව් කර ගැනීම් තියෙනවා. ඒත් මේ කාර්යය නම් ගුරුවරයාගෙන් ශිල්ප ඉගෙන ගැනීමක්. ඒ කටයුත්ත ආවාට ගියාට, ඥාතීත්වයට කරන්න පුළුවන්කමක් නෑ. සහෝදර වූ මුවාත් ඒ බව හොඳීන් ම දන්නවා. ඒ නිසා නැඟණියට කියනවා ‘නංගියේ, මට දරුවට මෘග මායම් උගන්වන්න නම් පුළුවන්. හැබැයි මම කියන විදිහට කටයුතු කරන්න ඕනෑයි කිව්වා. මොනවද කරන්න ඕනෑ. කොහොමද හැසිරෙන්න ඕනෑ. කීයටද ඉගෙනීමට එන්න ඕනෑ. කීය වෙනකම් ඉගෙන ගන්න ඕනෑද? ආදී වශයෙන් ඇතිවන හැම ප්‍රශ්නයකට ම පිළිතුරු වශයෙන් අවවාද හා අනුශාසනා දීලා හෙට උදේ අසවල් වේලාවට මගේ ළඟට එවන්න යැයි කියා සිටියා. මව් මුව ධේනුවත් දරුවා ළඟට ගිහින් කිව්වා ‘පුතේ, හෙට ඉඳලා නුඹ මාමාගෙන් මෘග මායම් ඉගෙන ගන්න ඕනෑ. වේලාවට ඉගෙනීමට යන්න ඕනෑ. කියන දේවලට හොඳීන් ඇහුන්කන් දීලා ඉගෙන ගන්න ඕනෑ. පුහුණුවලට යන්න ඕනෑ ආදී වශයෙන් උපදෙස් මාලාවක් ම ලබා දුන්නා. මුව පැටියාත් කියපු විදිහට ම වේලාවට ම ගුරුවරයා වූ මාමා ළඟට ගියා. ගුරුවරයා බොහොම සතුටට පත් වෙලා අලුත් ගෝලයා පිළිගත්තා. පළමු දවසේ ශිල්පය ලබා දුන්නා. දෙවැනි දෙවසෙත් වේලාවට ආවා. දෙවැනි දවසේත් ශිල්පය ලබා දුන්නා. මේ විදිහට මාස ගණනාවක් ශිල්පය ලබා ගන්න වේලාවට ගුරුවරයා සමීපයට ආවා. වේලාසනින් ඉගෙනීම අත්හැර සෙල්ලමට හෝ වෙනත් කටයුත්තකට හෝ පිටත්ව ගියේ නෑ. මවුපියන් ගෙන්නාගෙන ඇවිත් විවිධ හේතු දක්වලා පන්තියෙන් යන්න හිතුවේත් නෑ. කීකරු ව ශිල්පය ඉගෙන ගත්තා.
අගෝස්තු 12 බදාදා පූ.භා. 01.56න් අමාවක ලබා එදින අ.භා. 11.10න් ගෙවේ. 06 බදාද සිල්
අමාවක
අගෝස්තු 12
පුර අටවක
අගෝස්තු 20
පසළොස්වක
අගෝස්තු 27
අව අටවක
සැප්තැම්බර් 04
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]