[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

රාජ්‍ය වෙසක් මහෝත්සවය අභිමානවත් ලෙසින් මාතර මිදෙල්ලවල පුරාණ විහාරයේ දී

අභිත්ථරෙථ කල්‍යාණෙ (පොදු යහපත පිණිස වහ වහා පෙළ ගැසෙමු) යන්න තේමා කර ගත් මෙවර ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර, තිහගොඩ, මිදෙල්ලවල පුරාණ විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ. වර්තමානයේ මිදෙල්ලවල පුරාණ මහා විහාරය අතීතයේ දී මිදෙල්ලවල විහාරය සහ මිදෙල්ලවල පන්සල ලෙස ද හඳුන්වා තිබේ. පැරැණි ලේඛනගත නාම අනුව මුචලින්දාරාමය, මුචලින්දවනාරාම යන නම්වලින් ද මේ විහාරය හඳුන්වා ඇති බව ජනශ්‍රැතියේ සඳහන් ය. විහාරයේ ඉතිහාසය සියවස් දෙකකට අධික බව පැරැන්නන්ගේ මතය යි. එමෙන්ම මේ විහාරයේ ආරම්භය රුහුණු මාගම්පත්තුවේ තිස්ස රාජමහා විහාරය හා සබැඳී බව ද ඓතිහාසික තොරතුරු අනුව සනාථ වේ. ක්‍රි. ව. 1818දී ඉදිකරවන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේ, 1932දී ඉදි කරවන ලද පැරැණි සංඝාවාස ගෘහය, 1890දී ඉදි කරන ලද පැරැණි ධර්ම ශාලාව සහ පසුව ඉදි වූ සමාධි බුද්ධ මන්දිරය සහ බෝධීන් වහන්සේ මේ විහාරබිමේ පෞරාණිකත්වය මැනවින් පෙන්නුම් කරයි. මිදෙල්ලවල පුරාණ විහාරයේ වර්තමාන විහාරාධිපති, තිහගොඩ සහ මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලවල ලේඛකාධිකාරී හක්මන ඥානවිමල නාහිමියන් විසින් මේ විහාරයට නව විහාරාංග එනම් සුවිසල් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ, අසූ මහා ශ්‍රාවක ප්‍රතිමා වහන්සේ, අෂ්ට මහා දේවාල පරිශ්‍රය, ශ්‍රී සර්වඥ ධාතු මන්දිර සහ අභිනව ශිෂ්‍ය නේවාසිකාගාර පද්ධතිය ආදිය එක් කළේ සම්බුදු සසුනේ උන්නතිය වෙනුවෙනි.

වෙසක් පුර පසළොස්වක

මැයි 30 සෙනසුරාදා පූ.භා. 12.00න් පුර පසළොස්වක ලබා 31 ඉරිදා අ.භා. 02.17න් ගෙවේ.
30 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මැයි 30 

Second Quarterඅව අටවක

‍‍‍ජුනි 08   

Full Moonඅමාවක

ජුනි 14

First Quarterපුර අටවක

ජුනි 21  

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]