[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

මහත් ඵල මහානිශංස ගෙන දෙන මෙත් සිත

බුදුරජාණන් වහන්සේ විසින් අපිට පෙන්වා දෙනවා පින් කරන ආකාර තුනක් තිබෙන බව. දන් පැන් දීමෙන් පින් රැස්වෙන විදිහත්, ඒ වගේම සිල් රැකීමෙන් පින් රැස් වෙන විදිහත්, ඒ වගේම තමයි මෛත්‍රි භාවනාව පුරුදු කිරීමෙන් පින් රැස්වෙන විදිහත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. දන්පැන් දීමෙන් රැස්වෙන පිනට වඩා සිල් රැකීමෙන් රැස්වෙන පින මහත් බවත්. සිල් රැකීමෙන් රැස්වෙන පිනට වඩා මහත් වූ පිනක් මෛත්‍රී භාවනාව පුරුදු කිරීමෙන් රැස්වෙන බවත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. ආකාසයේ කොතරම් තරු තිබුණත්, ඒ තාරකාවලින් ආකාසය ආලෝකමත් වෙන්නේ ඉතාම මද වශයෙන්. නමුත් යම් දවසක සඳ පායලා ඒ තාරකාවල ආලෝකය අභිබවා ආකාසය ආලෝකමත් වන්නේ යම් සේ ද, ඒ වගේ ප්‍රමාණ කරන්නට බැරි තරම් මහත් වූ පිනක්, අග්‍ර වූ පිනක් මෛත්‍රී භාවනාව පුරුදු කිරීමෙන් රැස්වෙන බව භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා. ඒ නිසා අපි මේ මෛත්‍රී භාවනාව පුරුදු කිරීමෙන් එහෙම නැත්නම්, මෙත් සිත පුරුදු කිරීමෙන් පින් රැස්කර ගන්නට අපි කවුරුත් පුරුදු වෙන්ට ඕන. මේක අමාරු දෙයක්. නමුත් අපි පුරුදු කර ගත්තොත් ඒක කාටත් පහසු දෙයක් බවට පත්වෙනවා. එහෙත් ආරම්භයේ දී අමාරු දෙයක් වගේ පෙනෙයි. ටික ටික මෙත් සිත පුරුදු කර ගත්තොත් ටික ටික මෛත්‍රි භාවනාව පුරුදු කර ගත්තොත් අපි හොඳින් මෛත්‍රී භාවනාව කරමින්, මෙත් සිත පුරුදු කරමින් මහත් සේ පින් රැස්කර ගන්නට පුළුවන් අය බවට පත්වෙනවා. ගොඩක් අයට තිබෙන ගැටලුවක් තමයි, “අපිට භාවනා කරන්නට වෙලාවක් නැහැ” කියන කාරණාව. ගෙදර දොරේ වැඩ රාජකාරි කටයුතු ආදි දේ නිසා බණ භාවනා කරන්නට වෙලාවක් නෑ කියන අදහස ගොඩක් අය අතර තිබෙනවා. ඒ නිසා ම ඒ අය මේ මෙත් සිත පුරුදු කරමින්, මෛත්‍රී භාවනාව පුරුදු කරමින් මහත් වූ පින රැස්කර ගන්නට තිබෙන අවස්ථාව මඟහැර ගන්නවා. හොඳින් අපි කල්පනා කළොත්. මෛත්‍රී සිත පුරුදු කරන්නට වුවමනා තරම් කාලය අපට තිබෙනවා. අපි ගෙදර දොරේ කටයුතු කරද්දී, දරුවන්ගේ කටයුතු කරද්දී, බිරිඳ ස්වාමියාගේ කටයුතු කරද්දී එහෙම නැතිනම් රැකී රක්ෂා කරන ස්ථානයේ ඒ අදාළ කටයුතු කරද්දී, අපේ සිතේ මෙත් සහගත සිතිවිලි පවත්වන්නට පුරුදු වුණොත්, එතකොට අපි මෛත්‍රි සිතෙන් යුක්තව වාසය කරන කෙනෙක් බවට පත්වෙනවා. යම් කෙනකුට බැලූ බැල්මට මෙය අමාරු දෙයක් වගේ තේරෙයි.


මැදින් පුර අටවක

පෙබරවාරි 24 අඟහරුවාදා
පූ.භා. 07.04න් පුර අටවක ලබා
25 බදාදා පූ.භා. 04.53න් ගෙවේ.
24 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 24   

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]