[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

ඓතිහාසික ලෙනගල ලෙන් විහාරය

සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගුරුගොඩ ඔය නිම්නයේ පිහිටා ඇති ඓතිහාසික ලෙනගල ලෙන් විහාරයට ප්‍රවේශ වීමට ප්‍රධාන මාර්ග දෙකක් ඇති අතර, වරකාපොළින් කරවනැල්ල මාර්ගයේ පැමිණ ගලපිටමඩින් හැරී කොටියාකුඹුර මාර්ගයේ කිලෝමීටර 15ක් පමණ ගමන් කළ විටත්, නුවර පාරේ නෙළුම්දෙනිය මංසන්ධියෙන් ගලපිටමඩ මාර්ගයෙන් ගමන් කර කිවුල්දෙණිය හංදියෙන් හැරී ගිය විටත් මෙම විහාරස්ථානයට ළඟා විය හැකි ය.​ කෑගල්ල දිස්ත්‍රික්කයේ බටහිර හෙල්වැටි කලාපයේ ඇති මෙම විහාරය වටා ලෙනගල, පහළ ලෙනගල, පහළ මායින්නොළුව, පරදෙණිය, පල්ලේපැල්පිට, උඩ පැල්පිට, දික්වාන යන ගම්මාන ඇති අතර, මෙම විහාරය ඇත්තේ ගල් පර්වත බහුල උස්බිමක ය. මෙම ලෙන් විහාරයේ ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා දිව යයි. මෙම විහාරස්ථානය මුලින් ම ඉදිකරන ලද්දේ වළගම්බා රජු (ක්‍රි.පූ. 89-77) බවත්, අවසන් වරට විහාරය ප්‍රතිසංස්කරණය කර ඇත්තේ සතර කෝරලේ ලෙව්කේ දිසාවේ විසින් බවත් ජනප්‍රවාදයේ කියැවේ. ජනප්‍රවාදයට අනුව වළගම්බා රජු දමිළයන්ගෙන් පැරදී, ඔවුන්ට විරුද්ධ ව යුද්ධ කිරීමට සේනා සංවිධාන කළේ ලෙනගල ආශ්‍රිත සල්ගල වන උද්‍යානයේ බව පැරැන්නන්ගේ පිළිගැනීමයි. එනිසා මෙම විහාරස්ථානය වළගම්බා රජු විසින් ආරම්භ කර ඇති බවත්, මෙහි පිළිම වහන්සේ ඉදිකරවා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් බවත් කියැවේ.

පොසොන් පුර අටවක

ජුනි 21 ඉරිදා අ.භා. 03.28න්
පුර අටවක ලබා 22 සඳුදා
අ.භා. 03.46න් ගෙවේ.
21 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 21  

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

Full Moonඅමාවක

ජූලි 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]