ශ්රී බුද්ධ වර්ෂ 2569 ක් වූ වප් අව අටවක පෝදා 2025 ඔක්තෝබර් 13 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අතීතය, වර්තමානය හා අනාගතය යනු අපි ජීවත්වන කාලයේ අවස්ථා තුනකි. වර්තමානය යනු මේ මොහොතේ අප ජීවත්වන කාලයයි. ජීවත් වී අවසන් වූ කාලය අතීතය නම් වන අතර, ඉදිරියේ දී ජීවත්වීමට අපේක්ෂා කරන කාලය අනාගතය නම් වේ. මෙයින් අතීත කාලය ගැන අපට බොහෝ දේ කියන්නට ඇත. අප අතර ජීවත්වන බොහෝ අය අතීතය ගැන සිතා උද්දාමයෙන් මුමුණන අවස්ථා ඔබ දැක ඇත. අපට සුන්දර අතීතයක් තිබුණා. ඒත් ඒක දැන් දකින්නට නැහැ, යැයි අබිමානයෙන් කියන්නෝ ද ඒ අතර වෙති. එසේම අපේ අතීතය නම් මිහිරි නැහැ. බොහෝ කටුක අත්දැකීම්වලට අපි මුහුණ දුන්නා යැයි අතීතය ගැන දුක්මුසුව සිහි කරන්නෝ ද වෙති. අනාගතය සම්බන්ධයෙන් ද කිවයුතු වන්නේ මෙබඳු ම දෙයකි. සමාජයේ බොහෝ අය අනාගත බලාපොරොත්තු හා සිහින මාළිගා ගැන මුමුණති. එම සිහිනය සැබෑ කර ගැනීම සඳහා කිසියම් නිශ්චිත වැඩපිළිවෙළක් නැතත් තම අනාගත සිහිනය ගැන දිවා රෑ සිතමින් ද, කියමින් ද සමහරු කල් ගෙවති. අතීතය සහ අනාගතය සම්බන්ධයෙන් මිනිසුන් මෙසේ සිතීමෙහි ඇති වැරදි හෝ නිවැරදි බව පිළිබඳ ව ඔබට විවිධ උපකල්පනයන් තිබිය හැකි ය. එහෙත් එම උපකල්පනයන්ගේ යථාර්ථය ගැන මනසින් දැකීම ඔබගේ සාර්ථකත්වයට පිටිවහලක් වනු නො අනුමාන ය. වරක් එක්තරා දෙවියෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේගේ ශ්‍රාවකයන් ඉතා සතුටින් හා පි‍්‍රය මුසුව ජීවත්වීමට හේතුව කුමක් දැයි බුදුරදුන්ගෙන් විමසීය. එයට බුදුරජාණන් වහන්සේගේ සෘජු පිළිතුර වූයේ ඔවුන් අතීතය ගැන පසුනොතැවෙන බවත් අනාගතය ගැන ප්‍රාර්ථනා නැති බවත්, වර්තමානයේ ජීවත්වන බවත් ඊට හේතුව බවයි. කෙනෙකුගේ අතීතය යනු ඔහුගේ වර්තමානය බව බොහෝ දෙනා නො දන්නා කරුණකි. ඔබ මේ පුවත්පත කියවන මෙම මොහොත තවත් සැණෙකින් අතීතයක් බවට හැරේ. එම නිසා ඔබගේ මෙම මොහොත යහපත් නම් ඔබගේ අතීතය ද යහපත් වූවක් වේ. එසේම ඔබගේ අනාගතය යනු ඔබගේ වර්තමානය සමඟ සම්බන්ධ වන ඊළඟ මොහොතයි. ඔබගේ මෙම මොහොත යහපත් වීම යනු අනාගතය යහපත් වීමකි. මේ නිසා අතීතය යන්නත්, අනාගතය යන්නත් පවතින්නේ වර්තමානය තුළ ය. වර්තමානය හෙවත් අප ජීවත්වන මෙම මොහොත ගැන වඩාත් පැහැදිලි අවබෝධයක් තිබීම මිනිස් ජීවිතයේ දී ඉතා වැදගත් කරුණකි.
ඔක්තෝබර් 13 සඳුදා අ.භා 12.31 අව අටවක ලබා 14 අඟහරුවාදා පූ.භා. 11.15න් ගෙවේ. 13 සඳුදා සිල්
අව අටවක
ඔක්තෝබර් 13
අමාවක
ඔක්තෝබර් 20
පුර අටවක
ඔක්තෝබර් 29
නොවැම්බර් 05
පසළොස්වක
නොවැම්බර් 12
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]