ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ වප් අමාවක පෝදා 2024 ඔක්තෝබර් 31 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සත් සිත් දහම් පවනින් යළි පුබුදු වෙලා සිත් විල් පුරා සියපත් රුව ජනිත වෙලා විස් මිත ලෙසින් සැම පන්සල් පහන් වෙලා වප් පුර පොහෝ සඳ නිලඹර මෝදු වෙලා
සාමය පරයමින් ලොව ගිනි ඇවිළෙන්නේ කාමය නිසාමයැ කිසිවෙක් නොසිතන්නේ පේ‍්‍රමය සිත්වලින් ගිලිහී වියැකෙන්නේ කාලය අදින් පසු හෝ යළි හොඳවෙන්නේ
අට මහ කුසල් වඩවා ගත හැකි යුගයක් රට වට කඨින සිරි විහිදන නව එළියක් වට කොට තරු, තරිඳු වප් පුර දා මිහිරක් විටකෙදි ලොවට මේ පෝයත් අම සුවයක්
හඬ බෙර නැටුම් හෙළ සිරිතට අසම සම කුඩ ධජ සමඟ කලඑළි බැසැ නගර ගම උඩ යට මවන අසිරිය දෙව් ලොවක් සම ඉඩ කඩ ලබා දේ ගමනට දිනෙක අම
මෙත් බෝ සතුන් දින සසුනට දෙපිය තැබූ සැරියුත් රහත් හිමි අගසව් පදවි ලැබූ සංගායනාවක් විනයෙහි පිටක හෙබූ වප් පෝ දිනේ වුණු දෑ සක් හඬින් පිඹූ
සඟමිත් මහා තෙරණිය සිරිමා බෝධි දකුණත් ඵල රැගෙන විත් එතෙරින් ඈදි අනුලා දේවියත් ගිහිගෙය හැර පෑදී සසුනට ඇතුළු වූයෙත් මේ යුගයේදී
කලාභූෂණ කිවිපති, ශාසනකීර්ති දේශාභිමානී ඩබ්ලිව්. කේ. සරත් විමලසිරි
ඔක්තෝබර් 31 බ්‍රහස්පතින්දා අ.භා. 03.53 අමාවක ලබා නොවැම්බර් 01 සිකුරාදා අ.භා. 06.16 ගෙවේ. 31 බ්‍රහස්පතින්දා සිල්
අමාවක
ඔක්තෝබර් 31
පුර අටවක
නොවැම්බර් 09
පසළොස්වක
නොවැම්බර් 15
අව අටවක
නොවැම්බර් 23
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]