සසර
පුරුදු
විනී නානායක්කාර
සැවැත්නුවර දෙව්රම් වෙහෙරට පැමිණි මිනිසුන් පස්දෙනෙක් බුදු හිමියන්ගෙන් බණ ඇසීමට
හිඳගනිති.
එක් අයෙක් එකඟ සිතින් යුතු ව මැනවින් බණ ඇසීය.
දෙවැන්නා නිදි කිරා වැටෙමින් ද, තෙවැන්නා ඇඟිල්ලෙන් බිම ඉරි අඳිමින් ද, සිවුවැන්නා
අසල වූ ගසක අතු සොලවමින් ද, පස්වැන්නා නිතර අහස දෙස බලමින් ද බණ අසති.
මෙම තත්ත්වය ආනන්ද හිමියන් විසින් භාග්‍යවතුන් වහන්සේගේ අවධානයට ලක් කළ විට පෙර
භවයන්හි ඇති කරගත් සංසාරික පුරුදු ඊට හේතු වී ඇති බව වදාළ සේක.
පළමුවැන්නා පෙර බ්‍රාහ්මණයකු ව සිට වේදය හැදෑරුවකු වන අතර, දෙවැන්නා නාගයෙක් ව දරණය
මත හිස තබා නිතර නිදාගත් බව ද, තෙවැන්නා ගැඩවිලකු ව සිට යනෙන ගමන් බිම ඉරි ඇඳි අයකු
වන අතර, සිවුවැන්නා වානරයකු ව සිට ගස්වල අතු සොලවමින් සිටි බව හා පස්වැන්නා අහසේ
තරු පිරික්සමින් නැකැත් කියූ අයකු බව ද වදාළ සේක.
පළමු තැනැත්තා පමණක් ධර්ම දේශනය අසා සෝවාන් ඵලයට පත් විය.
එදිනෙදා ජීවිතයේ දී දන්දීමේ පුරුද්දක් ඇතිකර ගැනීම එතරම් අපහසු ක්‍රියාවක් නොවේ.
තමන් ආහාර ගත් භාජනය සෝදා පවිත්‍ර කිරීමේ දී ඉඳුල් වතුර ටික පවා සතකුට ආහාරයක් වන
ලෙසට බැහැර කිරීම බුදු හිමියන් ද අනුදැන වදාළ සිරිතකි. සතියකට වරක් හෝ එක් වේලක්
නිරාහාර ව සිට දුගියකුට, යාචකයකුට ආහාර වේලක් ලබාදීම උතුම් ක්‍රියාවක් නොවන්නේ ද?
සිය බත්පතින් මිටක් කුරුල්ලන්ට ආහාර පිණිස උඩකින් තැබීම බොහෝ දෙනා නොකඩවා සිදු
කරති. දස පුණ්‍ය ක්‍රියාවන්ට අයත් ඉතිරි පුණ්‍ය ක්‍රියාවන්හි ද සුළු වශයෙන් හෝ
පුරුද්දක් ලෙස නිරත විය හැකි ය.
ශ්‍රී ලාංකේය පාරම්පරික ගැමි ජනයා සිය නිවෙසට අවේලාවක වුව ද පැමිණෙන ආගන්තුකයන්ට බත
බුලතින් සංග්‍රහ කළේ නැවත කිසිවක් අපේක්ෂාවෙන් නොවේ. වගා කටයුතුවල නිරත වූ ගොවියා
සිය වෙල් යායේ වනරොද අසලට වන්නට කුඩා කොටසක් පක්ෂීන් උදෙසා වෙන් කළ අතර, එය කුරුලු
පාලුව යි. එදා අප මුතුන් මිත්තන් සුරැකි එවැනි සාරධර්ම ජන සමාජයෙන් ගිලිහී යා නොදී
ආරක්ෂා කර ගැනීමට බෞද්ධයන් වන අප අධිෂ්ඨාන කරගත යුතු ය. |