ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ පොසොන් පුර අටවක පෝ දා 2026 ජූනි 21 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමඟ ලංකා ද්වීපය පුරා භික්ෂු ශාසනය පැතිරෙන්න පටන් ගත්තා. මේ හැම කටයුත්තකට ම උන්වහන්සේට උපකාර වුණේ එකල රාජ්‍ය කරපු දේවානම්පියතිස්ස රජතුමා. සම්බුද්ධ ශාසනය හෙළදිව පිහිටුවීමට නම් හෙළදිව උපන් කෙනෙක් හෙළදිව දීම ධර්ම-විනය අධ්‍යයනය කරලා හෙළදිව දීම උපසම්පදා වෙන්න ඕන බව මහරජතුමාට දැන ගන්න ලැබුණා. මේ නිසා රජතුමා ථූපාරාම විහාරය ගොඩනැඟුවා. ථූපාරාම මහා දාගැබ වටා දෙමහල්, තෙමහල් වගේ ම සිවුමහල් ගොඩනැඟිලිත් ඉදිකළා. විහාරය වටා ප්‍රාකාර ඉදිකළා. වැලි මළු සකස් කළා. මෙහෙම විහාරය හරියට දිව්‍ය විමානයක් වගේ ලස්සන කළා. නිතර හේවිසි පූජා නාදවලින් සැරසුවා. සුවඳ මල්වලින් අලංකාර කළා. කලක් යන කොට විහාරයේ භික්ෂූන් වහන්සේ තුන්දහසක් බවට පත් වුණා. මේ හැම දෙනා වහන්සේ ම විහාරයේ පවත්වාගෙන ගිය අසිග්ගාහක නම් පිරිවෙනෙන් ධර්ම-විනය අධ්‍යයනය කළා. ඒ හැම දෙනාවහන්සේ ම කාල සටහනකට අනුව කටයුතු කරන්න පටන් ගත්තා. මේ සංඝයා අතර හිටියා ‘චූලනාග කියලා තෙර නමක්. උන්වහන්සේගේ පුරුද්දක් තමයි පිණ්ඩපාත ධුතංගයෙන් ජීවත්වීම. ඒ නිසා හැමදාම ථූපාරාම මහා විහාරයේ අනුරාධපුර නගරයේ චන්ද්‍රවංක වීථියට වැඩම කරලා පිණ්ඩපාතය ලබාගෙන ඇවිත් අනෙක් භික්ෂූන්ටත් දීලා වළඳනවා. වළඳා ඉවර වුණාම පාත්‍රය හොඳට සෝදලා, වතුර පිසදමලා සුදුසු ස්ථානයක තැන්පත් කරනවා. ඊට පස්සේ සවස් කාලයේ ටික වේලාවක් විවේක ගන්නවා. දවසක් මෙහෙම විවේක ගනිමින් වැඩ ඉන්න කොට තමන් වහන්සේගේ ආවාසය ඉදිරිපිටින් නිතර නිතර සතෙක් කෑගසන ශබ්දයක් ඇහෙන්න පටන් ගත්තා. ඉවසන් ඉඳලා ටික වේලාවකින් දොර ඇරගෙන ඇවිත් බලන කොට දැක්කා බැල්ලක්. බොහෝම කුසගින්නෙන් වෙවුල වෙවුලා තමන් ඉදිරියේ ඉන්නවා. ඇය දරුවන් වැදූ මවක් බවත්, ඇයට කිසිම කෙනෙක් කෑම ටිකක් දී නැති බවත්, කුසගින්නෙන් පීඩා විඳින බවත් දැන ගත්තා.
ජුනි 21 ඉරිදා අ.භා. 03.28න් පුර අටවක ලබා 22 සඳුදා අ.භා. 03.46න් ගෙවේ. 21 ඉරිදා සිල්
පුර අටවක
ජුනි 21
පසළොස්වක
ජුනි 29
අව අටවක
ජූලි 07
අමාවක
ජූලි 14
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]