පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය සහිත කෞතුකාගාරය
සෝමවතී පුදබිමේ ඉදිවෙයි
ආචාර්ය
පහමුණේ සුමංගල නාහිමි
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඇති පොළොන්නරුවේ
ඓතිහාසික රාජපූජිත සෝමවතී චෛත්‍යරාජයා වැඳපුදා ගැනීමට පැමිණෙන හා අධ්‍යාපනික
කටයුතුවල යෙදෙමින් පර්යේෂණාදී කටයුතු සිදු කරන සෑම දෙනාට ම ඉමහත් ප්‍රයෝජනයක්
සලසාලන ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය සහිත කෞතුකාගාරය ඉදි
කොට තිබේ.
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන්කොට රුහුණේ කාවන්තිස්ස
මහරජතුමාගේ නැඟෙණිය වන සෝමවතී දේවිය හා කැලණියේ කැලණිතිස්ස රජතුමන්ගේ බෑණනුවන් වන
අභය කුමරු විසින් ඉදිකරවන ලද රාජපූජිත බුදුරැස් විහිදෙන සෝමවතී චෛත්‍ය රාජයා සකල
ජනතාවගේ ම අපමණ ගෞරවයට, වන්දනාමානයට හා ආශීර්වාදය ලබා ගැනීමට පාත්‍රවී තිබෙන මහා
පුණ්‍යස්ථානයකි.
අද වනවිට මෙම චෛත්‍යස්ථානය සංවර්ධනය කරමින් පොළොන්නරුව සෝමවතී චෛත්‍ය රාජයා වෙත යන
මාර්ගය හා සෝමවතිය හා සේරුවිල දක්වා මාර්ගය සාදවා අත්‍යවශ්‍ය වූ ජලය, විදුලිය ආදී
යටිතල පහසුකම් හා ගංවතුරෙන් ආරක්‍ෂා වීම සඳහා හෙලිකොප්ටර් නතර කිරීමේ ස්ථානයක් ද,
බෝට්ටු ආදිය ද, දෙමහල් දර්ශනීය ධර්ම ශාලාවක් ද, රාජ්‍ය අනුග්‍රහයෙන්
ලබා දීමත්, සෙසු විහාර මන්දිරය ධර්‍මශාලාව, මළුපෙත්මන් සකස් කිරීම, බෝධීන් වහන්සේ
වටා රන් වැට ඉදිකිරීම ආදී වර්තමානයේ දක්නට ඇති සියලුම සංවර්ධන කටයුතු ලක්දිව නොයෙක්
ප්‍රදේශවල සැදැහැවතුන්ගේ ශ්‍රද්ධාදී ගුණසමුදාය නිසා ම සිදු කර ඇත. මේ හා සහසම්බන්ධ
වූ රජයේ හා පුද්ගලික ආයතන ඇතුළු සෑම සැදැහැවතුන්ටම ශ්‍රී දකුණු දළදා සමිඳුගේ
ආශීර්වාදය ලැබේවා’යි කෘතවේදී ව සිහිපත් කරමි.
මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා පර්යේෂණ
ආයතනයක් බවට මෙම ස්ථානය පත් කරමින් කෞතුකාගාරයක් සහිතව එම ගොඩනැඟිලි ඉදිකර ඇති අතර,
එම ගොඩනැඟිල්ල විවෘත කරමින් සම්බුද්ධ ශාසනයට පූජා කිරීම අද වප්පුර පසළොස්වක පොහෝ
දින අතිගෞරවාර්‍හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාරවංශික
ස්‍යාමෝපාලී මහානිකාය් මල්වතු පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ නිති
ආශීර්වාද ලබමින්, සකල ලංකාවාසී මහා සංඝ රත්නයේ හා සෝමවතී රාජමහ විහාරස්ථානය හා
සහසබම්බන්ධවූ හා සම්බන්ධ වන සකල ජනතාවගේ ආශීර්වාද මධ්‍යයේ ජනාධිපතිතුමන්ගේ පින්බර
සුරතින් සිදු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
|