පෝය වර්ණනාව
සත් සිත් දහම් පවනින් යළි පුබුදු වෙලා
සිත් විල් පුරා සියපත් රුව ජනිත වෙලා
විස් මිත ලෙසින් සැම පන්සල් පහන් වෙලා
වප් පුර පොහෝ සඳ නිලඹර මෝදු වෙලා
සාමය පරයමින් ලොව ගිනි ඇවිළෙන්නේ
කාමය නිසාමයැ කිසිවෙක් නොසිතන්නේ
පේ‍්‍රමය සිත්වලින් ගිලිහී වියැකෙන්නේ
කාලය අදින් පසු හෝ යළි හොඳවෙන්නේ
අට මහ කුසල් වඩවා ගත හැකි යුගයක්
රට වට කඨින සිරි විහිදන නව එළියක්
වට කොට තරු, තරිඳු වප් පුර දා මිහිරක්
විටකෙදි ලොවට මේ පෝයත් අම සුවයක්
හඬ බෙර නැටුම් හෙළ සිරිතට අසම සම
කුඩ ධජ සමඟ කලඑළි බැසැ නගර ගම
උඩ යට මවන අසිරිය දෙව් ලොවක් සම
ඉඩ කඩ ලබා දේ ගමනට දිනෙක අම
මෙත් බෝ සතුන් දින සසුනට දෙපිය තැබූ
සැරියුත් රහත් හිමි අගසව් පදවි ලැබූ
සංගායනාවක් විනයෙහි පිටක හෙබූ
වප් පෝ දිනේ වුණු දෑ සක් හඬින් පිඹූ
සඟමිත් මහා තෙරණිය සිරිමා බෝධි
දකුණත් ඵල රැගෙන විත් එතෙරින් ඈදි
අනුලා දේවියත් ගිහිගෙය හැර පෑදී
සසුනට ඇතුළු වූයෙත් මේ යුගයේදී
කලාභූෂණ කිවිපති,
ශාසනකීර්ති දේශාභිමානී
ඩබ්ලිව්. කේ. සරත් විමලසිරි |