[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කුණ්ඩගල නාහිමියෝ 75 වැනි ජන්ම දිනය සමරති

කුණ්ඩගල නාහිමියෝ 75 වැනි ජන්ම දිනය සමරති

කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල කුණ්ඩගල මලියදේව අරහන්ත සේනාසනය, අඹගස්වැව ශ්‍රී ශෛලතලාරාමය, බමුණුගම ශ්‍රී සම්බෝධි විහාරය යන විහාරයන්හි විහාරාධිපති කම්මට්ඨානාචාර්ය පූජ්‍ය කිතුලම්පිටියේ ධම්මවීර නායක හිමියන්ගේ 75 වැනි ජන්ම දිනය ජනවාරි 29 දිනට යෙදුණි.

1952 ජනවාරි මස 29 දින ගාල්ල, කිතුලම්පිටිය ගම්පියසෙහි පාඨශාලාචාරිනි. එල්.ඩබ්ලිව්. කරුණාරත්න මාතාවට හා ව්‍යාපාරික ටී.ඩබ්ලිව්.කේ. ජයසිංහ මහතාට දාව පවුලේ වැඩිමලා ලෙස උපන් කුමරු ටී.ඩබ්ලිව්.කේ. වීරසිංහ විය.

තම පියාගෙන් ඓතිහාසික අරන්කැලේ දේව අරහත්ත සේනාසනයේ පැවිදි දිවියට පත් වීම නිසා වීරසිංහ මහතා ද නිතර අරන්කැලේ සේනාසනය හා සමීපව කටයුතු කළේ ය. එයින් ලද ආභාසය හේතුවෙන් වීරසිංහ මහතා ද තමා පියා අනුගමනය කරමින් ගිහි දිවියට සමුදෙන්නට තීරණය කළේ ය. ඒ අනුව ශ්‍රී ලංකා ස්වේජින් මහා නිකායේ අධිකරණ සංඝනායක, වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක, කිරිපෙද්දෙ පියදස්සි නායක හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස කිතුලම්පිටියේ ධම්මවීර නමින් පැවිදි දිවියට එක් විය.

අරන්කැලේ ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරමින් ශ්‍රී ලංකා ස්වේජින් මහා නිකායේ උපසම්පදා ලැබූ ධම්මවීර හිමියන් හිරියාල, තෙලඹියාව කුණ්ඩගල මලියදේව අරහන්ත සේනාසනයේ භාරකාරත්වයට පත්විය. ඒ අතර කුරුවිට මහා ශිල යෝගාශ්‍රමයේ ප්‍රධාන අනුශාසක ලෙසින්ද කටයුතු කළහ. අරාජික ව තිබූ හිරියාල අඹගස්වැව ශ්‍රී ශෛලතලාරාමය, බමුණුගම ශ්‍රී සම්බෝධි විහාරස්ථානයන්හි ද අධිපතිත්වය දරමින් එම විහාරස්ථාන වර්තමානයේ අංග සම්පූර්ණ විහාරස්ථාන ලෙස අලංකාරව සංවර්ධනය කර ඇත. එමෙන්ම කුණ්ඩගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත ව මෙහෙණි ආරාමයක් ද ආරම්භ කරන ලදි. සම්බුදු සසුනේ පැවැත්ම උදෙසා ගිලන් භික්ෂූන් වහන්සේ උදෙසා ධම්මවීර ගිලන් භික්ෂුහලද ආරම්භ කර ඇත. සසුනේ චිරස්ථිතිය උදෙසා ශිෂ්‍ය පුත්‍රයන් 50 ආසන්න ප්‍රමාණයක් පැවිදි දිවියට පත්කරමින් කරන ලද මෙහෙවර ප්‍රශංසනීය වේ. ප්‍රදේශයේ දහම් පාසල් හා පාසල් දරුවන් උදෙසා විවිධ අවශ්‍යතා සපුරමින් උදාර මෙහෙයක් ද සිදු කරති.

ශාසනික, ආගමික හා සමාජීය මෙහෙයන් උදෙසා තම දිවියම කැප කර ඇති කිතුලම්පිටිය ධම්මවීර නායක හිමියන්ට තෙරුවන් සරණින් නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ පතමු.

නවම්  පුර පසළොස්වක

පෙබරවාරි 01 ඉරිදා පූ.භා. 05.54න් පුර පසළොස්වක ලබා 02 සඳුදා පූ.භා. 03.41න් ගෙවේ.
01 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍පෙබරවාරි 01 

Second Quarterඅව අටවක

‍‍‍පෙබරවාරි 09    

Full Moonඅමාවක

පෙබරවාරි 16

First Quarterපුර අටවක

පෙබරවාරි 24   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]