[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

ඓතිහාසික පින්බිමක අසිරිය විඳින්න ඇඹුල්ගම රජමහ වෙහෙරට

කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි රාජමහා විහාර අතළොස්ස අතරින් ඇඹුල්ගම රාජමහා විහාරයට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. මහින්දාගමනය සිදු වූ ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවසේ දේවානම්පියතිස්ස රජ දවස දක්වා මෙම විහාරස්ථානයේ ආරම්භය දිව යයි. හැඹලව වනාන්තරය පීරායන මහ ගල් පර්වතයක් ඇසුරු කරගෙන එහි පෙළින් පෙළ නැඟුණු මෙම විහාරස්ථානයේ පෞරාණික නටබුන් මෙන්ම වත්මන් ගොඩනැඟීම් දුටුවන් නෙත් සිත් විස්මයට පත් කරවනසුලු ය. අගනුවරට ආසන්නයේ හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ අපූර්ව පිහිටීමක ස්ථාපිත මෙම රාජමහා විහාරයේ වත්මන් විහාරාධිපතිත්වය දරන්නේ ගන්කන්දේ බෝධිවංශ ස්වාමීන් වහන්සේ ය. ඇඹලව රත්ගල් වෙහෙර, ඇඹල්හැළු වෙහෙර, හැඹල රත්ගල් වෙහෙර, ඇඹිල්ගාල විහාරය, ඇඹුල්ගම නින්දගම යන නම්වලින් හඳුන්වන ඓතිහාසික ඇඹුල්ගම රාජමහා විහාරයේ ගල්ලෙන් ආශි‍්‍රත ව අනුරාධපුර යුගයේ භික්ෂූන් වහන්සේ බවුන් වැඩූ බවට සාක්ෂි හමුවී ඇත. මෙම පෞරාණික භූමිය දෙතිස්ඵල බෝධීන් වහන්සේ රෝපණය කළ ඓතිහාසික ස්ථානයක් වීම ද විශේෂත්වයකි. දඹදෙණි රාජධානි යුගයේ තුන්වැනි විජයබාහු රජ දවස වත්තල නාගසේන ස්වාමීන් වහන්සේට මෙම පුදබිම ආශි‍්‍රත ප්‍රදේශය පූජා කර තිබේ. අනතුරුව භික්ෂූන් වහන්සේ බවුන් වඩන ආරණ්‍ය සේනාසනයක් ලෙස මෙම විහාරය භාවිත කර ඇත. සීතාවක රාජධානි සමයේ දී සීතාවක රාජසිංහ රජු හින්දු ආගම වැලඳ ගැනීමත් සමඟ මෙම ප්‍රදේශයේ බෞද්ධ වෙහෙර විහාර විනාශ කරමින් ප්‍රචණ්ඩකාරී ව කටයුතු කර තිබේ. ඒ අනුව රාජසිංහ රජු විසින් ඇඹුල්ගම රාජමහා විහාරය ද කඩා බිඳ දමා එහි වැඩ සිටි භික්ෂූන් පළවා හරින්නට කටයුතු කළ බව ඉතිහාසයේ සඳහන් වේ. අනතුරුව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යුගවල දී මෙම පුදබිම විවිධ ආක්‍රමණයන්ට ගොදුරු විය. ඒ කාලයේ දි මෙම විහාරයේ වැඩ විසූ භික්ෂූන් වහන්සේ පලවා හැර මෙහි ඉඩම් බටහිර ගැති දේශීය විදේශීය පිරිස්වලට ලබා දුන් බව ඉතිහාසයේ සඳහන් වෙයි. කෙසේ වුවත් 1798 වසරේ දී බෙන්තර සෝණුත්තර ස්වාමීන් වහන්සේ විසින් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් මෙම විහාරය සතු ඉඩම් ඉල්ලා විශාල අරගලයක් සිදු කරනු ලැබ තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් පුස්කොළ සන්නසකින් මෙම විහාරය නැවතත් සඟරුවනට පූජා කර තිබේ. “බෙන්තර තෙරුන්නාන්සේ ඉල්ලා සිටි හෙයින් පළමු විහාරය කරවා තිබූ තැනින් මෙම විහාරය පූජා කළ වගයි” යනුවෙන් සඳහන් එම ඓතිහාසික පුස්කොළ සන්නස ඇඹුල්ගම විහාරයේ අදට ද දැක ගත හැකි ය.

වප් පුර පසළොස්වක

ඔක්තෝබර් 13 සඳුදා අ.භා 12.31 අව අටවක ලබා 14 අඟහරුවාදා පූ.භා. 11.15න් ගෙවේ.
13 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 13  

Full Moonඅමාවක

ඔක්තෝබර් 20 

First Quarterපුර අටවක

ඔක්තෝබර් 29   

First Quarterපුර අටවක

නොවැම්බර් 05   

Full Moonපසළොස්වක

නොවැම්බර් 12 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]