යහපත අයහපත නොතේරෙන තැන ...
වඩිනාගල පඤ්ඤාලෝක හිමි
විවිධ සිත් ඇදගන්නා භෞතික වස්තූන් නිර්මාණය වීම සහ ඒවා පහසුවෙන් ළඟා කර ගැනීමට ඇති
හැකියාව පුද්ගලයින් අසීමාන්තික ඉන්ද්‍රිය උත්තේජනයකට ලක් කරයි.
ලෞකික දිවියක් ගත කරන පුද්ගලයා ඉන්ද්‍රිය පිනවීමට යොමුවීම වරදක් ලෙස බුදු දහමේ
බාධාවක් නැත. එහෙත් එම ක්‍රියාව තමාටත් සමාජයටත් හානි නො වන ලෙස සිදු කළ යුතු බව
බෞද්ධ මතය යි. අද අප භාවිත කරන පොදු මෙවලම් වන ජංගම දුරකථනය, අන්තර්ජාලය,
රූපවාහිනිය ආදිය යොදා ගනිමින් පුද්ගලයා ඉන්ද්‍රිය සැපයුම පමණක් සොයා යන අයකු බවට
පත්කිරීමේ වෑයමක් අපට දැක ගත හැකි ය. මෙය පුද්ගල සෞඛ්‍යයෙහි සමතුලිත බව බිඳ හෙළීමට
හේතුවකි.
මත්ද්‍රව්‍ය භාවිතයට හුරු කිරීම, නිරුවත් හෝ අඩ නිරුවත් මිනිස් රූප නැරඹීමට පෙළඹවීම
සහ අටනකුත් විවිධාකාර අපචාරයන් පතල කිරීම සමාජයේ යහපැවැත්මට හානියකි. මෙකී අපචාරයට
ගොදුරුවූ පිරිස් අතර ළමාවියේ පසුවන්නන්, ගැටවර, තරුණ සහ වැඩිමහල් ආදී සියලු වයස්
කාණ්ඩවලට අයත් පුද්ගලයෝ වෙති. ඔවුන්ගේ මානසික ස්වභාවය පරිවර්තනයට ලක්ව ඇතැම් විට
මිනිස් බවින් පහළට ඇදවැටී කටයුතු කිරීමට පොළඹවන අවස්ථා පිළිබඳ වාර්තා අනන්ත ය.
වර්තමානයෙහි කතා බහට ලක්වෙන ගැටලුවක් ලෙස අන්තර්ජාලයට ඇබ්බැහිවීම හඳුනා ගැනේ. එහි
ලක්ෂණයක් වන්නේ පුද්ගලයා සමාජ ක්‍රියාකාරීත්වයන්ගෙන් ඉවත්ව පරිගණක ඔස්සේ
අන්තර්ජාලයට සම්බන්ධව කාලය ගත කිරීම යි.
නූතන තාක්ෂණික දියුණුව විසින් නිර්මාණය කරන ලද ගැටලුවලින් බිඳක් පමණක් අප ඉහත දැක්
වූ අතර මෙම ගැටලු විසඳීමට දායකත්වය දැක්වීම අපගේ යුතුකමකි. පුද්ගල චර්යාව තුළට
සමතුලිත බව ලබාදීම බොහෝ ගැටලු සමථයට හේතු වේ. මධ්‍යම ප්‍රතිපදාව තුළ ඇතුළත් සීලය
හෙවත් සදාචාර ශික්ෂණය ජීවිත සකස්කර ගැනීමට යොදාගත හැකි ය. ඉන්ද්‍රිය සංවරය ගිහි
පැවිදි සැමට අවශ්‍ය ය. එය, තමා විසින් ම තේරුම් ගෙන අධිෂ්ඨානයෙන් හා සිහියෙන්
යුක්තව කටයුතු කිරීම මඟින් බාහිරින් එල්ල වන පෙළඹවීම්වල බලපෑම අවම කිරීමට උපකාරී
වේ.
සංකීර්ණ ජීවන වටපිටාවක ජීවත් වන අප හට වෙන කවරදාටත් වඩා ප්‍රඥාව අත්‍යවශ්‍ය ය. අප
ඉදිරියට පැමිණෙන සෑම කරුණක් දෙස ම සමීප ව විමර්ශනය කිරීමටත්, එය වැළඳ ගත යුතු ද,
ප්‍රතික්ෂේප කළ යුතු ද යන්න නිගමනය කිරීමට ද යහපත සහ අයහපත කවරේදැයි වැටහෙන සිහි
නුවණක් තිබිය යුතු ය. ප්‍රඥාව යනු ද එය ම ය. මධ්‍යම ප්‍රතිපදාව අනුව යමින් සීල,
සමාධි සහ ප්‍රඥා වැඩීම මඟින් මනසේ අවධි බව ලබා ගත හැකි ය. |