ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ වප් අව අටවක පෝදා 2025 ඔක්තෝබර් 13 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ලොව ඉපැරණි ශිෂ්ටාචාර ලෙස සැලකෙන ග්‍රීක, රෝම, මිසර, මොහෙන්දජාරෝ, හරප්පා වැනි ශිෂ්ටාචාර පැවති යුගයේ සිට වර්තමානය දක්වා ක්රමික ව ව්‍යාප්ත වූ ඉතා ජනප්‍රිය කලාංගයක් ලෙස ‘ප්‍රතිමා ශිල්පය’ හඳුන්වා දිය හැකි ය. ප්‍රතිමා යන්නෙහි අදහස “වැඳුම් පිදුම් සඳහා උපයෝගී කරගන්නා නොහොත් විවිධ ආගමික ඇදහිලිවලට සම්බන්ධ වන දෙවියකු හෝ ශාස්තෘවරයකු නිරූපණය කරන මූර්ති ලෙස දැක්විය හැකි ය. චිත්‍ර, කැටයම් හා මූර්ති වැනි කලා මාධ්‍ය මගින් මෙබඳු ප්‍රතිමා නිර්මාණය කළ හැකි ය. ලොව පළමුවෙන් ම බුද්ධ ප්‍රතිමා හා බෝධි සත්ත්ව ප්‍රතිමා නිර්මාණය කිරීම පිළිබඳ ගෞරවය හිමිවන්නේ භාරතීය කලාකරුවාට යි. ලොව සමාරම්භක බුද්ධ ප්‍රතිමා පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබෙන්නේ භාරතයෙන් වීම එයට හේතුව යි. භාරතයෙහි බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමේ සමාරම්භක අවස්ථාව පිළිබඳ කරුණු සෙවීම දුෂ්කර ය. බුදුරදුන් ධරමාන සමයේ දීම බිම්බිසාර රජු විසින් කරවන ලද රත්සඳුන් බුද්ධ ප්‍රතිමාවක් පිළිබඳ කරුණු කෝසලබිම්බ වර්ණනාවෙන් හමු වෙයි. එහෙත් එම ප්‍රතිමාව පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක මඟින් කරුණු තහවුරු කළ නො හැකි ය. බුද්ධ පරිනිර්වාණයෙන් ශත වර්ෂ 05 ක් පමණ ඉක්ම යනතුරු බුද්ධ ප්‍රතිමා නිර්මාණයක් සිදු නො වුණි. එය හුදෙක් බුදුරදුන් වූ කලී සුවිශේෂී පුද්ගලයෙකි, යන සංකල්පය නිසා මිස භාරතීය කලා ශිල්පීන් ගේ අපොහොසත්කම නිසා හෝ ත්රිපිටකාගත තහනමක් නිසා හෝ සිදුවූවක් නොවේ. මෙම කරුණ සනාථ කිරීමට දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රයෙහි සඳහන් ප්‍රකාශයක් බෙහෙවින් ම වැදගත් වෙයි. “තථාගත බුදුහුගේ ශරීරය මුලින් සිඳනා ලද භව තෘෂ්ණා ඇත්තේ සිටී. යම්තාක් කල් ඒ බුදුහුගේ කය සිටින්නේ ද, ඒ තාක් දෙව් මිනිස්සු උන් වහන්සේ දක්නා හ. කය බිඳීමෙන් ජීවිතය පරික්ෂීණවීමෙන් මත්තෙහි දෙව් මිනිස්සු බුදුරදුන් නො දක්නා හ.” පැරැණි කලාකරුවා බුද්ධරූපය නිර්මාණය කිරීමට උත්සාහ නොකළේ බුද්ධ රූපය පිළිබඳ මෙකී දෘෂ්ටිය ගැන ප්‍රමාණාත්මක දැනුමක් ලබා සිටි හෙයිනි. බුදුරදුන් දේශනා කළ ධර්මය ජීවමාන බුදුවරයෙකු සේ හඳුනාගත හැකි තත්ත්වයක පවතී. සංයුක්ත නිකායගත පහත පාඨයෙන් ඒ බව මනාව පැහැදිලි වෙයි. “පරිනිර්වාණයෙන් පසු උත්තම පුරුෂ වූ උතුම් ඵලයට පැමිණි තථාගතයන් වහන්සේ විද්‍යමාන ද? නැත් ද? නො එසේ නම් ඒ දෙකම නොවේ ද? හෝ අන් එකක් වේ ද නොවේ ද? යන සතර තැන් උන් වහන්සේ විෂයෙහි අදාළ නො වේ.
ඔක්තෝබර් 13 සඳුදා අ.භා 12.31 අව අටවක ලබා 14 අඟහරුවාදා පූ.භා. 11.15න් ගෙවේ. 13 සඳුදා සිල්
අව අටවක
ඔක්තෝබර් 13
අමාවක
ඔක්තෝබර් 20
පුර අටවක
ඔක්තෝබර් 29
නොවැම්බර් 05
පසළොස්වක
නොවැම්බර් 12
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]