ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ වප් අමාවක පෝ දා 2025 ඔක්තෝබර් 20 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කාල කළමනාකරණය කියන එක ඉතාමත් වැදගත් සංකල්පයක්. මේකට කාලසටහනක් අප යොදා ගත යුතු වෙනවා. අද පිළිගෙන තිබෙන ඉතා වැදගත් මූලධර්මයක් තමා ඕනම ආයතනයක්, සංස්ථාවක් සාර්ථක ව ප්‍රතිඵල ලබා ගැනීමට නම්, ඊට දිගුකාලීන ව සකස් කර ගන්නා ඉලක්කගත සංයුක්ත සැලැස්මක් යොදා ගැනීම. එය අවුරුදු පහකට, සමහරවිට දහයකට හෝ ඊටත් වැඩි කලකට වෙන්නටත් පුළුවන්. ඉතින් මේ දිගුකාලීන සැලැස්ම සඳහා ඉලක්කගත අරමුණූු පවතිනවා වගේම ඒ දිගුකාලය වසරක් බැගින් වෙන් කරලා ඊට කෙටිකාලීන වශයෙන් සමස්ත අරමුණ සඳහා කෙටිකාලීන ඉලක්ක පවත්වා ගන්නවා. දිගු කාලය අවසන් වන විට ප්‍රධාන සැලැස්මේ අරමුණූු සියල්ල ඉටු කර ගැනීමේ වැඩපිළිවෙළ සඵල වෙනවා. මෙය අලුත් සංකල්පයක් ලෙස අපට බැලූ බැල්මට පෙනෙනවා. එහෙත් මේ සංකල්පය මුලින් අපට පෙන්වා දී තිබෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ යි. ඒ පිළිබඳ හොඳම කාරණය තමා බුදුරජාණන් වහන්සේගේ දින චර්යාව. උන්වහන්සේ එහිදී දවසේ කාල කළමනාකරණය පිළිබඳ අපට පෙන්වා දෙන ආදර්ශය අතිශයින් වැදගත් වෙනවා. උන්වහන්සේ දවසේ පැය විසිහතර කොටස් පහකට බෙදා වෙන් කරනවා. පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදියම් කිස හා පැසළුයම් කිස වශයෙන්. ඉතින් මේ කාල කළමනාකරණය තුළ බුදුරජාණන් වහන්සේ විසින් අරමුණු කරගත් ඉලක්ක සියල්ල සපුරා ගත්තේ කිසිදු අපහසුවකින් තොරව යි. මේ දින චර්යාවේ දී උන්වහන්සේ වැඩිපුරම කාලය වෙන් කර තිබුණේ ශාස්තෘවරයකු වශයෙන් උන්වහන්සේ වෙතින් ජනතාව අපේක්ෂා කරන අරමුණූ සපල කර දීමටයි. එහිදී උන්වහන්සේ පක්ෂ, පාට, වර්ග, කුලමල දෙස අවධානය යොමු කළේ ම නැහැ. උන්වහන්සේට අවශ්‍ය වුණේ තමන් වහන්සේ හමුවට පැමිණෙන අහිංසක පුද්ගලයා වෙහෙසකට පත් නොකර ඔහු අපේක්ෂා කරන අරමුණ ඉටු කර දීම යි. මේ නිසා තමා උන්වහන්සේ හමුවට පැමිණි බඩගින්නේ පෙළෙන ගොවියාට ආහාර දී සතප්පවා අනතුරුව තමන් වහන්සේ අවබෝධ කර ගත් උතුම් දහම බෙදා දීමේ අරමුණ ඉටු කර ගත්තේ. මේ කාරණය පිළිබඳ ව මොහොතකට කල්පනා කළොත් එයින් උන්වහන්සේ දී ඇති ආදර්ශය අද දවසේ ජීවත් වන අපට කොතරම් වැදගත් වෙනවා ද යන්න අප සිතිය යුතු ය.
ඔක්තෝබර් 20 සඳුදා අ.භා 03.48 අමාවක ලබා 21 අඟහරුවාදා අ.භා 05.58න් ගෙවේ. 20 සඳුදා සිල්
අමාවක
ඔක්තෝබර් 20
පුර අටවක
ඔක්තෝබර් 29
නොවැම්බර් 05
පසළොස්වක
නොවැම්බර් 12
අව අටවක
නොවැම්බර් 19
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]